අලුත් රටක් හදන බව රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බවත් එය ඇත්තක් බවත් උතුරු නැගෙනහිර වෙන් කළ විට ලංකා සිතියම වෙනස්වී අලුත් රටක් නිර්මාණය වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවිදි හඬ ප්‍රමුඛ ජාතික එකමුතුව සමග ගිවිසුමකට එළැඹෙමින් ප්‍රකාශ කළේය.
එම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස යන හිමිවරු ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වෛද්‍ය ගුණදාස අමරසේකර, තිලංග සුමතිපාල, බන්දුල ගුණවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන හැටියට සර්, ඔබතුමා අපිව රවට්ටලා ඡන්දෙ ගන්න හදන්නේ. අපිට තේරෙන විදිහට රනිල් මහත්තයා කතාකළේ පහුගිය අවුරුදු 10 ට විනාශ වූ ආර්ථිකය සහ නීතියේ ආධිපත්‍ය ගැන. (නි)
අර්ජුන තාම ලැම්බෝගිනිය හොයනවා වගේ (නි)
අනේ ඇත්තමද ඔය? (නි)
අයියෝ අර්ජුන, ඔයාට තාම ඒ ලැම්බෝගිනිය හොයාගන්න බැරිවුණාද? (නි)
අද කාලේ මහජනතාව ඔය වගේ බොරු වලට රැවටෙන්නේ නැහැ (නි)
මහින්ද මැතිතුමා, කරුණාකරලා රටේ නැති ප්‍රශ්න ඇති නොකර ඔයාගේ දේශපාලන වැඩකරගෙන යන්න. හැමදාම ඔයාගේ කට්ටිය කියන්නේ ඔයදේම නේද? (නි)
මහින්ද මහත්තයාට රට ගැන ඇතිවී ඇති කැක්කුම සාධාරණය (නි)
රනිල් මහත්තයා මේ රට නව මඟකට රැගෙන යන බව ඒකාන්තයි (නි)
කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. අපි බලමුකෝ (නි)
මොන විහිළුද මහත්තයෝ මේ? (නි)
නිකන් බොරු එපා, දැන් වෙන උප්පරවැට්ටියක් හොයන්න (නදී)
ගුණදාස අමරසේකරත් එක්ක ගිවිසුම් අත්සන් කරන්න තරම් මහින්ද බංකොලොත් උනාද? ඕකනේ කිව්වේ ගෙදරට වෙලා ඉන්න කියල (නදී)
මහින්ද මහත්තයට ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න? ගිය සැරෙත් ඔය බොරුවම කිව්වාට රටේ ජනතාව රැවටුනේ නැහැ.දුෂිත දේශපාලකයින්ට වඩා ජනතාව බුද්ධිමත් (නි)
නැති බෙදුම්වාදයක් ගෙන කියමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීමෙන් අනවශ්‍ය ලෙස බෙදුම්වාදය ජනතාවගේ සිත් තුළට ඇතුල් කිරීමක් සිදුවේ. අප කළයුත්තේ මේ දෙය නොව ජාතින් අතර සමගිය වර්ධනය කිරීමය. ඔබතුමා මැතිවරණය පැරදී හිටපු ජනපතිවරයෙකුට නොගැළපෙන ලෙස උතුරේ ඡන්දෙන් මෛත්‍රී දිනපු බව කිවුවේය. වෙනත් අයුරින් කියතොත් ඔබ උතුරේ ජනතාව මෙරටේ අනෙකුත් ජන කොටස් වලින් වෙන්කර හැඳින්වීය. මේ දේ ඉතා ලාමකය. අප මේ ප්‍රශ්නය සාර්ථකව විසඳීමට නම් දමිළ ජනතාව අපේම කොටසක් ලෙස සැළකිය යුතුය. එවිට බෙදුම්වාදය ඉබේටම පරදිනු ඇත. (නි)
මහින්ද මහත්තයෝ, ඔයා කළදේවල් අපිට මතකයි. (නි)
කමක් නැහැ නැව ගිලුනත් බෑන් චූන් කියලා හිතාගන්න එක හොඳයි. (නි)
අපිටත් දැන් ඕනෑ අලුත් රටක් තමයි (නි)
මහින්ද මහත්තයා වෙන මොනවා කියන්නද? රනිල් දැන් විශිෂ්ට ලෙස ආර්ථිකය කළමනාකරණය කරන නිසා නීතිය හැමටම එක ලෙස ක්‍රියාත්මක කරන නිසා කියාගතහැකි දෙයක් නොමැතිව ප්‍රතිවිරුද්ධ මත දරන අයට මඩ ගසනවා. පරණ කුණු අවුස්සන්නේ නැතුව අපිට කියන්න මේ පාර අපේ කරුමෙට හරි දිනුවොත් අපිට ආයෙත් මාසෙට 2500 න් ජීවත් වෙන්න කියනවද? මෙන්න මේවට උත්තර දෙන්න. අනික අපිට ඔය කොටි එනෝ කොටි එනෝ තැටිය එපාවෙලා. වෙන එකක් ඇත්තෙම නැද්ද? (නි)
වරාය නගරය හැදුවහමත් මුතු ඇටයේ හැඩය වෙනස් වෙනවා නේද. (නි)
ඔබතුමාට දැන් කියන්න ඉතුරුවෙලා තියෙන එකම දේ එච්චරයි. ඔබතුමා හොරුට රජ කරන්න දෙන්නේ නැතුව, ෆයිල් කිහිල්ලේ ගහගන්නේ නැතුව, රට ණයබරින් මිරිකන්නේ නැතුව, 18 වෙනි සංශෝදනය ගෙනෙන්නේ නැතුව, අධික ලෙස බදු අයකරන්නේ නැතුව හිටියා නම් අදත් දිනන්න ඉඩක් තිබුනා. අපි ඔබතුමාව ගෙදර යැව්වේ එපාම වෙලා. (නි)
බුදු මහත්තයෝ, අපිට ඔබතුමාව එපාවෙලා තියෙන්නේ. ලැජ්ජයි උතුමාණෙනි. (නි)
දැන් කතා ඇති මැතිතුමනි (නි)
දැන් මේක විහිළුවක් වෙලා. යුද්ධය ඉවර කළා කිව්වා නේද? වෙන කෙනෙක් බලයට ආවොත් යුද්ධය අවුළනවද? තමුන්නාන්සේ නම්බුව තියාගෙන ඉන්න. (නි)
".......කියයි මිහිරි කතා ...... නිතර රසට ගොතා......." මහත්තයෝ, රටවැසියෝ දැන් බුද්ධිමත්. (නි)
එය සත්‍යයක් බවට දැන් අපටද වැටහී ඇත. (නි)
2009 දි නන්දිකඩාල් සටනින් පසුවත් අලුත් රටක් හැදුනා. මතකද? (නි)
අපේ රට දෙකට කඩන්න දෙන්න එපා. (නි)
නියම අදහස! (නි)
එය හදන එක නෙවේ ඔබ තුමා මොකද කරන්න යන්නේ. එ්ක කියන්න. ඔබතුමා කරන්න ඉඩ දුන්න ඒවා දැන් කෙරෙනවා. මේකට රනිල්ව ගාව ගන්නේ ඇයි? (බ)
හොරා අර්ථදැක්වූ ආකාරයේම වැරදි අර්ථදැක්වීමක් කියලයි හිතෙන්නේ. (නි)
ගිය සැරේත් කිව්වේ ඕකමනේ. ඒත් ඉතින් අසාර්ථක වුණානේ (නි)
රටක් නැත හැදුවේ, ලැම්බෝගිනි ගෙනාවේ, පවුලයි හැදුවේ, ඒකයි රනිල් රට හදනවා කිවුවේ. (නි)
ඔය මොනවා කිවුවත් රනිල් දිනනවා (නි)
තවමත් අර වශී බෝලේ අතේ තියාගෙන ඉන්නවා නේද? (නි)
අලුත් රටක් හදන වැඩපිළිවෙළ තියෙන්නේ අවුරුදු ගණනක සිටමුත් ව්‍යවස්ථාවේ "ඒකීය සහ ස්වෛරීය" යන වචන නිසා බලය බෙදීම ගැටළුවක්. අපි කැමතියි ජනාධිපතිතුමා මෙතැනදී ඉන්නේ කොහෙද කියලා දැනගන්න. (නි)
මහින්ද මහත්තයා ඔය අනෙක් අය වගේ අලුත් රටවල් හදන්නේ නැහැ. මුළුරටම එකට එකතු කරලා චීනය පැත්තට තල්ලු කරනවා. නියමයි නේද? (නි)
මහජනයාට වෑරදි ප්‍රකාශ කරන අය අත් අඩන්ගුවට ගත යුතුයි දේශපාලනය වෙනම දෙයක් වෑරදිමත් වෙනම දෙයක් (ම)
රටට ආදරය කරන බුද්ධිමත් ජනතාව ඉන්නේ මහින්ද මහත්මා සමඟයි. (නි)
මහින්ද මහත්තයාට ජය සිකුරුයි (නි)