ඉන්දියා රුපියල් පන් දහස බැගින් වූ මුදල් කොන්ත‍්‍රාත්තු මත රත්තරන් කැබලි 10 ය බැගින් ගිල දැමූ බව කියන ඉන්දියානු ජාතිකයන් දෙදෙනකු චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරුවෝ වයස අවුරුදු 46 හා 40 වියැති ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි කරුවෝ වෙති. ඔවුන් නිතර නිතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
අද අළුයම චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන එක්ස් කිරන පරීක්ෂණයකට යොමු කොට ඇති අතර එහිදී බඩෙහි යමක් ඇති බවට සලකුණු වී ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී තමන් රත්තරන් ගිල දමා පැමිණි බව ඔවුන් දෙදෙනාම පිළිගෙන ඇත.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා මොවුන් දෙදෙනාගෙන් වෙනම වෙනම ප‍්‍රශ්ණ කොට ඇති අතර එහිදි මින් එක් අයෙකු පවසා ඇත්තේ තමන් පෙරේදා ශ‍්‍රී ලංකාවට පැමිණි බවත් යලි ඉන්දියාව බලා යාමට කොළඹ සිට කටුනායක බලා පැමිනෙද්දී බස් රථයේදී හමුවූ තවත් ඉන්දියානු ජාතිකයෙක් විසින් මෙම රන් කැබලි ලබා දුන් බවත් බස් රථයේදී වතුර බිබී රන් කැබිලි එකින් එක ගිල දැමූ බවයි.
ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඉන්දියානු රුපියල් පන්දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවකට මෙය බාරගත් බවත් පවසා ඇත.
අනෙකා පවසා ඇත්තේ තමන් ඊයේ අළුයම මෙරටට පැමිණි බවත් ඇවරිවත්ත ප‍්‍රදේශයේදී තවත් ඉන්දියානු ජාතිකයෙක් විසින් මෙම රන් කැබිල ලබා දුන් බවයි. පසුව එම් ස්ථානයේදීම වතුර බිබී ගිල දැමූ බවත් ආපසු ඉන්දියාව බලා යාමට ගුවන්තොටපොළට පැමිණි බවත්ය.
ඉන්දියානු රුපියල් පන්දහස බැගින් වූ මුදල් කොන්ත‍්‍රාත්තුව මත මෙම රන් කැබලි ගිල දැමූ බවත් තමන්ට කුඩා දරුවන් දෙදෙනා බැගින් සිටින බැවින් බන්ධනාගාර ගත නොකරන ලෙසත් රන් කැබලි ආපසු ලබා දෙන බවත් මොවුන් දෙදෙනොම හඩමින් පවසා ඇත.
මේ වන විට රේගු නිලධාරීන් විසින් රන් කැබලි ලබා ගැනීම සඳහා ඔවුන්ට කෙසෙල් ගෙඩි ඇතුළු දියරමය ආහාර පාන ලබා දෙමින් රේගු බාරයේ රඳවාගෙන සිටින අතර සවස් වන විට අදිකරණ නියෝග මත මීගමුව රෝහලට ඇතුලත් කිරිමට නියමිතව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ අරුණ ශාන්ත, එම්.ඒ.ඹ් ප‍්‍රනාන්දු, එල්.ආර් නානායක්කාර, අයි.එම්.එල් දුෂ්‍යන්ත, එස්.යූ ලොකු බාලසූරිය, ටී.එල් සමරවීර යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් ගිල්ලත් ගන්න වෙන්නේ පශ්චාත් බගයෙන්ම තමා . ගුද මාර්ගයේ ගසා යෑම වෙනස් කර රන් කැබලි ගිල දමා ගෙන යාම . අපේ රේගු නිලදාරින්ට බොහෝ ස්තුතියි . මේ ඉන්දියානු හොරුන් අල්ලා නීතියට ගෙනාවට . රේගු නිලදරින්ට සහයට ගුද මාර්ගය හරහා වස්ති කරන වේද මහතෙකු යොදවන්න පහසුවට. .(නදී)
මේ හොයාගන්න රන් අයිති වෙන්නේ කාටද? (නදී)
අමාලි ... මම හිතනවා ඔයාට පුළුවන් වෙය් රේගුවට වෙද මහත්තයෙක් හොයල දෙන්න ... අපේ රේගුවේ නිලධාරීන් දක්ෂයි එයාලට අපේ සුභ පැතුම්....(නදී)
බලාගෙන යනකොට ඉන්දියාවෙන් හැම දෙයක්ම කුලියට ගන්න පුළුවන්නේ. (නි)
ඕවා උණ්ඩුකපුච්චයට ගියොත් ආයේ නම් එළියට ගන්නවා බොරු, සැත්කමක් නොකර..(නදී)
මං අහලා තියෙනවා අරළු පෙති වලට බඩ බුරුල් වෙනවා කියලා.කෙසෙල් ගෙඩිත් එක්ක අරළු පෙත්තක් දුන්නා නම් ඒකත් හොඳ වස්තියක්.වස්තියෙන් පසු රන් කැබලි වෙන් කර සෝදා පිරිසිදු කිරීම රන් ගිලපු අය ලවාම කරවනවා නම් වඩාත් හොඳ යැයි සිතේ. (නි)
මං එදත් කිව්වනේ රේගු මහත්තුරු වැරදි විදිහට කියලා වැඩේ කරන්නේ (නි)
ඉන්දියන් රුපියල් 5000 කට මේක කළේ. මේ තරම් පුංචි මුදලකට වැඩ කරන මිනිසුන්ගේ ආරථික තත්වය කොහොමද? ප්‍රධාන ගැටලුව වෙන්නේ මෙවැනි ඉතා දුර්වල ආර්ථික තත්ත්වයක් ඇති මිනිසුන්ට වීසා ලැබෙන්නේ කෙසේද යන්නයි. එපමණක් නොවේ ඔවුන් නිතර නිතර ලංකාවට යන එන අයයි. නැවතත් ඇසීමට ඇත්තේ කුමන පදනමක් යටතේ මොවුනට වීසා ලබාදුන්නේද යන්නයි. (නි)
රන් බිජු දමන ඉන්දු කැකුලෝ! (ස)
මේවාට සම්බන්ද වන නිදැල්ලේ හැසිරෙන තොරුන් අල්ලගන්න බැරි ඇයි?(නදී)
"ඉන්දියන් පස්සවල් කුලියට දීමට තිබේ. අය කිරීම රුපියල් 5000 යි." කියල බෝඩ් එකක් ගහලා ඇති චෙන්නායි නුවර. රත්තරන් හිර වෙලා එකෙක් මරුන දාට කව්රුවත් නැති වෙයි?.(නදී)
පුෂ්ප කුමාර, මේ රන් අයිති වෙන්නේ කාටද කියන එක ඔයාට ප්‍රශ්නයක් නේද??? දැන් ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. (නි)
වැඩි වෙනසක් නැහැ. වෙනස් තැන් වලින් දාගත්තට එලියට එන්නේ එකම තැනින්මනේ. (නි)
පුෂ්ප කුමාර , කොටින්ගේ රත්තරන් ගත්ත අය වෙන්න ඇති මේවා ගේත් අයිතිකාරයෝ.(නදී)