IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රන්බීර් කපූර් මගේ අවුරුදු කුමාරයා

2016-04-12-ent-11
 

ප්‍රශානි පෙරේරා කියන්නේ මේදිනවල වඩාත් ජනප්‍රිය චරිතයක්. මොකද මේදිනවල පුංචි තිරය තුළ දකින්නට ලැබෙන බොහෝ වෙළෙඳ දැන්වීම්වල සහ ගීතමය රූප රචනාවල ඇය සිටින නිසා. ඇය කාර්ය බහුල චරිතයක් කියලා තමයි එයාගේ යාළුවෝ නම් කියන්නේ. නමුත් ඕනෑම වෙලාවක කතාකරන්න වෙලාවක් එයාට තියෙනවා කියලා ප්‍රශානි කියනවා. මේ අවුරුදු දවස් නිසා එයාට පොඩි වෙනස් ප්‍රශ්න ටිකක් ලබාදුන්නා. ඒ සඳහා එයා උත්තර දුන්නේ මේ විදිහටයි.

 

2016-04-12-ent-12කොහොමද අවුරුදු ජයද?

අවුරුදු ජයයි ඉතිං. කියන්න තරම් වරදක් නැහැ. ශේප් එකේ ඉන්නවා.

 

ෂොපින් ගිහින් ගෙදර සල්ලි එහෙම ඉවර කළාද?

ෂොපින් ගියා. ඒත් තාම හිතේ හැටියට ෂොපින් කළේ නැහැ.

 

ඒ කියන්නේ ගෙදර සල්ලි තාම ඉවර කරන්න වුණේ නැහැ කියන එකද?

නැහැ, ගෙවල්වල සල්ලි නෙමේ ඉතිං. තාම මගේ සල්ලිවලින් ෂොපින් කළා. අම්මලාගේ සල්ලිවලින් තාම ගියේ නැහැ. ෂොපින් කරලා තාම හිතේ හැටියට ඉවර කළේ නැහැ.

 

කාන්තාවක් කියන්නේ කොච්චර ෂොපින් කළත් හිත පිරෙන්නේ නැති කෙනෙක්නෙ නේද?

ඔව් ඉතිං හැමදාමත් ෂොපින්. ඒ වුණාට වෙන අවුරුදු වගේ හොඳට තාම ගත්තේ නැහැ මුකුත්.

 

අවුරුද්දේ බජට් එක කීයද?

එහෙම ඉතිං බජට් එකක් කියලා ලිමිට් කරන්න බැහැ. කොහොමත් ඉතිං සපත්තු, බෑග් අරං ඉවර වෙද්දි 15,000ක් 20,000ක් විතර ඉවර වෙනවා.

 

අවුරුද්දට ගෙදර කැවිලි එහෙම හැදුවද?

ඔව් හැදුවා. අපි සාමාන්‍යයෙන් හදන්නේ කැවුම් කොකිස් වගේ දෙවල් තමයි.

 

ඔයා මොනවද අවුරුද්දට හැදුවේ?

මුකුත්ම හැදුවෙ නැහැ. හදන්න දන්නෙත් නැහැ. කැවිලි හදන්න දන්නේ නැහැ. උයන්න හොඳට පුළුවන්.

 

ඉවුවාම කාටත් කන්න බැරි ගතියක් තියෙනවාද?

නැහැ නැහැ. හොඳට කන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ කන්න බැහැ කියලනේ. මගේ විශේෂම දේ ඉවුවාම හොඳට කන්න පුළුවන්.

 

ඔයා උයන කෑම කාලා, පහුවදා ඉඳන් කට්ටියට කන්න පුළුවන් කියන එකද?

නැහැ.......මම උයන කෑම හොඳට කන්න පුළුවන් කියලා හැමෝම කියනවා. ගොඩක් අහන්නේ ඉව්වාම කන්න පුළුවන්ද කියලනේ. මගේ කෑම හොඳට කන්න පුළුවන්. මට උයන්නත් පුළුවන්, ඒ වගේම හොඳට කන්නත් පුළුවන්.

 

කැමතිම අවුරුදු ක්‍රීඩාව මොකක්ද?

බිත්තර අල්ලන්න කැමතියි.

 

ඒක අවුරුදු ක්‍රීඩාවක්ද?

මොකද නැත්තේ. එහෙම නැත්නම් අලියට ඇහැ තියන්න. හැබැයි කවදාකවත් තියන්න වුණේ නැහැ.

 

කොළඹ කෙනෙක් නිසා රෙද්දයි හැට්ටෙයි හුරුද?

අපොයි ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්කොලේ යන කාලේ එහෙම ඇඳලා තියෙනවානේ.

 

දැනට කීපාරක් රෙද්දයි හැට්ටෙයි ඇඳලා තියෙනවාද?

දැනට දෙපාරයි.

 

අවුරුදු කුමාරයෙක් විදිහට බොලිවුඩ් නළුවෙක් ගෙදරට ආවොත්, කවුරු එනවටද කැමති?

රන්බීර් කපූර්

 

බොලිවුඩ් නිළියක් ගෙදර වැඩකාර කමට ගන්න තරම් ඔයාට සල්ලි හම්බෙනවා. කාවද ගන්නේ?

දීපිකා පදුකෝනිව

 

රන්බීර් සහ දීපිකා පෙම්වතුන් කියලා දන්නේ නැද්ද?

දන්න නිසා තමයි දීපිකාව වැඩට ගන්නේ. ඒ තරමටම මම එයත් එක්ක තරහයි. එයා රන්බීර් එක්ක යාළු නිසා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - Studio UK

 

2016-04-12-ent-04
2016-04-12-ent-01
2016-04-12-ent-02
2016-04-12-ent-03
2016-04-12-ent-04
2016-04-12-ent-05
2016-04-12-ent-06
2016-04-12-ent-07
2016-04-12-ent-08
2016-04-12-ent-09
2016-04-12-ent-10
 



අදහස් (0)

රන්බීර් කපූර් මගේ අවුරුදු කුමාරයා

රන්ජිත් Wednesday, 13 April 2016 05:18 PM

අනේ ඇත්තට රන්බීර් කපූර් මේවා දන්නවා නම් එහෙම...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site