කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී (2012) ස්ලෝවැකියාව තරග 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ (22) සමත් වුහ. ශ්‍රී ලංකාව තරගාවලියේ මුලික වටයේදී ‘සී’ කොටසෙන් තරග වදින අතර උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ශ්‍රී ලංකා පිල නියෝජනය කරති.
පළමු කේවළ තරගයේදී ගාමිණී දිසානායක විසින් තෝමස් මසාරක් ලකුණු 6/1, 6/2 ක් ලෙස පරාජය කරන ලද අතර දෙවැනි කේවළ තරගයේදී රාජකරුණා විසින් ඬේවිඞ් චැබ්රික් ලකුණු 6/3, 6/1 ක් ලෙස පරාජය කරන ලදි.
යුගල ඉසව්වේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනා විසින් ස්ලෝවැකියානු ක‍්‍රීඩකයන් දෙදෙනා 6/3, 6/0 ක් ලෙස පරාජය කරමින් තරග තුනම ජය ගැනීමට සමත්වුහ.
රෝදපුටු ටෙනිස් ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීමේ අතරේ 71 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 79 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිවලදී තෙවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව තිබේ.
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් මේ මස 27 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (23) ඉතාලිය සමග තරග කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
260
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ස්ලොවැකියාව පරදවති
චමින්ද Thursday, 24 May 2012 03:51 AM
ජයවේවා
ප්‍රියාල් Wednesday, 23 May 2012 01:43 PM
ජය වේවා........ !!!!!!!!!!