IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රන් ඉස්තිරික්කයක්

රුපියල් ලක්ෂ 40 ක් වටිනා රත්තරන් බිස්කට් අටක් පරණ ඉස්තිරික්කයක් තුළ සහ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත්  බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග්‍රෑම් 800 කි.

ඉන් රන් බිස්කට් 4 ක් පරණ ඉස්තිරික්කයක් තුල සගවා තිබු බවද ඉතිරිය ගමන් මල්ලේ තිබු බවද රේගුව කියයි.

සැකකරු  එම්රේට්ස් ගුවන් සේවාවට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරීවරුන් වන  ඩී.එම්.ජී නිමල් තිලක, එස්.පී.අයි බාලසුරිය, සහකාර රේගු අධිකාරිවරුන් වන මංජුල ප්‍රසාද්, රුවන් රත්නායක, මධුෂංක විජේවර්ධන සහ මලින්ද පෙරේරා යන නිලධාරීහු සිදු කරති.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක නිමල් පෙරේරා මහතා විසින් සිදුකිරීමට නියමිතය.

 1 2 3

 

 



අදහස් (0)

රන් ඉස්තිරික්කයක්

සංජය Friday, 07 November 2014 07:48 AM

මම විසි වරක් විතර ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා රේගු නිලධාරින් කිසි විට මගේ බෑග් එකක් ඇරලා පරික්ෂා කරලා බලලා නැහැ.එකම දෙයයි අහලා තියෙන්නේ මොන රටේ ඉදලද එන්නේ කියලා විතරයි.රේගු නිලධාරීන්ට ඉව තියෙනවා නීති විරෝධි දේවල් ගේන අය ගැන ඒකයි.(හේ)

:       0       0

නුවන් Friday, 07 November 2014 10:31 AM

පරික්ෂාවට ලක් කරන නිසයි මේ වගේ හොරු අල්ල ගන්න පුළුවන්.(හේ)

:       0       0

දමිත් Friday, 07 November 2014 10:50 AM

රේගු නිලධාරීන්ට මගියෙක්ගේ මුණ දැක්කම කියන්න පුළුවන් හොර බඩු අරන් එනවද නැද්ද කියලා.(හේ)

:       0       0

බාලසුරිය කොලොන්නාව Friday, 07 November 2014 11:25 AM

ගුද මාර්ගය, බඳ පටි සහ ගමන් මලුවල අඩියේ දමා රන් පිටකිරීම සහ ගෙන ඒම අසුවන්නට පටන්ගත් නිසා මේක අලුත් ක්‍රමයක් වෙන්න ඇති. එහෙත් අපේ බුද්ධිමත් අවංක රේගු නිලධාරින් ඕවායෙන් රවටන්න බැහැ. සුවිශේෂ උපකරණ නොමැති වුණත් ඉවෙන් මෙන් ඔවුන් දන්නවා හොරුන්ව. දක්ෂ නිලධාරින්ට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 05:37 AM

මෙහෙම ගියොත් අපිටවත් දරුවෙක් මල්ලෙක්ට රන් බඩුවක් හදන් ගෙනියන්න වෙන්නේ නැහැනේ.කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා කියන්න දැන් කොච්චර ප්‍රමාණයක් රන් ගෙනියන්න පුලුවන්ද කියලා රේගුවේ නීති රීති වලට අනුව?වළලු මාල මුදු කරාබු රිසිට් පත සමග ඉදිරිපත් කරනවානම් එකාට තහනමක් නැහැ නේද?දන්නේ නැති නිසයි අහන්නේ.කරුණාකරලා පිළිතුරක් බලාපොරොත්තු වෙමි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site