කුඩු ව්‍යාපරය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශයකින් නීතීඥවරුන්ට හා විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා තමා අගවිනිසුරුවරයාට ලිපියක් මාර්ගයෙන් අද (27) පැමිණිල්ලක් යොමු කළ බව කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති , නීතිඥ මධුර විතානගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරිය සඳහන් කළේ අගවිනිසුරුවරයාගේ නමට අධිකරණය අපහාස සිද්ධියක් සම්බන්ධයෙන් මුද්‍රා සහිත ලිපියක් නීතිඥ මධුර විතානගේ මහතා තමාට බාරදුන් බවත් එම ලිපිය තමා අද (27) දිනයේම අගවිනිසුරුවරයාට යොමු කළ බවය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් ජූලි මස 08වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් කුඩු ව්‍යාපාරය පිළිබඳ බරපතල චෝදනාවක් එල්ල කර ඇති බැවින් එමගින් අධිකරණයට අපහාසයක් කර ඇති බවට අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍යට අදහස් දක්වමින් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතුව කෙලින් ඇත්ත කතාකරන එකම පුද්ගලයා. (නදී)
රන්ජන්ට මෙතන බැනල කොමෙන්ට් කරපු අය බනින්නේ රන්ජන් කුඩු කාරයන්ව හිරගෙට යවන්න උත්සහ කරන නිසා නේද? කුඩු වෙළදාමේ කොටස් කරුවන් වෙන්න ඇති බනින්නේ (නදී)
අවංකවම මෙයා තරම් කටක් දැකල නැහැ. (බ)
මෙයාගේ කට වාචාල කම තේරෙනවා හොඳටම. මේ මිනිහ අර මහාචාර්ය මාමටත් ඔය කටින්ම කියපු දේවල්. (බ)
වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැහැ. පව් අප්පා. (බ)
රන්ජන්ට හොඳම වැඩේ . පදනමක් නැති කතා කියන එක එයාගේ පුරුද්දක් (නදී)
අනුන්ට අපහාස කරන එක වීරකමක් විදියට හිතන මේ නළුවා ඉතාමත් ලඟකදී අමතක නොවන කෑමක් කාගෙන් හෝ කන වගනම් ඉතාමත් පැහැදිලියි.(නදී)
කට වැඩි නිසා ඔහොම වෙලා මදි. (නදී)
කුඩු කාරයෝ රජවෙනවා , උන්ව අල්ලලා දඩුවම් කරන්න කිවම අධිකරණයට අපහස කරනවා කියනවා , හොඳම උදාහරණය වෙලේසුදා , තව නොබෝ දිනකින් ඔහු ඇප පිට නිදහස් වේවි , ඊට පස්සේ බිස්නස් එක කරගෙන යහතින් ජිවත්වේවි , වරද රන්ජන්ගේද ? අපේද ? පොලිසියේද ? අධිකරණ පද්ධතියේද ? එකත් එකටම රන්ජන්ට නඩු දන්නා හදන මේ දේශපලකයත් කුඩු ජාවාරමට සම්බන්ධද? (බ)
කුඩු කාරයනට දඬුවම් නැත. අධිකරණයට කළ අපහාසයට දඬුවම් ඇත.(බ)
අට පාස් අයට නොදැනුවත්ව කියන කතාවලට සමාව දෙන්න ඕන.(බ)
රන්ජන් තරමක් අධි උත්තේජනයකින් තමයි කතා කරන්නේ හා වැඩ කරන්නේ. සමහරවිට තම ලඟම ඥාති ශ්‍රේෂ්ට මානව හිතවාදී අයෙකුවූ දිවංගත විජය කුමාරතුංග මහතා ගේ ආභාෂය ලැබී තිබෙනවා වෙන්න පුළුවන් අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න. මෙතනදී බලන්න ඕනේ ඔහු ඒ දෙය කීවේ කුමන අභිලාෂයන්ද කියා. ජාතිද්‍රෝහී අපරාධ කරුවන් නීතිය හමුවට පැමිණවීම ප්‍රමාද වීම ගැන කරන විවේචනය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා මෙය පරාජිත නායකයාව සනසන්න කරන දුබල උත්සයක් වෙන්නත් පුළුවන්. (නදී)
රන්ජන් කියන්න තියෙන දේ කෙලින් කාට උනත් කියන නිසා තමයි මහින්ද, ජොන්ස්ටන්, රෝහිත (රත්තරන්), මහින්දානන්ද මෙයත් එක්ක ඔච්චර තරහ. කුඩු සම්බන්ද පාර්ලිමේන්තු විභාගයේදී අනිත් අයවගේ වටේ යන්නේ නැතිව කෙලින්ම කියල දැම්මනේ. ඇත්ත කෙලින් කියනකොට ඒවාට කෙලින්ම සම්බන්ද කට්ටියට රිදෙනවා හොඳටම. සද්දේ නැතිව ගඳට පඩ ඇරියම හැමෝම දන්නවා පඩයක් අැරියේ කියලා. අැරපු කෙනා හොයන්න ඉතින් ලෙහෙසි නැහැ (නදී)
අද කුඩු මුදලාලිලා වල්මත් වෙලා. විශ්ෂයෙන් කුඩු මුදලාලිට කැපිල්ලක් ඇවිත් තියන නිසා මේ අය බලන්නේ මේවට විරුද්දව නැගිටින අයව නිහඩ කරන්න (නදී)
ඔක්කොටම වඩා මම මෙයාගේ ඇදුමට කැමති නැහැ. හැට්ට අදින්නේ නැතිව පිරිමියෙක් වගේ කමිසයක් ඇන්ද නම් නරකද ? (නදී)
හොදම අදහස චන්න බුවනක ගේ ..., ස්තුතියි ඔබට චන්න (ම)
ඔය මොනවා කිවත් රටම දන්නවා නලු ටෝක් බව (නදී)
නළුවෙකුගේ දෙබසක්-නැත ගත යුත්තක් (නදී)
කොහොමත් මෙතුමා මීගමුවේ සමාජ සේවයට ගෝඩක් එකතුවෙලා වැඩ කරන තුමෙක් (නදී)
මෝඩකමට බෙහෙත් නෑ කියන්ෙන් ඕවට තමයි (බ)
අනුන්ට අපහාස කරන එක වීරකමක් විදියට හිතන දන්නෑ හිතන්නේ (ම)
මේ නඩුවේ අවසානය දකින්න අප නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. (ර)
යු එන් පි එකට රන්ජන් / වගේ අය ගත්තේ වෙන අය නැද්ද. (බ)
එයා ඉතින් නළුවෙක්නේ කවුරු හරි කියන එක කියවමින් රගපාන්න ඇති. (ර)
රන්ජන් කටකරන්නේ ජනතාව වෙනුවෙන් මෝඩ කොමෙන්ට් දාන්න කලින් හිතන්න රන්ජන්ට කොන්දක් තියනවා ඇත්ත කියන්න (බ)
මෙයා කට හින්ද නහින්න හදන කෙනෙක් (බ)
බොරු වැඩ නොකර රටට වැඩක් කරන මිනිහෙක්ට ඒ මිනිහගේ අදහස් කියන්න ඉඩ දෙන්න. ඇත්තටම බලු වැඩ කර කර රට කන උන්ට දඩුවම් දීපල්ලා (නදී)
උප නගරාධිපති කාවද ආරක්ෂා කරන්නේ (නදී)
මේකත් රගපෑමක් කියලා කියයිද දන්නෑ (ම)
අවැදගත් මිනිසකුගේ අවැදගත් දෙබසක් (නදී)
වරදක් කළා නම් සෙයා බලා දඩුවම් දිම කළ යුතුයි (ම)
රන්ජන්ට මතක හිටින දඩුවමක් දිය යුතුයි (බ)
මොහු වරදක් කර තිබේනම් දඩුවම් දෙන්න.(හේ)