පිටකොටුව ලෝගුරුවීදියේ රන් ආභරණ නිශ්පාදනාගාරයකින් මීට මාස දෙකකට පෙර සිදු වු රුපියල් කෝටි තුනහමාරක රන් ආභරණ කොල්ලය සැලසුම් කල බව කියන මහ මොලකාර උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගලෙන් බිඳුණුවැව නිවසක සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑත ඉතිහාසයේ වෙච්චි ගොඩක් මංකොල්ලකෑම්, මිනීමැරුම් බොහොමයකට සම්බන්ධවෙලා තියෙන්නේ රටේ ආරක්ෂක සේවයේ ඉන්න හෝ හිටපු උදවියයි. මහා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්නේ මෙහෙමද (ම)
උසස් යැයි කියාගන්නා සමාජයක අද සිද්ධවෙමින් පවතින්නේ මෙවැනි දුෂණය හා භිෂණය පැතුරුණු භයානක වාතාවරණයක් තමයි.මිනිසුන්ගේ සාරධර්ම හිත්වලින් ඈත්වී වානිජකරණයට නැඹුරුවීමෙන් මිනිසා තිරිසනාගෙන් හදුනාගැනීම එතරම් අපහසු කටයුත්තක් නෙමෙයි මේ සමාජයේ.(ම)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
පොලිසියත් මෙසේ නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)
ඉස්සර පොලිස් සේවයට බඳවා ගත්තේ පවුල් පැටිකිරිය අනුව. ඒවා වෙනස්වීමේ ප්‍රතිඵල. අහන්න තියෙන්නෙම මුල්තැන ඉඳලම හොරකම්මනේ. (නි)
මොන හොරකම කරත් අහුවෙනවා හැංගිලා ඉන්න බෑ.(හේ)
මේක අරුමයක් නොවේ. 1977 සිට දිගහැරුණ සමස්ත සමාජ පැවත්මම විකාශය වුයේ අපරාධකාරී උප සංස්කෘතීන්ට ජීවය දෙමිනි. එතනදී, පාලකයාද, ඇමතියාද, ආරක්ෂක අංශයද, පැවිද්දාද ගිහියාද, ගුරුවරයාද ගෝලයාද කියා වෙනසක් නැතුව සියල්ලෝම පැණි හැලිය ලෙවකන ඇඹලයන් බවට පත්වුණා. ගුණධර්ම නොසොයා මුදල්ම හඹායන සමාජයක අපට මීටවඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. (නි)
මම හිතන්නේ දුෂණය දේශපාලනයට සහ සමාජයට විශාල වශයෙන් එක්වන්නට පටන්ගන්නේ 1970 ඉඳලා. 1977 පසු සිදුවුණේ එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිවීමක් පමණයි. (නි)