කඩවත ඉඹුල්ගොඩ කෝටි ගණනක භාවනා මධ්‍යස්ථානයක් ඇති බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පෙන්වන ලද භාවනා මධ්‍යස්ථානය මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ නොවන්නක් බවත් ඊට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සම්බන්ධයක් නොමැති බවත් මහමෙව්නාව භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම ඉදිකරගෙන යන භාවනා මධ්‍යස්ථානය මහමෙව්නාවට හෝ ඤාණානන්ද හිමියන්ට අයත් බවට අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කෙරෙන බවත් එය අසත්‍ය පුවතක් බවත් මහමෙව්නාව අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවද කියලා මේ වැඩ? (නි)
මෙහෙම ගියොත් මෙය ලංකාවේ රජවරු ඔක්කොම අරන් යි අල්ලස් දුෂණ කොමිසමට. (දිල්)
ජයලත් මේක විදේශිකයන් පැමිණෙන තැනක් නෙවෙයි. එක්තරා පාර්ශවයකට විතරක් භාවනා කරන්න හදපු තැනක්. එහෙම නැතිව මහජනයාට විවෘත නැහැ.(හේ)
මෙයාට මෙතරම් බලයක් දුන්නේ කවුද ? කටුස්සා ගේ කරේ රත්තරන් බැන්ද වගේ .(හේ)
මෙයා මෙනවා කරනවද දන්නේ නෑ (දිල්)
මහමෙවුනාව කියන්නේ බොහොම පිරිසිදු තැනක් එක මේවට ගාව ගන්න එපා ඔබතුම ගැන අපේ හිතේ තිබුන ගරුත්වයත් මේ වැඩ නිසා නැතිව යනවා. (අ)
හොද වෙලාවට මෙයා ඉස්සර ඉදලා නැත්තේ නැත්නම් දුටුගැමුණු,රාජසිංහ වගේ රජවරුන්ටත් මෙයා නඩු දානවා සිංහාසනේ සහ ඔටුන්නේ මැණික් ඔබ්බවලා රත්තරනින් හදලා තිබුනා කියලා.(හේ)
භාවනා අසපුවක් නේ .රන්ජන් ටත් තියෙන්නේ අරයගෙ මෙයාගේ දේපල හොයන්නේ නැතිව භාවනාවකටවත් ගිහිල්ලා හිත පිරිසිදු කර ගෙන වයිරය හිතෙන් ඇත් කරලා ජීවත් වෙන්න.අසපුව විතරක් නොවෙයි අපිව අපිටවත් අයිති නැහැ.කොච්චර දේවල් හෙව්වත් අවසානය හිස් දෙයක්.(හේ)
රන්ජන් මහතා තමන්ගේ තනතුරේ , අදාළ විෂය පථයේ කටයුතු කරනවා නම් මේ නැති ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. (හේ)
ඔයාලා ගැන ජනතා තීරණය ලැබෙන දිනය වැඩි ඈතක නොවේ. ඔහුුට මේ ලැබුනේ කාගේ බලයක්ද? (නි)
භාවනා අසපු වැනි ආගමික ස්ථාන දේශපාලන පලිගැනීම් වලට ලක් කලේ නැත්නම් ඔය කොයි කාටත් හොදයි...(හේ)
මේ වගේ වැඩ කරලා මොනවද ලැබෙන්නේ? (නි)
මෙය අපි පිළිකුළෙන් යුතුව බැහැර කරමු. (නි)
මහමෙව්නාවත් එක්ක නම් ඔය දේශපාලන මඩ/ ෆේස්බුක්/ අන්තර්ජාල ප්‍රශ්න සම්බන්ධ කරන්න එපා. අති පුජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමින් වහන්සේ කියන්නේ අද ලෝකේ පහළවෙලා ඉන්න උතුම්, ගෞතම බුද්ධ ශාසනයේ පින්වත් සංඝයා වහන්සේ නමක්. (නි)
මහමෙව්නාව කියන්නේ උතුම් වූ භූමියක්. පින්සිද්ධ වෙයි. මේ දේශපාලන මඩ වර්ෂාව මහමෙව්නාවත් එක්ක සම්බන්ධ කරන්න එපා. (නි)
රන්ජන් මහත්තයෝ, මොනවද මේ කරන වැඩ? (නි)
මේ වගේ අය ගැන ඊළඟ මැතිවරණයේදී ජනතාව නිවැරදි තීන්දුවක් ගනීවි (නි)
රන්ජන් මෙය මහමෙව්නාවට අයිති දෙයක් ලෙස කවදාවත් කිව්වේ නැහැනේ! (නි)
කවුරු කොහොම දැඟලුවත් අද කාලේ මිනිස්සු බොහොම බුද්ධිමත් (නි)
තමන්ගේ පාඩුවේ වැඩක් බලාගත්තා නම් ඉවරනේ! මේවායින් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක (නි)
මේකේ අයිතිකාරයා කවුද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මේ වගේ වැඩක් කළා කියලා මම නම් ඒකේ වරදක් දකින්නේ නැහැ (නි)
බෞද්ධ ස්ථානවලට කරන මේ වැඩ ගැන බෞද්ධ අපි විරෝධය පළකරමු. රටේ නීතියක් තිබෙනවා. පොලිසි තිබෙනවා. උසාවි තිබෙනවා. නීතිය අතට අරගෙන මෙහෙම වැඩකරන්න දෙන්න බැහැ (නි)
අර කුමන්ත්‍රණ කතාවත් මේ වගේ තමයි. මෙයා මේ වරදාගත් කීවැනි වතාවද? (නි)
සමහරුන්ට තම සුපුරුදු ගති අතහරින්නම බැහැනේ. (නි)
ඡන්දය දිනු දවසේ සිටම වැරදිමනේ හොයන්නේ! (නි)
දැන් මේවා හෙවුවා හොඳටම ඇති (නි)
දැන් නම් වැඩි දෙනෙකුට රන්ජන්ගේ වැඩ ගැන තේරිලා වගේ. මිනිසුන්ට පුද්ගලිකව මුදල් වියදම් කරන්න අනෙක් අයගේ කැමැත්ත අහන්න ඕනෑද. කවුරුහරි දානපතියන්ගේ කැමැත්තෙන් කළ දෙයක් නම් වෙන අයට මොකද? (නි)
රන්ජන් මහත්තයා මොකද මේ භාවනා කරන අසපු පස්සේ පන්නන්නේ? (නි)
ඔය සමහරු කියන සමහර තැන් කියන තරම් අල්පේච්ඡ තැන් නොවෙයි කියලා අපි දන්නවා (නි)
මේක පෞද්ගලික භාවනා මධ්‍යස්ථානයක්. එහෙම එකක් හදන්නේ ඇයි? එයාලගේ පෞද්ගලික භාවනා කරගන්න මහජනයාගේ කෝටි ගණන් වියදම් කරන්න ඕනෑද? අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ. සාමාන්‍ය මහජනයා වෙනුවෙන් කෝටි නෙමෙයි ප්‍රකෝටි ගණනින් වියදම් කළත් කමක් නැහැ. ඒත් පෞද්ගලිකව භාවනා කරන්න එච්චර ඕනෑද? (නි)
පුජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේට නිගාවක් වෙනවා නම් අපි අකමැතියි. (නි)
බෞද්ධ සිද්ධස්ථාන හදනවට සමහරු විරුද්ධයි වගේ (නි)
වෙන හොයන්න දෙයක් ඇත්තෙම නැද්ද රන්ජන් මහත්තයෝ, දැන් තියෙන්නේ අනුන්ගේ වැරදි හොයන්න නෙමේ,අවරුදු ගානකට පස්සේ හම්බුන තැන ආරක්ෂා කරගන්න සමාජයට වැඩක් කරන එක. පුළුවන්නම් කුරගල ප්‍රශ්නේ විසදන්න මැදිහත්වෙන්න. (බ)
හැමකෙනාම පැන පැන අපහාස කරන්නේ බොදුනුවන්ට.වෙන ආගමික පරිශ්‍රයකට මෙහෙම කඩාවැදුනා නම් අද කොහොමද? (නි)
යහ පාලනයට අනුව පංසලක්වත් හදන්න බැරිද? (බ)
මම අදටත් ගරු කරන්නේ අල්පේච්ච ජීවිතයක් ගෙවමින් , දුප්පත් දායකයන්ගෙන් ලැබෙන සිවු පසයෙන් සෑහීමට පත් වෙමින් ශාසනයට සේවය කරන ස්වාමින් වහන්සේලාටයි . බුදුන් වහන්සේ වදාළ මග යමින් මහන දම් පුරන මහමෙව්නාවේ මෙවැනි උතුමන්ට අහක යන මරාල කඩා ගෙන නොවැටේ..ඒ උන්වහන්සේලාට සාංගික වස්තුවක් ලෙස ඇත්තේ සිවුරු පාත්‍ර පමණක් නිසාය (බ)
සමරහරවිට මෙයත් භාවනාවට ගිය තැනක්ද දන්නේ නෑ (දිල්)
මේවට තමයි කියන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට කන්න දෙන්නෙත් නැහැ කියලා. තමන්ට අයිති වැඩක් කරගෙන හිටියා නම් කාටත් හොඳයි. (නි)
සමහරු හිතාගෙන ඉන්නේ තාම රජ කාලේ කියලාද කොහෙද? (නි)
අජිත්ගේ අදහසට මම සම්පුර්ණයෙන්ම එකඟයි. වෙනත් ආගමික ආයතනයකට මේ අන්දමට කඩාවැදුනා නම් ඒ වෙනුවෙන් කීදෙනෙක් කතාකරලා මොනතරම් දෙයක් සිද්ධවේවිද? ඒ වෙනුවෙන් තානාපති කාර්යාල කීයකින් ප්‍රකාශ නිකුත් කරලද? මහානායක හිමිවරුනේ, මේ ගැන සොයා බලන්න. (නි)
ඩික්සන් ,ආගමික සිද්ධස්ථාන හදනකොට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහ අමාත්‍යංශ අනුමැතිය ඕනෑ. (නි)
රන්ජන්ගේ ප්‍රශ්නය මොකක්ද. (හේ)
රන්ජන් මහත්තයා මෙම ස්ථානය පරීක්ෂා කරන්න යන්න තරම් විශේෂ හේතුවක් ඇතිනේ. කරුණාකරලා එම හේතුව පිළිබඳව හෙළිදරවු කරන්න. එවිට මේ තරම් විවිධ වූ අදහස් ඉදිරිපත් කරන්න වෙන එකක් නැහැ. (නි)
සමහරුන්ට මේවා මැජික් පන්සල් පල්ලි වගේ වෙලානේ! (නි)
භාවනා මධ්‍යස්ථානයක් හදන්න අවසර ඕනෙද දැන්.? (ර)
අපි නම් කියන්නේ තමන්ට අයත් රාජකාරිය පමණක් කළාම හොඳටම ඇති. (නි)
රන්ජන් මහත්තයාගේ සොයාගැනීමේ සාරාංශය තේරුම් ගන්න බැරිද?? වියදම් කොහෙන්ද? ඇයි මේකට රජයේ මැදිහත්වීමක්? ලක්ෂ 57ක් ඡන්ද දුන් අයට හිතන්න පුළුවන් සිදුවීමක්. (නි)
කුරුස රන්ජන් (බ)
මේ බෞද්ධ රටේ බෞද්ධ සිද්ධස්ථාන හදන්න ඕනේ රජයේ සල්ලිවලින් තමයි. නැත්තන් එන්ජී පිරිස් සල්ලි දෙන්නේ නැනේ මේවට. (දිල්)
රන්ජන් නම් හුගක් දේවල් කියන්නේ හොඳට හොයල බලලා මොනවා වුනත් රන්ජන් මල්ලි මේ ගැන නැවත වරක් සොයා බලන්න (දිල්)
අනේ මන්දා! කිසිම වැඩක් වෙන පාටක් පෙනෙන්නේ නැහැ (නි)
අනේ! දැන්වත් රටට වැඩක් කරන්න (නි)
ඇයි රන්ජන් පැහැදිලි කරන දේ කාටවත් තේරෙන්නේ නැත්තේ? ජනතා මුදල් අරගෙන විශේෂ පුද්ගලයෙකු පමණක් භාවනා කරන එක සාධාරණද? (නි)
හරියට යමක් තේරුම් ගන්නේ නැතුව නිකම් අදහස් දාන්න එපා. කිසිම කෙනෙකුට ඇතුළු වෙන්න තහනම් කරලා විශාල ආරක්ෂාවක් යොදාගෙන අක්කර 8 ක භූමියක් වෙන්කරගෙන රජයේ මුදල් නේද මෙහෙම දුෂණය වෙන්නේ? මේක ආගම් ප්‍රශ්නයක් නෙමෙයි. වැරදි වැටහීම් ඇති කරගන්න එපා. අනිත් එක මහමෙව්නාව ගැන කොහෙවත් කියවුණේ නැහැනේ. (නි)
බෞද්ධ අාගමට මෙහෙම කරන එකට අපි නම් කැමති නැහැ (නි)
හරි ඔය ගානට හැදුව කියමුකා, මොකක්ද තියෙන ප්‍රශ්නේ.? (ර)
ප්‍රශ්නේ ඒක නෙවෙයි කාගේද සල්ලි සහ ඉඩම? (ර)
එතුමාට ඉතින් වැඩකුත් තියෙන්න ඕනෑනේ (නි)
බෞද්ධ රටක් විදිහට බෞද්ධ විහාරස්ථානයක් හදන එක වරදක්ද? (නි)
ප්‍රසන්න දුටුගැමුණු රජතුමාගෙන් අහන්න ඕනේ මිරිසවැටිය හදන්න සල්ලි කොහෙන්ද කියලා. (දිල්)
මීට වැඩිය දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් (දිල්)
පසුගිය කාලයේ සිදුවු අප්‍රමාණ දූෂණ කටයුතු ගැන සොයාබැලීම් කරන රන්ජන් රාමනායක මහතාට අපගේ ස්තුතිය! (නි)
ඉන්දියාවේ භාවනා මධ්‍යස්ථාන නො දැකපු කට්ටියට මේවා නම් මැජික් තමයි. මිනිස්සු හිතාගෙන ඉන්නේ භාවනා කරන්ට කැලයකටම යා යුතුයි කියලයි. භාවනා මධ්‍යස්ථානයක නනකාමර එකක් නොවෙයි කීපයක්ම තිබීම වරදක් නොවෙයි. විදේශිකයින්ද පැමිණෙන නිසයි. මේවා විස්තර කරන්ට ගියොත් දිග වැඩිවෙලා පල කරන එකක් නැහැ. රාමනායක මහත්තයා මේ ගැන හොයලා දැන් ඇත්ත තත්වය දන්නවාත් ඇති.(හේ)
මේ වැඩ නිසා දැන්නම් අපිට ඔයාලව එපාවෙලා. (නි)
ගමගේ, මෝඩ කතා කියන්න එපා. ඕක භාවනා මධ්‍යස්ථානයක් මිසක් මාළිගාවක් නෙමෙයි. සසුනට කරලා තියෙන්නේ (නි)
මහමෙව්නාව මේවට ගාවාගන්න නම් එපා (නි)
මහමෙව්නාව කියන්නේ බොහොම පූජනීය තැනක් (නි)
මිත්‍යා දෘෂ්ටිකයින් බෞද්ධ කටයුතු වලට අත නොතැබිය යුතුයි.(හේ)
තෙරුවන්සරණ වේවා, මහමෙව්නාව යනු උතුම් වූ සත් පුරුෂ භූමියක්. අපි බාවනා කරලා තියෙනවා ඒ අසපුවල. කොහොමත් රන්ජන් මහත්මයා කොහේ හරි ගිහිල්ලා භාවනාවක් පුරුදුවුනොත් නුවන මෙහයවලා වැඩ කරන්න පුරුදුවේවි.බුදුසරණයි !(හේ)
අපිත් මහමෙව්නාවට අළුතින් යනකොට පුංචි සැකයක් ඇතුව තමයි ගියේ. ඒත් දැන් මහමෙව්නාවේ ස්වාමින් වහන්සේලාගේ අනුදැනුම ඇතුව ලෝකේ කොහේහරි වැඩක් කෙරෙනවා නම්, අඩුගානේ සාදු සාදු කියලා හරි අනුමෝදන් වෙනවා. අපිටත් යන්න පුළුවන් තැනක නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම යනවා. (නි)
වාසල, ඔබ හරියට හරි. මිනිසුන් තේරුම් ගන්න ඕනෑ සත්‍යය. වරායෙන් ගෙනා ගල් අල්ලලා මේ වගේ ස්ථාන හදන්නේ කවුද?කොහොමද? කාගේ මුදලින්ද? (නි)