IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රනිල් ගැන මහින්ද කී දේ

(අංජුල මහික වීරරත්න)

"අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්" බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි.

"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු.

දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි" යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

 



අදහස් (10)

රනිල් ගැන මහින්ද කී දේ

පුරවැසියා Tuesday, 30 September 2025 08:17 AM

මහ බැංකු හොරාට සුනාමි හොරාව හමු වූ ඒ සුන්දර මොහොත. "කවුද හොරා මහින්ද හොරා" " මහ බැංකු හොරාව හිරේ දාන්න අපිට චන්දෙ දෙන්න " මීට සුනාමි හොරා

:       32       49

දලුවගෙදර Tuesday, 30 September 2025 08:30 AM

එකිනෙකාට සහයෝගය දීම හරිම වැදගත්, කාටත් ආදර්ශයක්, යාලුවොනෙ මල්ලි! හැබැයි නීතිය හැමටම එකයි!

:       32       41

Asanga Tuesday, 30 September 2025 09:00 AM

මේවට කොහෙන් හිනාවෙන්න ඕනෙද දන්නේ නැහැ

:       40       39

කෞෂි Tuesday, 30 September 2025 09:16 AM

එහෙම අන්‍යෝන්‍ය ගෞරවයෙන්නෙ රටවල් කාබාසිනියා කරල දාන්නේ. කොච්චර ලස්සනද බලන්න එකිනෙකාගෙ හොරකම්, මිනීමැරුම් වහන එක.

:       36       46

Sanjeewa Tuesday, 30 September 2025 10:24 AM

මැද සිටින පුංචි දරුවාගේ දීප්තිමත් අනාගතයට හොඳින් වගකියපු නායකයින් දෙදෙනෙක් එකම රාමුවක.

:       6       39

Nishan Tuesday, 30 September 2025 10:36 AM

අපරාදේ මහින්දට තිබුණේ ඩොලර් බිලියන 50 ක් විතර වියදම් උන යුද්දේ නොකර ඉන්න. එහෙම උනා නම් රට බංකොලොත් වෙන්නේ නෑනේ මිනිස්සු බුරුතු පිටින් මැරිලා ගියත්.

:       36       29

, අරවින්ද මොණරවිල Tuesday, 30 September 2025 11:03 AM

අපි හොරකමටයි තැන දුන්නේ, හවුලේමයි රට කෑවේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී වාගේ................

:       15       32

සාලිය Tuesday, 30 September 2025 12:25 PM

මහින්ද හොරා, රනිල් හොරා, කවුද බන් හොරා දැන්?

:       7       23

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 30 September 2025 01:15 PM

අප මහළු වයසේ... හොරකම දැන් අපට බැරිය පෙරසේ...

:       13       24

ලොක්ක Tuesday, 30 September 2025 02:08 PM

දෙන්න ජාතික වගකිරිම කෙසෙවෙතත් ජාතියම කෑව කිව්ව නම් වටිනව

:       11       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site