උතුරේ සිට ඉන්දියාවට රැගෙන යමින් සිටි බවට සැක කරන රන් කිලෝ ග්‍රෑම් 45ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
යාපනය මාදගල් ප්‍රදේශයට නාවික සැතපුම් 25ක් බටහිරින් ගමන් කරන සැක සහිත යාත්‍රාවක් නිරීක්ෂණය කළ නාවික හමුදාවේ රණධීර නෞකාව අද රාත්‍රී 7.30ට පමණ සැකකරුවන් සහ රන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් කිලෝ 45ක් උතුරෙන් අල්ලයි
මෝහමෙඩ් කලිඩ්. Thursday, 02 October 2014 05:51 AM
රූපවති, කටුනයකින් රත්තරන් අල්ලන්නෙම නැද්ද?(අ)
ගාමිණී සිරිවර්දන Wednesday, 01 October 2014 03:59 PM
දිනපතා අල්ලනු ලබන රත්‍රන් නඩු තීන්දු දෙනතුරු තියන්නේ කොහෙද ?තීන්දුව අවසානයේ යන්නේ කොහේද? (නි)
ලකී දොඩන්ගොඩ Wednesday, 01 October 2014 04:28 PM
අර ජයලලිතා ළඟ තිබුනෙත් මෙහෙම රැගෙන ආ රන් කිලෝද දන්නේ නැහැ? (නි)
නිහාල් Wednesday, 01 October 2014 04:56 PM
අඹ ගෙඩියක් කෑවොත් ඒක ශරීරයට ගුණ බව අපි දන්වා. ඒත් රත්තරන් වලින් ශරීරයට ගුණයක් තියෙනවද? (නි)
නිසාර් Wednesday, 01 October 2014 05:06 PM
රන් නිධි ලංකවේ පොළොවෙන් නොලැබුනාට ජාවාරම් කරන මිනිසුන්ගෙන් ජයටම රන්නිධි මතුවෙලා ලංකාවට. නමුත් මේ රන්නිධි වලට මොකද වෙන්නේ? (නි)
උපාලි Wednesday, 01 October 2014 11:29 PM
මට තේරුම් ගන්න බැරි දේ තමයි සමහරු ඉන්දියාවෙන් මෙහාට රත්තරන් ගේන අතරේ තවත් සමහරු මෙහෙන් ඉන්දියාවට රත්තරන් අරගෙන යන්නේ ඇයි කියන එක. වැඩිමිලක් ගන්න වෙන්න බැහැ. වෙන මොකක්හරි හොරයක් ඇති. (නි)
ටිරෝන් Thursday, 02 October 2014 12:21 AM
රන් කිලෝ 45ක්? අපිට රන් කිලෝගාණක් තියා මිලිග්‍රෑම් 1ක්වත් නැහැ (නි)
කාංචන Thursday, 02 October 2014 01:46 AM
ඉතා හොඳින් රාජකාරිය ඉටුකිරීමක්! (නි)
මාලක Thursday, 02 October 2014 02:14 AM
බොහොම හොඳ උත්සාහයක්. ඔබගේ රාජකාරියට අපගේ ප්‍රණාමය! (නි)
ටී. ජී. ලියනගේ Thursday, 02 October 2014 02:56 AM
නිහාල්, වෙන කියන්න දෙයක් ඔලුවට ආවේම නැද්ද? (නි)
රූපවති Thursday, 02 October 2014 04:54 AM
අත් හරින්න එපා.. අපේ සොල්දාදුවනි ! අපේ දේශයේ සම්පත් දිවි පරදුවට තියා රැකගැනීමේ අයිතිය ඔබ සතුයි ..! දැන් වැටහෙන වා නේද ? ඇයි උතුරේ උදවිය වෙනමම එයාලගේ දේවල් පාලයට ඉල්ලන්නේ ? අපේ දේශය මේක එක කොඩියක සෙවනැල්ල. හැම බෝට්ටු කෑල්ලක්ම පරීක්ෂා කරලා ගෙනියන රත්තරන් ආපසු ගෙනෙන්න ශක්තිය ධෛර්යය අපේ සොල්දාදුවන්ට ලැබේවා ..!! (අ)