අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සමරමින් අද ගාල්ල නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් කේක් කමින් සිය සතුට ප්‍රකාශ කළහ. ගාලු බස්නැවතුම්පොළ අසළ දී රතිඤ්ඤා පත්තුකළ ඔවුහු මහ මග ගමන් ගත් අයට ද කේක්වලින් සංග්‍රහ කළහ. සම්මුතිවාදී දේශපාලනයට ගරු කරමින් සියළු දෙනා අත්වැල් බැඳගෙන සියලු වාද බේද දුරලමු යැයි මේ පිරිස මහ මග යන අයගෙන් ඉල්ලා සිටියහ.
ඡායාාරූප - වේරගොඩගේ සජීව විජේවීර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශ්‍රී-ලංකා අපේ සහයෝගය මෛත්‍රිට (ම).
මෙහෙම මෝඩ මිනිස්සු. මේ පෙන්නේ අපි කොතරම් නොදියුණු ජාතියක්ද කියන එක මිසක් වෙන මොකුත් නෙමෙයි. දේශපාලනය කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. (ම)
අගමැති සිහිනය බොඳවුණ කට්ටිය දැන් ඉන්නේ බොහොම කණගාටුවෙන්. ගරු රනිල්, ඔබ අපගේ වීරයායි !! (නි)
මගේ සහාය රනිල්ට (නි)
ලංකාවේ තමයි මේ වගේ නටන්නේ. පිටරටවල මිනිස්සු මෙහෙම නැහැ (නි)
කෙනෙකුට කන්න බොන්න දෙන එක නොදියුණුකමක් වෙන්නේ කොහොමද කියලා කියනවද ජයන්ත (නි)
ජයවේවා! (නි)
මේ මිනිසුන්ගේ මට පෙනෙන හැටියට කිසිම මෝඩකමක් නැහැ. සාමකාමීව ඔවුන් ජයග්‍රහණය සමරනවා.මහින්ද ඉන්න කාලේ ඔහොම කළේ නැතුවා වගේනේ කතාකරන්නේ. (නි)
මේ සතුට සැමරිය යුතු වන්නේ මාස 60 කට පසුවය (ම)
අපේ රටේ මිනිස්සුන් ගොඩකට රස්සාවල් නැද්ද? මෙහෙම පාරවල් වල රස්තියාදු වෙන්න? (ම)
අනේ මෙහෙමත් මිනිස්සු. (ම)
මේවා නම් මහා පිස්සු වැඩ. වෘත්තිමය දේශපාලනයක් ගැන කතා කරද්දී මේවාගේ බාල වින්දන නතර කළ යුතුයි. (ම)
කට්ටියකට දුක හිතිලා. ජය සැමරුමෙන් කාටවත් හිත රිදෙනවා නම් කියන්න තියෙන්නේ ඒ ජය ගැන එයාලගේ ඊර්ෂ්‍යාව තමයි. (නි)
යුද්දේ දිනුවාමත් ඔහොම රතිඥා පත්තුකරලා රජෙකුට වගේ සලකපු කෙනෙකුට අන්තිමේට දැක්ක නේද ඔය මිනිස්සුම කරපු දේ? (අ)