රජිනිකාන්ත්ගේ "කබාලි" චිත‍්‍රපටයේ කබාලිගේ විවාහක බිරිඳ ලෙස රඟපෑ රාධිකා අප්තෙගේ උපන්දිනය පසුගිය සැප්තැම්බර් 07 වැනිදාට යෙදී තිබුණා.

‘කබාලි’ චිත‍්‍රපටය නිසාම මුළු ලෝකය පුරාම ජනප‍්‍රිය වන්නට සමත් වූ රාධිකා, මේ වසරේ වඩාත්ම කාර්යබහුල නිළියද වී ඇතැයි සඳහන්.

සිය උපන්දිනය යෙදී තිබුණ දිනයේදීද චිත‍්‍රපටයක රූපගත කිරීම් සඳහා දායක වු රාධිකාට බොහෝ දෙනෙකු සුබපැතුම් එක් කර තිබෙනවා.

එමෙන්මිකබාලි’ චිත‍්‍රපටයේ රඟපෑ දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ද රාධිකාට විශේෂිත උපන්දින සුබපැතුමක්ද එක් කර තිබුණ බව දැන ගැනීමට ලැබෙනවා. එමෙන්ම ඔහු විසින් ඇයට වටිනා ත්‍යාගයක්ද සිය සුබපැතුම සමග පිරිනමා තිබුණ බව වාර්තා වෙනවා.

‘කබාලි’ චිත‍්‍රපටයෙන් පසුව රාධික රංගනයෙන් දායක වන බොලිවුඞ් හා කොලිවුඞ් චිත‍්‍රපට කිහිපයක්ම ඉදිරි මාස කිහිපයේදී තිරගත වීමට නියමිතය.

 

2016-09-12-ent-14