රුපියල් ලක්ෂ 40 ක් වටිනා රත්තරන් බිස්කට් අටක් පරණ ඉස්තිරික්කයක් තුළ සහ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග්‍රෑම් 800 කි.
ඉන් රන් බිස්කට් 4 ක් පරණ ඉස්තිරික්කයක් තුල සගවා තිබු බවද ඉතිරිය ගමන් මල්ලේ තිබු බවද රේගුව කියයි.
සැකකරු එම්රේට්ස් ගුවන් සේවාවට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල් තිලක, එස්.පී.අයි බාලසුරිය, සහකාර රේගු අධිකාරිවරුන් වන මංජුල ප්‍රසාද්, රුවන් රත්නායක, මධුෂංක විජේවර්ධන සහ මලින්ද පෙරේරා යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නිමල් පෙරේරා මහතා විසින් සිදුකිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විසි වරක් විතර ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා රේගු නිලධාරින් කිසි විට මගේ බෑග් එකක් ඇරලා පරික්ෂා කරලා බලලා නැහැ.එකම දෙයයි අහලා තියෙන්නේ මොන රටේ ඉදලද එන්නේ කියලා විතරයි.රේගු නිලධාරීන්ට ඉව තියෙනවා නීති විරෝධි දේවල් ගේන අය ගැන ඒකයි.(හේ)
පරික්ෂාවට ලක් කරන නිසයි මේ වගේ හොරු අල්ල ගන්න පුළුවන්.(හේ)
රේගු නිලධාරීන්ට මගියෙක්ගේ මුණ දැක්කම කියන්න පුළුවන් හොර බඩු අරන් එනවද නැද්ද කියලා.(හේ)
ගුද මාර්ගය, බඳ පටි සහ ගමන් මලුවල අඩියේ දමා රන් පිටකිරීම සහ ගෙන ඒම අසුවන්නට පටන්ගත් නිසා මේක අලුත් ක්‍රමයක් වෙන්න ඇති. එහෙත් අපේ බුද්ධිමත් අවංක රේගු නිලධාරින් ඕවායෙන් රවටන්න බැහැ. සුවිශේෂ උපකරණ නොමැති වුණත් ඉවෙන් මෙන් ඔවුන් දන්නවා හොරුන්ව. දක්ෂ නිලධාරින්ට මාගේ ප්‍රණාමය! (නි)
මෙහෙම ගියොත් අපිටවත් දරුවෙක් මල්ලෙක්ට රන් බඩුවක් හදන් ගෙනියන්න වෙන්නේ නැහැනේ.කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා කියන්න දැන් කොච්චර ප්‍රමාණයක් රන් ගෙනියන්න පුලුවන්ද කියලා රේගුවේ නීති රීති වලට අනුව?වළලු මාල මුදු කරාබු රිසිට් පත සමග ඉදිරිපත් කරනවානම් එකාට තහනමක් නැහැ නේද?දන්නේ නැති නිසයි අහන්නේ.කරුණාකරලා පිළිතුරක් බලාපොරොත්තු වෙමි.(හේ)