නොමිලේ අන්තර්ජාල වයිෆයි පහසුකම් ලබා දීම නව තාක්ෂණය ශ්‍රී ලංකාව වැළැඳ ගැනීමේ ආරම්භය බව රනිල් වික්‍රමසිංහ අගමැති කියයි.
තාක්ෂණ ඩිජිටල්කරණයෙන් එම අරමුණ කරා යෑමට හැකි වන බවත්, හැමවිටම තමා විවෘත සංවාදයකට සූදානම් බවත් ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව මෙම තාක්ෂණික පිම්ම පැණිය යුතු බව ද, ගූගල් සමාගම ඩිජිටල්කරන උත්සාහයට සහාය දෙන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.
ඩිජිටල් කරනයෙන් ලොව හා සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට ලෝකය හා එක්ව නැඟී සිටිය හැකි බව ද ඔහු පවසයි.
ඩිජිටල් ආර්ථිකයක් යනු වැඩිපුර රස්සා, ඉහළ වැටුප් හා වඩාත් හොඳ ආර්තිකයන් බවත්, එය ආර්ථික ප්‍රවර්ධනයේ ඵලදායිකත්වය වැඩි කරන ප්‍රධාන කාරණය බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් කඩදාසි රහිත සමාජයකට යන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකරනුයේ ශ්‍රී ලංකා ගුවන් තලයේ හීලියම් සහිත බැලුම් යවා වයිෆයි සංඥා ලබාගෙන රටපුරාම ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ගිවිසුමකට ගූගල් සමාගමේ ගූගල් ලූන් අත්සන් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගත් මිනිස්සු ගොනාට අන්දන්නත් හොඳයි (නදී)
කඩදාසි වලින් ජීවත් වෙච්ච ප්‍රින්ටින් කරපු, මුද්‍රිත පත්තර , බෝතල් පත්තර කළා පත්තර පෝස්ටර්, අච්චු පොත් ව්‍යාපාරිකයන්ගේ සේවකයන්ගේ ඔක්කොගෙම ඡන්දෙ මෙදා මේ කතාවෙන් විනාශ කරගත්තා.(නදී)
විජේසුනර ප්‍රංශය, දෙකොන මාරු වෙලා තියෙන්නේ කාටද කියලා ටිකක් මොලේ තියෙන කෙනෙක්ගෙන් අහගත්තොත් හොදයි. කඩදාසි හදන්නේ මොනවයින්ද කොහොමද කියලා දන්නවද? ලොකුවට ප්‍රංශය කියලනම් ලියනවා. (නදී)
නාලක, වෙන්න පුළුවන්. එ්ක තමයි කියන්නේ රනිල් ඡන්ද ගන්න කතා කරන්න දන්නේ නෑ කියලා. "ඔන්න රස්සා නැති කරනවෝ" කියලා මඩක් ගහන්න පුළුවන්. රටට ඕන මොන විදියේ නායකයෙක්ද කියලා බුද්ධිමතුන් විසින් තීරණය කල යුතු ඒකයි.(නදී)
අන්තර්ජාල පහසුකම් රට පුරාම ඒකාකාරීව ලබා දෙනවා නම් ඒක වටිනවා. තාමත් සමහර තැන් වලට 3g තියා 2g වත් නෑ. අය කරන මුදලත් අඩු වෙනවානම් වඩාත් වටිනවා. "අච්චු පොත් ව්‍යාපාරිකයන්ගේ සේවකයන්ගේ ඔක්කොගෙම ඡන්දෙ මෙදා මේ කතාවෙන් විනාශ කරගත්තා."කතාව ඇත්ත...(බ)
හොඳ අදහසක්. එතකොට මේ පරිසර දුෂණය කරන පෝස්ටර් ගැහිල්ලත් නතර වේවි.(ම)
අන්න නියමයි දැන් තමයි ලංකාව ගෝලියකරණය වෙන්නේ ඕක තමයි ලංකාවේ අඩුවකට තිබුණේ (ම)
රණවිරුවන්ගෙනුත් දෙපැත්තෙන් අල්ල ගෙන දෙගොල්ල වාද කරනවා හමුදාව හෑල්ලුවට ලක් කළා. පාලම් කානු, පාරවල් පවිත්‍ර කිරීම රැකියාව බාල්දු කරමින් හමුදාවේ අභිමානය ගැන කියෙව්වා. තරු 5 හේ ප්‍රජාතන්ත්‍රවාදය (නදී)
හාප්පොච්චියේ එහෙම වුනොත් ලංකාවට සුද්දෝ එන්නේ නැතුව යාවිද දන්නේ නැහැ (නදී)
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට මෙයින් ඇති වන්නට හැකි බලපෑම ගැන අධ්‍යයනයක් කළ යුතු ව ඇත. ගූගල් ආයතනය මඟින් සැපයෙන (ප්‍රොජෙක්ට් ලුන් - ගුගල්) මෙම තාක්ෂණය කෙතරම් දුරට මෙරටට ගැලපෙනවා ද යන්න ගැන මෙරට තාක්ෂණික හා ආරක්ෂක අංශවල විද්වතුන්ගේ අදහස් මාධ්‍ය මඟින් වත් ප්‍රකාශයට පත්වන්නේ නම් යහපති. (නදී)
මේක සම්පුර්න බොරුවක්. ලෝකේ දියුණු කිසිම රටක් නොමිලේ ඉන්ටනෙට් දෙන්නේ නැහැ. ඡන්ද ගන්න බොරුවට මිනිස්සු රවට්ටනවා.(නදී)
බොහොම හොඳ අදහසක්.(ම)
ඒක හොදයි.(හේ)
තවත් මෙගාබයිට් 100 ක් දෙන්න බැරිද? (නි)
අගය කළ යුතු වැඩ පිළිවෙලකි. තවමත් සුද්දාගේ කාලේ වගේ වැඩ කරන අපේ සියළුම රාජ්‍ය ආයතන එකම ජාලයකට සම්බන්ධ කිරීමෙන් ජනතාවටත් පාලකයින්ටත් ඉතා පහසු වනු ඇති.(ම)
මෝඩ කම් වලින් පරිපුර්ණයි ! කඩදාසි පරිසර දුෂණය නොකරයි , නමුත් ප්ලාස්ටික් පරිසරය දුෂණය කරයි . දෙකොන මාරුවෙලා (ම)
කඩදාසි නෙවෙයි සාමකාමී රටත් අවශ්‍ය වෙන්නේ අපිට (ම)
කොත්තමල්ලි කොප්ප්පයක් බිව්වනම් ඔය උෂ්ණය ටිකක් පහව යයි ! (ම)
කඩදාසි නැතුව ගියොත් සුද්දෝ ලංකාවට එන එකක් නැහැ.(නදී)