
(අංජුල මහික වීරරත්න)
"අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්" බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු.
දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි" යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකු හොරාට සුනාමි හොරාව හමු වූ ඒ සුන්දර මොහොත. "කවුද හොරා මහින්ද හොරා" " මහ බැංකු හොරාව හිරේ දාන්න අපිට චන්දෙ දෙන්න " මීට සුනාමි හොරා
එකිනෙකාට සහයෝගය දීම හරිම වැදගත්, කාටත් ආදර්ශයක්, යාලුවොනෙ මල්ලි! හැබැයි නීතිය හැමටම එකයි!
මේවට කොහෙන් හිනාවෙන්න ඕනෙද දන්නේ නැහැ
එහෙම අන්‍යෝන්‍ය ගෞරවයෙන්නෙ රටවල් කාබාසිනියා කරල දාන්නේ. කොච්චර ලස්සනද බලන්න එකිනෙකාගෙ හොරකම්, මිනීමැරුම් වහන එක.
මැද සිටින පුංචි දරුවාගේ දීප්තිමත් අනාගතයට හොඳින් වගකියපු නායකයින් දෙදෙනෙක් එකම රාමුවක.
අපරාදේ මහින්දට තිබුණේ ඩොලර් බිලියන 50 ක් විතර වියදම් උන යුද්දේ නොකර ඉන්න. එහෙම උනා නම් රට බංකොලොත් වෙන්නේ නෑනේ මිනිස්සු බුරුතු පිටින් මැරිලා ගියත්.
අපි හොරකමටයි තැන දුන්නේ, හවුලේමයි රට කෑවේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී වාගේ................
මහින්ද හොරා, රනිල් හොරා, කවුද බන් හොරා දැන්?
අප මහළු වයසේ... හොරකම දැන් අපට බැරිය පෙරසේ...
දෙන්න ජාතික වගකිරිම කෙසෙවෙතත් ජාතියම කෑව කිව්ව නම් වටිනව