කරඳගොල්ලේ කැළැවක වැටී තුවාල ලබා සිටියදී සොයා ගත් බව කියන රන් උණහපුලු පැටවකු හෝටල් සේවක පිරිසක් ගෙනවිත් වනජිවි නිලධාරින්ට බාර දුන් බව ඇල්ල පොලිසිය පවසයි.
දුර්ලභ ඝණයේ සතෙකු ලෙස සැලකෙන රන් උණහපුලුවාගේ දිග අඟල් අටක් වේ. උණහපුලු පැටවා ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර වනජිවි පශු වෛද්‍ය ඒකකයට බාර දී ඇත.
![20160320_214003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160320_2140031.jpg)
![20160320_214035[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160320_2140351.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතු සතෙක් නිසා දාල ගිය එකෙක් හැටියට සලකල පෙරහරේ එක්ක යන්නත් එක්ක හදාගම්මුද?(කෞ)
උණහපුලුවා උනත් මේ පැටියා උගේ අම්මාට මහ මෙරකි. රන් කඳකි. පින් කඳකි. අම්මලා කවුරුත් තමන්ගේ දරුවන්ට මේ වගේම ආදරේය.(ම)
වනජීවි නිලධාරින්ට බාරදුන් නිසා බයවෙන්න දෙයක් නැහැ. හෙට ඉඳලා සේරම නිකන් ලැබෙයි අපේ බදු මුදල් වලින්, කැලේට අතහරිනතුරු. (නි)
උනහපුලු පැටියා "මැණිකක් " වෙන්නේ උගේ අම්මාට මිසක් වනජීවියේ නිලධාරීන්ට නොවෙයි .(ම)
සනීප වුණාට පස්සේ සත්තු වත්තට එහෙම දෙන්න හදන්න එපා. (නි)
නම උණහපුලුවා උනාට මෙයා සමහර දේශපාලුවෝ තරම් දරුණු නැතුව ඇති. (හේ)
අපරාදේ! දාලා ගිය එකෙක් කියලා හදා ගන්නනේ තිබුනේ. (නි)