(ශිරාන් රණසිංහ)
රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව කන්ටේනර් (බහලුම්) 51ක් පිටරට යවා ඇතැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
සමාගම් දෙකක් මෙම රන් කැබලි මිශ්‍ර පස් ව්‍යාපාරයේ නිරතව සිට ඇති අතර භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයේ හා ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ වාර්තා හා ගෙන ඇති සැකකටයුතු පියවර පිළිබඳවද විමර්ශන වලදී හෙළි වී ඇත.
මෙලෙස රට පැටවීමට සුදානම් කොට තිබූ රන් කැබලි මිශ්‍ර කන්ටේනර් 4 ක රුපියල් 5,598,600 ක් වටිනා රත්තරන් තිබූ බවද ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තක්සේරු කර ඇත.
මෙම පරස්පරතා පිළිබඳ වටහා කරුණු පැහැදිලි කරන ලෙස ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා ශ්‍රි ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත දැනුම්දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමද ලංකාවේ පස් තව රටකට පටවන්නේ කොමද මේවා වෙන්නේ ? *කාගේ උදවූ* පමිට් නැතුව ලංකාවේ ඇතුලෙවත් පස් ගෙනිඅන්න බැහැනේ
මේවට දඩුවම් දෙන්න බැරි නීතිය සහ පාලකයන් ?
ගනු දෙනු කියන්නේ එව්වට තමයි. රන් මිශ්‍ර පස් කන්ටේනර් 51 ක් රට යවල කුඩු මිශ්‍ර පස් කන්ටේනර් 51 ආනයනය කරනවා. ආනයන. අපනයන දෙකම වැඩි දියුණු කරන්න යනවා කියනවනේ
අයියෝ රටේ පස් ටිකත් විකුණගෙන කාලද ?
ගිය හකුරට නාඩන්නේ, තියන හකුර රැකගන්නේ කිවහේ තියන කන්ටේනර් වල ඇති රත්රන් අගයන්ට සපෙක්ෂිතව කන්ටේනර් 51 ටම 500% බදු අයකරගන්න. වැඩේ අස්සේ ඉන්න අයගේ තරාතිරම නොබලා වටිනාකමින් 50% පුද්ගලික දඩ අය කරගන්න. නැතිනම් මින් පස්සේ තව හොරු කණ්ඩායම් ඇති කරගන්න කටයුතු සලස් වන්න.
මේ පස් කපාගෙන තියෙන්නේ ලංකාවේ මොන ප්‍රදේශයකින්ද?
මේක විදේශ ආදායම වැඩිකර ගන්න හොඳ වැඩක් !