රුපියල් විසි ලක්ෂයක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සඟවාගෙන බැංගලෝරය බලා යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඉන්දියානුවෝ දෙදෙනෙක්ට රුපියල් දස දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී.එස් සේනාරත්න මහතා විසින් අද සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ බැංගලෝරයේ පදිංචි 28 හැවිරිදි සිල්ලර කඩ හිමියන් දෙදෙනෙකුටය.
ඉන්දියානුවන් ලඟ තිබී සොයාගත් රන් බිස්කට් 4 හි බර ග්‍රෑම් 400 කි.
මොවුහු ඊයේ(02) උදෑසන ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර අද ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 773 දරණ ගුවන් යානයෙන් නැවත අාපසු බැංගලෝරය බලා යාමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රන් කෑලි රාජසන්තකයි
උපාලි Monday, 03 November 2014 08:01 PM
මට තේරෙන්නේ නැත්තේ සමහරු ලංකාවෙන් ඉන්දියාවට රත්තරන් අරගෙන යන්න හදන අතරේ සමහරු ඉන්දියාවෙන් මෙහාට රත්තරන් ගෙනෙන්න මේ තරම් දඟලන්නේ ඇයි කියලයි. (නි)
සනත් ගුනවර්දන ස්විස් Monday, 03 November 2014 08:26 PM
දෙවියන් වහන්සේ මිනිසා මවනවිට ශරීර අවයවයන් ඔහුට ලබාදුන්නේ , එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරුණු කාරණා සිදු කරගන්නටය. ගුද මාර්ගය ලබාදුන්නේ , එතනින් මළපහ කිරීමට මිස, එහි රත්තරන් ගසා හොරෙන් සංචාරය කරන්නට නොවේ (නි)
චින්තක Monday, 03 November 2014 12:16 PM
මුන් රත්තරන් කනවද මන්දා (නදී)
යහම්පත් Monday, 03 November 2014 01:14 PM
රත්රන් ගුද මාර්ගයෙන් කන්නට ගියාම ඔහොම වෙනවා. රත්තරන් පළදින තැන් වල නෙමේ ලංකාවට එන සහ යන ඉන්දියානුවන් පලදින්නේ (නදී)
ඉසුරන්දි Tuesday, 04 November 2014 04:35 AM
මෙහෙම ගියොත් යන එන හැමෝගෙම ගුද මාර්ග පරික්ෂා කරන්න ගනීවි.(හේ)