ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්ගේ නිෂ්පාදනයක වන "ෆර්චෙට්" චිත්‍රපටය එළැඹෙන සැප්තැම්බර් 23 වැනිදා බොලිවුඩ්හි ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතයි.
බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා තුළ අතිශය ජනප්‍රිය සිනමා නිළියක වන රාධිකා අප්තේ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, සූර්වින් චව්ලා, ටනිෂ්තා චිතාජී, අදිති ගුප්තා ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා දායකව සිටිනවා.
වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කර තිබෙන මෙහි නිරුවත් දර්ශන බොහොමයක රාධිකා පෙනී සිටින බව සඳහන්. එහෙත්, "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ එම දර්ශන බොහොමයක් මේ වනවිට චිත්‍රපටයෙන් කපා ඉවත් කොට ඇති බවයි.
මෙම චිත්‍රපටය සම්බන්ධව එළිදැක්වූ ප්‍රචාරක පටයේද මෙම දර්ශන කිහිපයක් ඇතුළත්ව තිබුණ අතර, ඒ නිසාම "ෆර්චෙට්" චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂක උනන්දුවද වැඩිවී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට මෙම චිත්‍රපටයේ එම දර්ශන ඉවත් කොට තිබෙන අතර, චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලීනා යදෙව් පවසන්නේ චිත්‍රපටයෙහි ඇතුළත් කතාවට එම දර්ශන ඉවත් කිරීම හේතුවෙන් යම් හානියක් ඇතිව තිබෙන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd