මාර්තු 29 වැනිදා පැවැත්වෙන දකුණු පළාත් ඡන්දයේ වැඩට තංගල්ල හම්බන්තොට පාරේ රන්නේ මග දෙපස මාර ගස් ද බැස සිටී.
මනාප අංක 15 ට ඡන්දය දෙන ලෙස සමහර මාර ගස් කියයි.
තවත් සමහර ගස් කියනුයේ 15 ට ඡන්දය නොදෙන ලෙසයි.
ගස්වල ඡන්ද සලකුණු ලකුණ කිරීම ද මැතිවරණ නීතිය කඩ කිරීමකි.
සායම් වලින් ගස්වල මෙවැනි දෑ ලිවීමෙන් එහි ඇති රසායන ද්‍රව්‍ය එම ගස්වලට කා වැදී ඒවායේ ආයු කෙටි වන බව පරිසර විද්‍යාඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද (දිල්)
අනේ බනින්න එපා එයාගේ මුත්තා ද දන්නේ නෑනේ ඔය ගස් ටික හිටෙව්වේ.(නදී)
ඕවා කොහොමත් කපන්න තියෙන ගස්.(නදී)
ඔය පළාතේ ඉන්න දේශපාලකයන්ට අවශ්‍ය නම් ඔය ගස් කපල ාපාරේ තබාගෙනම ලි ඉරල ප්‍රසිද්ධ වෙන්දේසිය විකුනන්න උනත් පුළුවන්. මේ පළාතේ කට්ටියට රාජ උෂ්නේ ඔලුවට ගහල හැසිරෙන්නේ දැලි පිහි ගත්ත රිලව් වගේ.(නදී)
ගසක් කියන්නේ මව් කෙනෙක් වගේම මිනිසා, සතා සිව්පාවා රකින ජාතික වස්තුවක්. මේ ගස්වල තමන්ගේ මුග්ධ බව අංකයකින් සටහන් කරන මේ නරුමයන් බලයට පත් වූ වහාම පොරව පාත් කරන්නෙත් ගස්වලටම වීම කොතරම් ඛේදනීයද? (නධී)
මිනිස්සුන්ගෙත් ආයු කොට කරන් නටන මේ අය, ගහක ආයු කොට වෙන එක ගැන වද වෙයි කියලා හිතනවද? (අ)
මාර ගස් විතරක් නෙමෙයි , ඡන්ද ගනින රජයේ සේවකයෝනේ ගොඩක්ම ඡන්දෙට වැඩ කරන්නේ , ඒගොල්ලන්ට ඕන අය තමයි දිනන්නේ , (අ)
ඡන්දෙට කලින් ඔහොමනම් ඡන්දෙ දිනුවම කොහොම කරයිද? තීරණය ජනතාව අතේ..(අ)
මෙච්චර කියද්දීත් චඡද නීති කඩන අයව මාර ගහක එල්ලළා තිබ්බානම් මීට වඩා හොඳ ප්‍රචාරයක් වේවි. එවිට තේරෙයි නීති කඩන එකත් මාරයි නේද කියලා.(නදී)
ලස්සනට තිබුණු මාර ගත් ටික .අනේ ඔය පරිසරය විනාශ කරන්න එපා. (දිල්)