විදේශ අමාත්‍යංශයේ පරීක්ෂකයන් බව කියමින් සිව් දෙනකු පිටකොටුවේ ස්වර්ණාබරණ නිෂ්පාදන ආයතනයකට ගොස් දේවකයනට තාවකාලික මාංචු දමා ඔවුන් ළඟ තිබූ රුපියල් ලක්ෂ එකහමාරක් ද, ගමන් බලපත්‍ර ද, ඔවුන් සන්තකයට ගෙන රුපියල් කෝටි හතරක පමණ රන් බඩු ද පැහැරගෙන ගිය බව කියන සිව් දෙනකු ගැන ඉතා වැදගත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මෙම රන් අබරණහලේ වැඩි දෙනා ඉන්දියා ජාතිකයන් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ රටේ මිනිස්සු මොනවා කරනවද කියලා (නි)
"මෙම රන් අබරණහලේ වැඩි දෙනා ඉන්දියා ජාතිකයන් බව කියති" පේනවා නේද, මේ වැඩපොළේ පමණක් මෙසේ නම් අනෙක් වැඩපොළවල් වල තත්වය? ඉතින් තව ඉන්දියාවත් ලංකාවත් අතර පාලම දාලා ඉන්දියාවේ අයට ලංකාවේ රැකියා කිරීමේ අවස්ථාව සැළසුවොත් අපේ රටේ ජනතාවගේ දැනට තිබෙන රැකියාවිරහිත බව කොහොමට හිටීද? අපේ මිනිසුන්ට කියනදේ තේරෙන්නේ නැද්ද, ඉන්දියාවත් ලංකාවත් අතර ඇති මේ ගිවිසුමේ ප්‍රතිවිපාක නිසා අපේ රටේ වැසියාට වන හානිය තේරුම් කර ගන්න (නි)
ඉන්දියාවේ අයට රැකියා දෙන්නේ රටේ අයට රැකියා වැඩිවෙලාද? (නි)
සජීව, රූපසිංහ, මේක දිහා ඔහොම බලන්න එපා. ගොඩක් රැකියා වලට ශිල්පයේ දක්ෂකම, කැමැත්ත වගේම ගොඩක් කරුණු බලපානවා. ඉස්සර සුද්ද ඉන්න කාලේ තේ වතුවල වැඩකරන්න ඉන්දියාවෙන් කට්ටිය ගෙනාවේ අපේ අය වැඩ කරන්න කැමති නැති නිසා (නි)
ශාන්ත ..ඔයා මොනවද දන්නේ ? දැන් කොළඹ ගොඩාක් තැන් වල ඉන්දියන් කාරයෝ වැඩ ..මම ඉන්නේ එයාර්ලයින් ක්ෂේත්‍රයේ ..මෙතන සුළු රැකියා අවස්ථා ගොඩාක් ඉන්දියන් කාරයන්ට දීල ..එහෙම වෙලා තියෙන්නේ ඉන්දියන් කාරයෝ අපේ මිනිස්සුන්ට වැඩ අඩු පඩියට වැඩට එනවා දැන් . (බ)
ශාන්ත ඔබගේ කතාව 100% හරි, අපේ මිනිස්සු ලොකුවට සද්දේ දානවා නමුත් වැඩ කරන්න ගියාම මුකුත් බැහැ. වැඩක් කරන්නේ කොහොමද ජොබ් 1ක් ලැබුණු වෙලේ ඉඳල හිතන්නේ එකෙන් කොහොමද හොරකම් කරන්නේ කියල නැත්නම් උද්ගෝෂණ කරලා කඩාකප්පල් කරන්න. ඉතින් කොහොමද රටක් හැටියට ඉස්සරහට යන්නේ? (බ)
ලංකාවේ උසස් පෙළ උගත් බොහෝ අයට තියන රස්සාව තම කම්කරු හා ගෘහ සේවක සේවිකා. කිසිම රජයක් මෙතෙක් වුවමනා පමණ තාක්ෂණික ආයතන හදල නැහැ. අලුත් සරසවි හදන්නෙත් නැහැ. හදන අයට දෙන්නෙත් නැහැ. ඉතින් ලංකාවට අවශ්‍ය තාක්ෂණ ශිල්පීන් පවා පිටරටින් ගෙන්වන්න සිදුවෙලා. (බ)
මෙය රට පුරා කාලාන්තරයක් තිස්සේ සිදුවන දෙයකි. බොහෝ අය කොටුව හා අවටම පදිංචි වී කරගෙන යනු ලබන්නක්. බලධාරීන්ගේ දෑස දැන්වත් මෙයට යොමු විය යුතුයි.(ම)
හොඳට සැළසුම්කරලා කළ වැඩක් වගෙයි පෙනෙන්නේ (නි)
බලධාරීන්ගේ ඇස් යොමුවෙලා ඇති වැඩේ මොකක්ද දිලිප්? ගොඩක් අයට ඕනෑ පගාව පමණයි. (නි)
ගයන් කියන දේ හරි. (හේ)
මේක හොරකම් කලාවට අලුත් සොයාගැනීමක් වගෙයි. (නි)