රුපියල් දොලොස් ලක්ෂ අසූපන්දහසක් වටිනා රන් බිස්කට් 03 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙක් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගනු ලැබූ රන් බිස්කට් තුනෙහි බර ග‍්‍රෑම් දෙසිය පනස් හතකි.
සැකකරු විසිහත් හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙක් බව රේගුව කියයි. ඔහු නිතර නිතර ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර යාම් කරන බව මෙතෙක් කරන ලද විමර්ශන වලින් අනාවරණය වී ඇත.
සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබ්ලිව් 253 දරණ ගුවන්යානයෙක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී සහකාර රේගු අධිකාරී ජී.කේ.එන් පෙරේරා මහතාට සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත පරීක්ෂා කරද්දී මෙම් රන් බිස්කට් සොයාගෙන ඇත.
මේ පිලිබඳ රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කළ අතර එම රන්බිස්කට් තුන රාජසන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, ජී.කේ.එන් පෙරේරා, ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා, එච්.ඒ.ඞී.ඞී දේවනාත්, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් දුරදිග කල්පනා කළා නම් වැඩේ කරගන්නත් තිබුණා (නි)
අර අනික් ප්‍රවෘත්තියේ කියවෙන 'වැඩි වූ සමලිංගිකයන්' ද දන්නේ නැහැ මේ වැඩේ මේ තරම් ප්‍රචලිතව කරන්නේ. මේ ගොල්ලො ගුදම් නවීකරණය කරලා හදාගෙන ඇති ආරක්‍ෂිත වළලු එහෙම දාලා. (ස)
විශේෂයෙන්ම ඉන්දියන් කාරයෙකුගේ ගුද මාර්ගය කොළඹ මහජන වැසිකිලියක් වගේමයි . ළංවෙන්නට බැරි බලන්ට බේරි මීටර 300 ක් පමණ දුර සිට ගඳ ගහන එකකි . අපගේ දක්ෂ රෙගු නිලධාරීන් කොහොම මෙය ගන්නවද කියන එකයි පුදුමය. (ස)
මම හිතන්නේ මුන් ලංකාවට ණයයි . (ස)
මේවා හොදලාද පරික්ෂණ පවත්ත්වන්නේ (දී)