රුපියල් විසි ලක්ෂයක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සඟවාගෙන බැංගලෝරය බලා යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉන්දියානුවෝ දෙදෙනෙක්ට රුපියල් දස දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.එස් සේනාරත්න මහතා විසින් අද සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ බැංගලෝරයේ පදිංචි 28 හැවිරිදි සිල්ලර කඩ හිමියන් දෙදෙනෙකුටය.
ඉන්දියානුවන් ලඟ තිබී සොයාගත් රන් බිස්කට් 4 හි බර ග්‍රෑම් 400 කි.
මොවුහු ඊයේ(02) උදෑසන ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 773 දරණ ගුවන් යානයෙන් නැවත අාපසු බැංගලෝරය බලා යාමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරෙන්නේ නැත්තේ සමහරු ලංකාවෙන් ඉන්දියාවට රත්තරන් අරගෙන යන්න හදන අතරේ සමහරු ඉන්දියාවෙන් මෙහාට රත්තරන් ගෙනෙන්න මේ තරම් දඟලන්නේ ඇයි කියලයි. (නි)
දෙවියන් වහන්සේ මිනිසා මවනවිට ශරීර අවයවයන් ඔහුට ලබාදුන්නේ , එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරුණු කාරණා සිදු කරගන්නටය. ගුද මාර්ගය ලබාදුන්නේ , එතනින් මළපහ කිරීමට මිස, එහි රත්තරන් ගසා හොරෙන් සංචාරය කරන්නට නොවේ (නි)
මුන් රත්තරන් කනවද මන්දා (නදී)
රත්රන් ගුද මාර්ගයෙන් කන්නට ගියාම ඔහොම වෙනවා. රත්තරන් පළදින තැන් වල නෙමේ ලංකාවට එන සහ යන ඉන්දියානුවන් පලදින්නේ (නදී)
මෙහෙම ගියොත් යන එන හැමෝගෙම ගුද මාර්ග පරික්ෂා කරන්න ගනීවි.(හේ)