
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (17) අනුරාධපුරයේ දී මංගල රැළිය පවත්වමින් ජනපති සටන අරඹයි.
ජනාධිපතිවරයාගේ මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් සෘජුවම පවත්වන පළමු ජන රැළිය මෙය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ බහුතර පක්ෂ සංඛ්‍යාවක ජනතා නියෝජිතයන් මෙන්ම ජනතාව එකට එක්ව ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් මහජන රැළියක් පවත්වන පළමු අවස්ථාව ලෙස අනුරාධපුර ජන රැලිය ඉතිහාසයට එක්වන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර මංගල රැලියට සහභාගී වීමට නියමිත බව ද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන මගුල කළත් වැඩක් නෑ. ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වෙන්නවත් බැරිවුණු මනුස්සයෙක් කොහොමද ජනාධිපති ඡන්ද දිනන්නේ...
වලපයයි ගොඩපයයි...
හාමුදුරුවෝ ආශිර්වාද කළාම ඡන්ද දිනනවාද?
මේ සේරම පැරදෙන්න තියෙන ආසාවටනේ කියලා හිතන කොට?
ඔන්න අනුරාධපුරයේ අයට බලාගන්න පුළුවන්, රට බන්කොලොත් කරන්න ලොකු දායකත්වයක් දුන්නු පප්පා ගමට එනවා...
රාජපක්ෂලත් එනවා ඇති...
"පැරදුමක ඇරඹුම"
ඒක හොඳයි... ඉන්දියාවයි, ලංකාවයි අතරේ බෝට්ටු සේවයත් පටන්ගත්තා කිව්වනේ. ලේසියෙන්ම පැනගන්න පුළුවන්. හසීනා මැතිණියත් පැන්නේ එහාටමනේ... ඒක නිසා අවසන් රැළියත් අනුරාධපුරෙන්ම තියලා මැදවච්චිය පැත්තේ හෝටලයක නැවතුණා නම් ඡන්දෙ ප්‍රතිඵල අහන්න නේද?
දකුණේ ඉඳන්ම මිනිස්සු අඳින්නෙ නැතිව උතුරු මැදින් විතරක් ජනතාව ගෙනැල්ලා රැස්වීම් කරලා පෙන්වන්න...!
මතකයි එක්කෙනෙක් රුවන්වැලිසෑය ළඟ දිවුරුම් දුන්නා. මෙයාටත් වෙන්නේ ඒ පාරෙම යන්න.
හොරු මිනිමරුවෝ ස්ත්‍රි දූෂකයෝ වැනි අපරාධකරුවන් පිරිවරා ගෙන ගෝඩ් ෆාදර් වගේ වැඩ බැරි රනිල් රාජපක්ෂගේ අන්තීම චන්ද සටනේ මුල්ම රැස්වීම්, ඊට පස්සේ වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් නවාතැන වනු ඇත.
අනුරාධපුරේ ජනතාවට දෙන ඕනම අල්ලසක් අරගෙන රැස්වීමටත් එන්න. ඒත් ලබන 21 වැනිදා රට, රටේ අනාගත පරපුර ගැන හිතලා ඡන්දය දෙන්න.
"පැරදුමක ඇරඹුම.....!"
අනුරාධපුරේ රුවන්වැලි සෑය ඉස්සරහා දිවුරලා වැඩ පටන්ගත්තු ගෝඨාටත් අන්තිමට යන එන මන් පවා නැති වුණා.
ඔයා කොහෙන් පටන් ගත්තතත් හොරු සමග හෙළුවෙන් ගෙදර යන්නවෙන්නේ