මතුපිටින් රිදී ආලේප කළ රන් ගාංචු 6 ක් සවි කළ බෑගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මඩකලපුවේ පදිංචි කාන්තාවක් වන ඇය තිස් හැවිරිදිය.
රන් ගාංචු වල බර ග්‍රෑම් 458 කි.
එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ අසුපන්දහසක් බව රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දසක 5 කට,6 කට පෙර ගම්වල නම් තිබු , රන් මැණිකෙලා ,රන් බණ්ඩලා නම්බුකාර විදියට සිටියා. දැන් එ්කට බලන්ඩ ඒපායැ. කොළඹ රන් මැණිකෙලා, රන් බණ්ඩලා කටුනායකදී පෙන්වන සෙල්ලම් (නදී)
රූපසිංහ මහතාගේ කතාව සියයට සියයක් අනුමත කරමි. එමෙන්ම දක්ෂ අපගේ රේගු නිලදාරින්ට මාගේ ප්‍රණාමය සහ ආශිර්වාදය කරන්නාවූ අවංක සේවයට (නදී)
දැන්මම අයිතිකාරයෝ ඕක ගෙනියලා ඇති. (නදී)
ඉන්දියාවේදී රත්තරන් ලංකාවට වඩා ගණන්ද? (නදී)
රට තුලට සාමාන්‍ය ජනයා රැගෙන එන රත්‍රං හැරෙන්න, රං භාණ්ඩ නිෂ්පාදකයා රත්‍රං ලබාගනුයේ මහා බැංකුව මගින්ය. මහා බැංකුව සතු රත්‍රංවල වටිනාකම රටේ සම්පත් වල අගය ගනී. රටේ ඇති රත්‍රං මේ ආකාරයට ඉන්දියාවට හොර රහසේ අනාදිමත් කාලයක සිට ඇදෙන බව ප්‍රසිද්ධ රහසකි. මෙහි ඇති වටිනාම අනෙක් කරුණ නම් එකද රත්‍රං මන්චාඩියක්වත් ඉන්දියාවේ සිට අපරටට ආබව නම් මා අසා නැති තරම්. මේ ආකාරයට ඉන්දියාවට අපේ රටේ සම්පත් නැතිනම් රත්‍රං ටික ඇදී ගියහොත් අපට ඉතිරි වන්නේ අපේ රටේ පස් තමාය. මේ අප රටේ ඉන්න හොරාට රත්‍රං අදින ලාංකිකයන් ගෙන් සහ ඉන්දියන් කාරයන් ගෙන් අප රට බේරා ගත යුතුව් ඇත. (නදී)
දොඩම්ගොඩ ලකී මහත්මයාණෙනි, අපේ රටට අවශ්‍ය ඔබ වැන්නවුන්. අපි අපේ රට ගැන හිතන, අපි සියලු දෙන ලාංකිකයන් කියා නොසිතනා තාක්, කුල ගෝත්‍ර ජාති සහ ආගම් වලට බෙදී සිත නතාක්, අපහට අපේ රට රැක ගැනීමට අපහසු වනු ඇත. අපිට අපේ කියා රට ගැන සියලු ශ්‍රී ලාංකියනට සිතන්න පුළුවන් වූ දාට මවු බිමට ආදරය කරන්නට පුළුවන් වූ දාට රට තුල ඇතිවන සොරකම් පාගා ගැහිලි ඇල්ලීමට පහසු වනු ඇත. එවැනි දවසකට කිසිවකු සොරකම් ද නොකරනු ඇත. මා උත්සහ ගන්නේ අපේ කියා හඩක් ගොඩනගන්නයි. (නදී)