
(සනත් ගමගේ)
අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය.
මාස තුනක් වයසැති මෙම සිංහ පැටවුන් හය දෙනා නම් තැබිම සඳහා මහජන ප්‍රදර්ශනයට තැබිම සෆාරී උද්‍යානයේ දි සිදුවිය.
නම් තැබිම සඳහා නම් යෝජනා කරන ලෙසට මීට පෙර සෆාරි උද්‍යානය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර යෝජනා වූ නම් 4000 කින් පමන තෝරාගත් නම් හයක් තැබීම සත්ව උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.සි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝා, යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අඝ්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තබා ඇත.
මෙම නම් යෝජනා කරන ලද අයගෙන් තිදෙනෙක් ද එදින පැමිණ සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රධානයක්ද සිදුවිය.
මෙම අවස්ථාවට රිදියගම සෆාරි උද්‍යානයේ උද්‍යාන භාරකරු හේමන්ත සමරසේකර, පශු වෛද්‍ය නදුන් කළුආරච්චි යන මහත්වරු සහභාගී වූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක පුදුම වැඩක්නේ අද රිදියගම සෆාරි පාර්ක් එකේ වෙලා තියෙන්නේ !!! එතැන ඉපදුණු එකම සිංහ බබාට..."මහින්ද රාජපක්ෂ" කියා නම තිබ්බේ නැත්තේ මොකොද කියා මැදමූලන පැත්තේ මහ ලොකු ඝෝෂාවක් යනවා...!!! රටේ පොදු වැසිකිළියක ඇරෙන්න, වෙන හැම තැනකම "මරා" කියන නම දාපු එකෙ, මරා රිදියගම සෆාරි පාර්ක් එකෙ ඉපදුන සිංහ බබාට, එමගින් අසාධාරණයක් වුණා කියනවා. එම සිංහ පවුලම.... සිංහ කෙලි පැටික්කියන්ට නම්.... ශිරන්ති, ඩේසි වගේ නම් සලකා බලන්නවත් පුළුවන් බව ඔවුන් කියනවා !!!