IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


රන්දි පවිත්‍රා කළුආරච්චිගෙන් සංසාරණ්‍යය

දැඩි ශ්‍රමයක් දරා සැකසූ ඉතා සරළ පෙනුමැති කෙටි චිත්‍රපටයක්. චරිත දෙකකින් දිවෙන චිත්‍රපටයේ සිටින්නේ මාතාවකුත්, කුඩා හාමුදුරු නමකුත් පමණයි. චිත්‍රපටයේ දවුල් හඬින්, එසවූ ගුරු පැහැ කොඩියෙන් කියන්නේ ඊට මොහොතකට පෙර ගිලන් හඬින් පොඩි නම යැයි කී ලොකු හාමුදුරුවන් මෙලොව හැරගිය බවයි. එයින් දුක් වන කුඩා හිමි නමට මෙහි අත්තම්මා විසින් බුදුන් වදාල ධර්මය ඇසුරින්ම යමක් පහදනවා. එය සත්‍යයි. යමකට ගැලීම දුකක් බව අවබෝධ කරවන දේ මෙම කෙටි චිත්‍රපටයෙන් ඔබට පවසනවා. මෙම ආරාධනය එය නරඹන්නටයි. එය කෙටි චිත්‍රපටයක් ලෙස රසවිඳින අතරම ජීවිතයටද යමක් එක් කරගත හැකියි. සම්මාන කිහිපයක්ම දිනා ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා රන්දි පවිත්‍රා කළුආරච්චි මේ පිළිබඳ ඇයගේ අදහස් මෙලෙසෙ එක් කළා.

“ඕක හැදුවෙ 2010දියි. ඕක හැදුවෙ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාවකට ඇතුළු වන්නට මට කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සිදුකළේ. මේක බෞද්ධ කතාවක් වෙන්නෙ මේ චරිත නිසායි. නමුත් මට ඒක ආදර කතාවක්. වඩා පරිණත මනුස්සයෙකු හැරයාමේ දුකින් තමයි මේ සාමනේර වහන්සේ ඉන්නේ. අපි එකක් යනකොට එකක් අල්ලගන්න තැනක ඉන්නවා කියන දේ තමයි මම පෙන්නන්න හදන්නේ. මොකද ලොකු හාමුදුරුවො නැති වෙච්ච දුකින් ඉන්න පොඩි හාමුදුරුවො ඊලඟට උත්සාහ කරන්නෙ අත්තම්මා එක්ක යාළු වෙන්නයි. මේක බෞද්ධාගමේ කතාවක් නෙමෙයි. ආදර කතාවක්.”

 

කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය

  • රන්දි පවිත්‍රා කළුආරච්චි

 

රංගනය

  • රනිසිසු දෝමික කෝන්ගලගේ
  • එම්. මේරි නෝනා

 

කැමරා අධ්‍යක්ෂණය

  • විශ්ව බාලසූරිය

 

සංස්කරණය

  • මලින්ද හිදැල්ලආරච්චි

 

සහය අධ්‍යක්ෂණය

  • පූර්ණ ප්‍රේමතිලක

 

රචින්ත ජයවර්ධන

 

 



අදහස් (0)

රන්දි පවිත්‍රා කළුආරච්චිගෙන් සංසාරණ්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site