
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු අද (23) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
එහිදීකොල්ලුපිටිය වාලුකාරාමය ප්රමුඛ පංච මහා විහාරාධිපති කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව බුද්ධ පූජා පිංකමකට ද සහභාගී විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අාපහු පාර්ලිමේන්තුවට අවා. ඕකට ගෙවන පින් පඩියෙන් පවුල් කීයක් නඩත්තු කරන්න පුලුවන්ද? මෙයා මොන ඉටි ගෙඩියක් කරන්නද? 1977 මම ඉපදෙන්නත් කලින් ඉඳලා මෙයා පාර්ලිමේන්තුවේ... මොනවද කරලා තියෙන්නේ? 2-3 වතාවක් රටේ අගමැති... අනේ අම්මපා...!!!
පක්ෂය ගොඩනගාගෙන එන අවස්ථාවේ තවත් දෙපිටකාට්ටුවන්නට ඉඩදෙන්න එපා. නුවරඑළිය පැත්තේ කෙනෙක් තවමත් මේක විනාශ කරන්න හදන බවයි පේන්නේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි පක්ෂයකට හිමි විශාලම ඡන්ද හිමි එක්සත් ජාතික පක්ෂය බිමට සමතලා කරපු මේ අයට බලය නැතුව නින්ද යන්නේ නෑ. මෙයා පක්ෂයත් කාලා රටත් කාපු කෙනෙක්. මේ පාර පැරදිලත් කිසිම ලැජ්ජාවක් නැතුව ඔය රින්ගලා තියෙන්නේ රාජපක්ෂලාව රකින්න. මෙයා හිතන් ඉන්නේ මෙයා තරම් කෙරුමෙක් නෑ කියලාලු...
මොන ආරාමයෙක් ආශීර්වාද ගත්තත් වැඩක් නැහැ.. මහජනතාවගේ ආශිර්වාදය නැතිව...
රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත දේශපාලනයට එන්නේ නම් පන්සල සහ පාර්ලිමේන්තුවේ වෙනස හොඳින් හඳුනාගත යුතු අතර ඒ දෙක වෙන්කර තැබීම අනිවාර්ය වේ. රට විනාශ කිරීමට පන්සල මෙන්ම පල්ලිය ද දායක වූ බව බහුතර රට වැසියා තේරුම් ගනීමින් සිටිති.
දැන්නම් මොන ආරාමයට ගියත් වැඩක් නෑ වගෙයි. යන්නත් වයසක් නැති නිසා...
ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේත් මේ වගේ දේශපාලකයෙක් නැතිව ඇති.
මෙයත් පටන් ගත්තා අභයාරාමයට යන්න. රාජපක්ෂලාගේ කෙනෙක්නේ..
අපේ අගමැතිතුමා පරදින්න දක්ෂයි. මේ පාර නම් ජනාධිපති වෙනවා. තවම ඒ තරම් වයසකුත් නැහැනේ.
පොහොට්ටුවෙන් හා එහි දේශපාලනඥයන්ගෙන් කිසියම් අවැඩක්, හානියක් රටට ජනතාවට සිදුවුණා නම්, එයට මේ අයද වගකිව යුතුයි. එදා වඳ කොත්තු, වඳ පෙති ඇතුළු බොරු ආගමික උසිගැන්වීම්, මහා ඉහළින් බොරු ජාත්‍යාලය මතුකර රට නොමඟ යවා මේ අද පවතින මට්ටමට රට ගෙනඒමට ඒ අය බොහෝ වෙහෙසුණා. එවැනි තැන්වලින් බලාපොරොත්තු වෙන්නා වූ ආශීර්වාදය ලැබේදැයි සිහි නුවණින් සිතාබැලීම වටී...
විද්‍යාගාරයේ ඇට සැකිලිත් ලබන පාර ඡන්දෙට යන්න ඕනෑ කියනවා.
පන්සලට දේවදත්තයා ආවත් පිරිත් ටිකක් කියකිය පිරිත් නූලක්ගැට ගහනවා.
මේ අයව පංචසීලයේ පිහිටුවන අයත් තව අපේ ශාසනයේ ඉන්නවනේ..!!!
ඊළඟ ඡන්දෙ බලාගත්තැහැකි ජනතාවගේ ආශීර්වාදය කොහොමද කියලා..