IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රන් ගෙනා ඇමරිකානුවා කටුනායකදී අල්ලයි

රුපියල් ලක්ෂ විසිපහක් පමන වටිනා කුඩා රත්තරන් කැබැලි 126 ක් රැගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඇමරිකානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. සැකකරු 45 වියැති රන් ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි. ඔහු අප‍්‍රිකානු රටවලට ගොස් රත්තරන් එකතු කරන බවත් ඔහු මෙරටට පැමිණි දෙවන වතාව මෙය බවත් කරන ලද විමර්ශන වලින් අනාවරනය වී ඇත. අත් අඩංගුනට ගනු ලැබූ රන් කැබැලි වල බර ග‍්‍රෑම් 627 කි. සැකකරු ඊයේ රාත‍්‍රියේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 652 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ඇති අතර පසුව භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී සහකාර රේගු අධිකාරී උදේෂ් ජයවර්ධන මහතා විසින් සැකකරුව පරික්ෂා කිරීමේදී මෙම රන් කැබලි සොයාගෙන ඇත. මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජය රේගු අධ්‍යක්ෂක එම්. පාස්කරන් මහතාගේ මෙහෙයවීමන් රේගු අධිකාරී ඩබ්ලිව්.බී සමරකෝන් සහ සහකාර රේගු අධිකාරී උදේෂ් ජයවර්ධන යන නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

රන් ගෙනා ඇමරිකානුවා කටුනායකදී අල්ලයි

චතුර Friday, 07 June 2013 11:13 AM

රත්තරන් මල්ලි කෙනෙක් (දී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 07 June 2013 11:19 AM

ඉතාලියේ ඉන්න 'ලංකා කහ කුරුල්ලන්ගේ' බෙල්ලේ නම් මීට වඩා වටිනා රන් කඹ තියෙනවා, ඒ අයත් අහුවෙයිද කටුනායක හරහා ලංකාවට යනකොට?(නදී)

:       0       0

විජය Saturday, 08 June 2013 04:26 AM

කාටහරි තෑගි කරන්නද දන්නේ නැහැ ගෙනාවේ. (නි)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 11:36 AM

ඇමෙරිකාවේ ඉන්න ජාවාරම් කාරයෝ මිසක් වැදගත් ඇමෙරිකානුවෙක් ලංකාවට් ඒවිද?(නදී)

:       0       0

විමලසේන හ.ද. Friday, 07 June 2013 12:44 PM

එතකොට ඇමතිලා, මන්ත්‍රීලා පිටරටවලින් හොරෙන් ගෙනෙන රත්තරන් වලට කව්ද වග කියන්නේ? නැත්නම් කාටද විකුනන්නේ?(නදී)

:       0       0

රංජනී Friday, 07 June 2013 07:48 AM

කොහොමද දන්නේ නැහැ සිංගප්පුරුවෙන් පිටවුනේ?ඔහොම හරි කමක් නැහැ.ඇමරිකානුවන්ට ලංකාවේ මෝඩයෝ නැහැ කියලා දැනගන්න එක. (නි)

:       0       0

නදී Friday, 07 June 2013 06:13 PM

දැන් ඉතින් ඒකටත් මානව හිමිකම් ගාව ගනීද දන්නේ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 07 June 2013 08:08 AM

මේ රන් කැබලි ගෙනත් තිබෙන්නේ මොකටද? විකුනන්න හෝ වෙනත් ජාවාරමකට ගේනවා නම් දඬුවම් දිය යුතුයි.

:       0       0

සම්පත් Friday, 07 June 2013 08:50 AM

හා, හා , ලංකාවේ එහෙම වුනත්, ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැ. පිටරටට ආවඩන මල්ලිලා දාමු බලන්න ප්‍රතිචාරයක්. (නි)

:       0       0

ශාන් Friday, 07 June 2013 09:55 AM

කොච්චර හොඳද ලංකාවට රත්‍රන් එනවා නම් (නි)

:       0       0

නදීෂාන් Friday, 07 June 2013 10:10 AM

අල්ලපු රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 08 June 2013 01:05 AM

පෙරේරා මහත්තයෝ ,මම නොදන්නා නිසා අහන්නේ. ඔය වැදගත් ඇමරිකානුවන් කියන්නේ කොයි වගේ අයටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site