රුපියල් ලක්ෂ විසිපහක් පමන වටිනා කුඩා රත්තරන් කැබැලි 126 ක් රැගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඇමරිකානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. සැකකරු 45 වියැති රන් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි. ඔහු අප‍්‍රිකානු රටවලට ගොස් රත්තරන් එකතු කරන බවත් ඔහු මෙරටට පැමිණි දෙවන වතාව මෙය බවත් කරන ලද විමර්ශන වලින් අනාවරනය වී ඇත. අත් අඩංගුනට ගනු ලැබූ රන් කැබැලි වල බර ග‍්‍රෑම් 627 කි. සැකකරු ඊයේ රාත‍්‍රියේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 652 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ඇති අතර පසුව භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී සහකාර රේගු අධිකාරී උදේෂ් ජයවර්ධන මහතා විසින් සැකකරුව පරික්ෂා කිරීමේදී මෙම රන් කැබලි සොයාගෙන ඇත. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතාගේ මෙහෙයවීමන් රේගු අධිකාරී ඩබ්ලිව්.බී සමරකෝන් සහ සහකාර රේගු අධිකාරී උදේෂ් ජයවර්ධන යන නිලධාරීහු සිදු කරති.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් මල්ලි කෙනෙක් (දී)
ඉතාලියේ ඉන්න 'ලංකා කහ කුරුල්ලන්ගේ' බෙල්ලේ නම් මීට වඩා වටිනා රන් කඹ තියෙනවා, ඒ අයත් අහුවෙයිද කටුනායක හරහා ලංකාවට යනකොට?(නදී)
කාටහරි තෑගි කරන්නද දන්නේ නැහැ ගෙනාවේ. (නි)
ඇමෙරිකාවේ ඉන්න ජාවාරම් කාරයෝ මිසක් වැදගත් ඇමෙරිකානුවෙක් ලංකාවට් ඒවිද?(නදී)
එතකොට ඇමතිලා, මන්ත්‍රීලා පිටරටවලින් හොරෙන් ගෙනෙන රත්තරන් වලට කව්ද වග කියන්නේ? නැත්නම් කාටද විකුනන්නේ?(නදී)
කොහොමද දන්නේ නැහැ සිංගප්පුරුවෙන් පිටවුනේ?ඔහොම හරි කමක් නැහැ.ඇමරිකානුවන්ට ලංකාවේ මෝඩයෝ නැහැ කියලා දැනගන්න එක. (නි)
දැන් ඉතින් ඒකටත් මානව හිමිකම් ගාව ගනීද දන්නේ නැහැ. (නි)
මේ රන් කැබලි ගෙනත් තිබෙන්නේ මොකටද? විකුනන්න හෝ වෙනත් ජාවාරමකට ගේනවා නම් දඬුවම් දිය යුතුයි.
හා, හා , ලංකාවේ එහෙම වුනත්, ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැ. පිටරටට ආවඩන මල්ලිලා දාමු බලන්න ප්‍රතිචාරයක්. (නි)
කොච්චර හොඳද ලංකාවට රත්‍රන් එනවා නම් (නි)
අල්ලපු රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
පෙරේරා මහත්තයෝ ,මම නොදන්නා නිසා අහන්නේ. ඔය වැදගත් ඇමරිකානුවන් කියන්නේ කොයි වගේ අයටද? (නි)