IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රන් බිස්කට් චෙන්නායි නොයයි

රුපියල් දොලොස් ලක්ෂ අසූපන්දහසක්   වටිනා රන් බිස්කට් 03 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක්  අද අළුයම  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය  ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගනු ලැබූ රන් බිස්කට් තුනෙහි බර ග‍්‍රෑම් දෙසිය පනස් හතකි.

සැකකරු  විසිහත් හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් බව රේගුව කියයි.  ඔහු නිතර නිතර ඉන්දියාව හා  ශ‍්‍රී ලංකාව අතර යාම් කරන බව මෙතෙක් කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව් 253 දරණ ගුවන්යානයෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

එහිදී සහකාර රේගු අධිකාරී   ජී.කේ.එන් පෙරේරා මහතාට  සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත පරීක්ෂා කරද්දී මෙම් රන් බිස්කට් සොයාගෙන ඇත.

මේ පිලිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කළ අතර එම රන්බිස්කට් තුන රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ  මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන  අසංක ප්‍රියදර්ශන, ජී.කේ.එන් පෙරේරා,  ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා,  එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු,  ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

 

  



අදහස් (0)

රන් බිස්කට් චෙන්නායි නොයයි

දර්ශන Monday, 09 September 2013 06:28 PM

පොඩ්ඩක් දුරදිග කල්පනා කළා නම් වැඩේ කරගන්නත් තිබුණා (නි)

:       0       0

උපාලි Monday, 09 September 2013 01:34 PM

අර අනික් ප්‍රවෘත්තියේ කියවෙන 'වැඩි වූ සමලිංගිකයන්' ද දන්නේ නැහැ මේ වැඩේ මේ තරම් ප්‍රචලිතව කරන්නේ. මේ ගොල්ලො ගුදම් නවීකරණය කරලා හදාගෙන ඇති ආරක්‍ෂිත වළලු එහෙම දාලා. (ස)

:       0       0

සේරම් පැරිස් Monday, 09 September 2013 02:26 PM

විශේෂයෙන්ම ඉන්දියන් කාරයෙකුගේ ගුද මාර්ගය කොළඹ මහජන වැසිකිලියක් වගේමයි . ළංවෙන්නට බැරි බලන්ට බේරි මීටර 300 ක් පමණ දුර සිට ගඳ ගහන එකකි . අපගේ දක්ෂ රෙගු නිලධාරීන් කොහොම මෙය ගන්නවද කියන එකයි පුදුමය. (ස)

:       0       0

ටිරල් Monday, 09 September 2013 09:33 AM

මම හිතන්නේ මුන් ලංකාවට ණයයි . (ස)

:       0       0

බණ්ඩාර Monday, 09 September 2013 10:39 AM

මේවා හොදලාද පරික්ෂණ පවත්ත්වන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site