උදරයේ රන් සහ විදේශ මුදල් සගවාගෙන ඇති බවට සැකකරන ඉන්දියානු ජාතිකයෝ 6 දෙනෙක් සහ ශ‍්‍රී ලාංකිකයෙක් ඔවුන් පැමිණි වාහනය රියදුරා සහ සහායකයාද සමගින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගනු ලැබූ ශ‍්‍රී ලාංකිකයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ශරීර අභ්‍යන්තරයේ රත්තරන් සගවාගෙන ඉන්දියාව බලා යාමට පිරිසක් එන බවට ලැබුණු තොරතුරක් මත ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු ගුවන්තොටුපොලේ පිටත රැකවල් තරකර වාහනයද සමග මොවුහු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
රේගු නිලධාරීන් විසින් මෙම පිරිස එක්ස් කිරණ පරීක්ෂනයකට යොමු කර ඇත. එම පරීක්ෂනයට අනුව මේ අතරින් හතර දෙනෙකුගේ උදරයේ රන් කැබැලි 13,5,6,1 ඇති බවත් තවත් දෙදෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ විදේශ මුදල් ඇති බවට අනාවරණය වී ඇති බව රේගු නිලදාරීහු කියති.
මොවුහු ඊයේ ජෙට් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ වන විට මින් එක් පුද්ගලයෙකු තම උදරයේ තිබූ රන් කැබලි 04 ක් ඉවතට දමා ඇතැයි රේගුව කියයි.
මේ වන විට මොවුන් සියළු දෙනාම රේගුව බාරයේ පසුවන අතර රේගු නිලධාරීන් විසින් ඔවුන්ට දියර ආහාර, ආනමාළු සහ පළතුරු දෙමින් රේගුවේ රඳවාගෙන සිටිති.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක වරයා පැවසූවේ රේගුවට සැකකරුවෙකු තබා ගත හැක්කේ පැය විසිහතරක් බැවින් මොවුන්ගෙන් මෙම රන් කැබලි සහ විදේශ මුදල් ඉවතට ගන්නා තුරු රේගුවේ තබා ගැනිමට අදිකරණ නියෝගයක් ලබා ගන්නා බවයි.
මේ පිලිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවෙ පාලනය අපේ අරයා ඉල්ලයිද දන්නෙ නැහැ. (නි)
හරියට නිකං බබා හම්බ වෙනකම් බලාපොරොත්තු වෙලා ඉන්නවා වගේ රේගු නිලදාරීන් බලාගෙන ඉන්නවා ඇති. (නදී)
නීතිවිරෝධී නම් උපරිම දඩුවම් දෙන්න (නි)
බැලින්නම් මේක ඔත්තුවක් ලැබිලා අල්ලපු එකක්නේ (නි)
එහෙම බැහැනේ ගුවන් තොටුපොලෙන් පිටතදී කෙනෙක්ව අත්අඩංගුවට ගන්න (නි)
ලෝකයේ නව ප්‍රවනතාවයක්ද කොහෙද
පුදුම හොරුනේ...ජීවිතාන්තය දක්වා එකෙක් දෙන්නෙක් මහ වූලු ගෙදරට යවල බැලුවනම් නරකද..වරදකරුවන් නිවෙරැදී කරන රටක්නේ අපේ රට
අනේ පව්, දඩුවම් දෙන්න එපා.පැය ගානක් හංගගෙන හිටිය තැන ගැන හිතුවම, ඊට වැඩිය දඩුවමක් මොකටද? (නි)
බඩේ හිඟන්නෙක් නෙමෙයි සල්ලිකාරයෙක්....!(නදී)
'මේ වන විට මොවුන් සියළු දෙනාම රේගුව බාරයේ පසුවන අතර රේගු නිලධාරීන් විසින් ඔවුන්ට දියර ආහාර, ආනමාළු සහ පළතුරු දෙමින් රේගුවේ රඳවාගෙන සිටිති' අනේ අපොයි! (නි)
කොහොමද මේවා ඇතුලට දමා ගත්තේ? (නි)
ගුද මාර්ගය පසුගිය දිනවල බොහෝ විට පාවිච්චි කළා. දැන් උදරය පාවිච්චි කරනවා. කෙසේ නමුත් ඉන්දියන් සහ පාකිස්ථානුවන් මේ රටට එන්නේ සංචාරය සඳහා නොව අපේ රටේ මත් කුඩු විකුණා මෙරට තිබෙන රන් සහ මුදල් රැගෙන යාමට. රේගුව විමසිලිවත්ව සිටීම නිසා සමහරු අසු වෙනවා මෙන්ම කි දෙනෙක් රෙගුවට ඇස් වේලි ගසා පනිනනවා ඇතිද ?(නදී)
අනේ රත්තරන්, ඔය කොහෙද යන්නේ? අධි මාර්ගයෙන් ගුද මාර්ගයට? (නි)
ගුවන් තොටුපලේ සිංහල බෙහෙත් සාප්පුවක් දැම්මොත් හොදයි (නි)
මේ ඉන්දියන් කට්ටිය නම් හොඳට පරික්ෂ කොරන්න මෙයාල හරිම අමාරු කාරයෝ.(නදී)
රේගුවට පොඩි පහේ ඩිස්පැන්සරියක් දාගන්න වෙනවා දැන් නම්. වැඩිය බෙහෙත් ජාති තියා ගන්න ඕනේ නැහැ. වතුර, ජාපාල ඇට හෝ ගුලි, අනිකුත් විරේක බෙහෙත්, ඔය ටික ඇති. ආනමාලු වලට මොකට වියදම් කරනවද? විශේෂ "රන් වැසිකිලියකුත්' කියල හදව ගන්න. (නදී)
අර උපාලි කියලා තියන දේවල් සමඟ තොස ,වඩේ,සම්බරු සියඹලා සමඟ අපේ රේගුව මහත්තුරුන්ට තියාගන්න වෙනවා..මොකද ඉන්දියන් කාරයන්ට කන්න දෙන්න ඕන. (ස)
උදරයෙන් රන් පොලු සහ මුදල් හොරෙන් අරන් ගියත් අන්තිමට ගන්න වෙන්නේ අධෝ මුඛයෙන් ( ගුද මාර්ගයෙන්ම ) තමා . සියලුම ඉන්දියානු සහ පකිස්තානු සංචාරකයන් ගැන විමසිලිමත් වීම රේගුවට ඇති කාර්ය භාරයක් . එමෙන්ම සමහර ශ්‍රී ලාංකිකයනුත් ගුද මාර්ගයේ රන් පොලු සහ මුදල් වංචාවෙන් ගෙන යාමට පාවිච්චි කරනවා. (ස)
රේගුවෙ ඉන්න රත්තරන් බබා.... (නි)
මට හිතෙන්නේ ඉන්දියන් අයගේ ප්‍රධාන ආහාරය රත්තරන් වෙන්න ඇති. (නි)
මේ විදිහට රේගුවත් සෞඛ්‍යයත් එක ඇමති කෙනෙකුට දෙන්න වෙයි වගේ. (නි)
නීතිවිරෝදී වැඩ පොඩි දේ සිට ලොකු දේ දක්වා අල්ලන රේගු නිලධාරින් හට මල්මිටක්. (නි)
මේ රටට ආදරයක් නැති සමහරුන්ට මේවා විහිලු.මේ වගේ අයට දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි (නි)