අයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා රථ වාහන සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කර ඇතැයි කීය.
එමෙන්ම රථ වාහන සඳහා නව කාබන් බද්දක්ද පැනවීමට කටයුතු යොදා ඇත.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සියයට සියයක පොලී සහනයක් මත රුපියල් ලක්ෂ 3ක ණයක් ලබාදීමට ද අය වැය යෝජනා මගින් තීරණය කර ඇත.
මේ අතර සිංහල හා දෙමළ බසට හඬකවා මෙරට රූපවාහිනී නාලිකාවල විකාශය කරනු ලබන විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා පැය බාගයක කොටසකට අයකරන බද්ද රුපියල් 90000 සිට රුපියල් ලක්ෂ තුන දක්වා වැඩිකිරිමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් රටක මීටවඩා දේවල් ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන්. (නි)
500 දඩය 2500 වීමෙන් වෙන්නේ පොලිසිය පෝසත් වෙන එක පමණි. දේශපාලකයන්ට සහ ප්‍රාඩෝ වැනි සුපිරි වාහන හිමියාට ප්‍රශ්නයක් නැත. පොලිසිය ඒවාට අත නොදමති. ප්රශ්නය ඇති වෙන්නේ එදා වේල හම්බකරගෙන කන ත්‍රිරෝද රථයෙන් මෝටර් බයිසිකලෙන් ගමන් යන දුප්පතාටය. මිනිස්සු ත්‍රීරෝද රියදුරන්ට යතුරුපැදි කරුවන්ට බැන්නාට ලංකාවේ මඟීන්ට ආරක්ෂාකාරීව කලට වෙලාවට ගමන් යන්න පොදු ප්‍රවාහන සේවයක් නැත. (නි)
දඩ ගාස්තු වැඩිකළ එක හොඳයි. අල්ලස සඳහාත් දඬුවම් වැඩිකරන්න (නි)
මේ ආණ්ඩුව අහස උසට බදු ගහනවා විතරයි. කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් නැහැ. රට ආපස්සට යනවා. (නි)
වැඩිකරලා විතරක් හරියන්නෙ නැහැ, එය ගෙවන්න පහසුවෙන විදියට වැඩපිළිවෙළක් හදන්න. දැන් පගාව ගන්න පුරුදුවෙලා ඉන්නේ, රියදුරු බලපත්‍රය ඔවුන් සන්තකයට ගන්නා නිසයි (නි)
වාහන දඩය ගැන කතා කරන මෝඩයන්ට පෙන්නේ නැද්ද මේ සේරම කරන්නේ රටේ ජනතාව හූරාගෙන කන්න බව? දේශපාලුවෝ තව තවත් ණය අරන් විකාර ප්‍රොජෙක්ට් හදලා කොමිස් ගන්නවා. දේශපාලුවන්ගේ මල්ල පිරෙනවා. ජනතාව දවසින් දවස දුප්පත් වෙනවා. එවුන් සැප විඳින්නේ අපේ සල්ලි වලින් බව තේරුම්ගන්න.(අ)
වාහන දඩ නියම කරන්න ඕනෑ හරි නියාමනයක් යටතේ පමණයි. ඔය විදියට දඩ පනවලා විනය හදන්න බැහැ. වාහන ගන්න මිනිස්සු බදු විතරද ගෙවන්න ඕනෑ. වාහනය නවත්වන්න පහසුකම් නැතුව 2500ක් ගෙවන්න වුණොත් හරිම අසාධාරණයි. විජේපාල හරි. ඇත්තටම ආණ්ඩුවේ නොහැකියාව තමයි අයවැයෙන් පෙනෙන්නේ. (නි)
විජේපාල, සිංහල ටෙලිනාට්‍ය කියලත් මිනිස්සු මොනවද බලන්නේ. මට නම් කමක් නැහැ. මොකද මම ඔය එකක්වත් බලන්නේ නැහැ. අඩු වශයෙන් රජයේ නාලිකා වලවත් සිසු දරුවන්ගේ සහ අනෙකුත් අයගේ දැනුම දියුණු කරගැනීම සඳහා වර්තා, ඩොකියුමන්ට්රීස්වත් පෙන්වනවද? වැදගත් ඉංග්‍රීසි චිත්‍රපටියක් පෙන්වනවද? ඉතින් අපේ රට මහම මහා ජරා රටක්. (නි)
ඇයි ඉන්දියානු ටෙලිනාට්‍ය බලන්නේ. ඇත්තටම ළමයින් සඳහාත් හවසට පෙන්වන්නේ මහා මෝඩ කතා නේද. සිංහල ඉන්දියානු කියලා වෙනසක් නැත. දෙකම එකයි. ටී වී එක පැත්තකට දාන්නකෝ. අඩුවශයෙන් සිනමා ශාලාවකට ගොස් බලන්න හොඳ ඉංග්‍රීසි චිත්‍රපටියක්වත් ලංකාවට ගෙන්වන්නේ නැත. අවුරුදු 60 වෙනස. (නි)
මම නම් කියන්න තව තවත් බදු බර පටවන්නම ඕන ,යහපලට ඡන්දෙ දුන්න ,තවමත් යහපාලනයට කඩේ යන නඩේට මෙහෙම වෙන්නම ඕනි.දැන් සනීප ඇති ලැබුන වෙනසේ සුවය දැනෙනකොට . මමනම් මැදපෙරදිග රටකට හරි ගිහින් අපේ අම්මලා ,දරුවන් ටික ජිවත් කරනවා,ඔබලත් තමන්ගේ අනාගතය ගැන හිතලා විදේශ රැකියාවකට යොමුවෙන්න නැතිනම් බදුබරට යටවෙලා වස බොන්නයි වෙන්නේ (අ)
වාහන වලට දඩය ඉතා හොද ක්‍රියාවක්. අගය කළ යුතුයි. මොකද රියදුරු බලපත්‍රය ගන්නේ නීති දැන ගෙනනේ. එනිසා ඔය දඩය තවත් වැඩි කරනවා නම් හොදයි. එ් වගේම පදිකයන්ටත් ඔය දඩ ක්‍රමය හදුන්වාදුන්නොත් හොදයි කියල මා හිතනවා (අ)
2500ක් වැඩිකරන්නේ ජනතාවගේ සාක්කු පුරවලා ඉවර නිසා වෙන්න ඇති. ඡන්දයක් අාවම බලාගන්න පුළුවන් (නි)
බර්ලින් වල සිල්වා වගේ අය නිසයි රට හදන්න බැරි. පාරේ හරියට නීතියට යනවා නම් දඩ ගෙවන්න ඕනෑ නැහැනේ. ලංකාවේ දඩ අඩු නිසා තමයි මිනිස්සු බය නැතුව වැරදි කරන්නේ. ගොඩක් දියුණු රටවල රථ වාහන වැරදි වලට අධික දඩ මුදලක් සහ රියදුරු බලපතට ලකුණු අඩුකිරීමක් කරනවා. ඒක නිසා මිනිස්සු බයයි වැරදි කරන්න, හැමෝම නීතියට පාරේ යනවා, විනයක් තියෙනවා. (නි)
අය වැය හිගය පියවගන්න රථවාහන වල වැරදි වලින් හම්බ කරන්න බලාපොරොත්තු වෙන එකම රට අපි වෙන්න ඇති ඔහොම ගිහිල්ල අනෙත් වැරදි වලට දඩ ගහල ඉතිරිටික පියවගන්න බලයි රටක දඩුවම් කරන්නේ හම්බකරන්න නෙමෙයි වැරදි හදන්න (අ)
හරියටම හරි සෑම්. මෙම දඩ මුදල ඉහළ දැමීම කටාර් වල කළා. (නි)
දියසෙන්, ඔබ හරි. පාරේ තිබෙන වාහන නැවැත්වීමට වෙන්කර ඇති ස්ථාන සියල්ලම ත්‍රීරෝද අරක්ගෙන තිබෙනවා. අපට වහනයක් නවත්වන්න ඉඩක් නැත. (නි)
ධම්ම, ඔබ හරි. එක්කෝ ත්රීරෝදකාරයෝ හැදෙයි. නැත්නම් මැකෙයි. අනේ බීලා එළවන අයගේ වාහන රාජසන්තක කරන්න කියන්න එපා. මොකද වාහනයක් තිබෙන කිසිම කෙනෙකුට ප්‍රිය සම්භාෂණයකට යන්න ලැබෙන්නේ නැත. අහුවුණොත් අපි දඩය ගෙවන්නම්. ක්‍රම සහ විධි තිබෙනවනේ. (නි)
මොකක්ද මේ කාබන් බද්ද කියන්නේ? දැන් ගන්න දුම් වාර්තාව මදිද?රක්ෂණයටත් බදු. වාර්ෂික අදායම් බලපත්‍රයටත් බදු. දුම් වාර්තාවටත් බදු. දැන් එහෙනම් කාබන් වාර්තාවටත් බදු. හරි හරි ඔහොම යමු. මේවට පිළිතුරු දෙන්න අපිටත් අවස්ථාවක් එනවනේ. (නි)
දඩමුදල් වැඩි කිරීම හොඳයි. නමුත් අවම දඩ මුදල වැඩියි. මොකද වැරදි තිබුනත් නැතත් වාහන නවත්වලා වැරැද්දක් පෙන්නලා දඩ කොළ දෙන සමහර "පොලිස් දඩ-යම්" කාරයෝ ඉන්නවා. වැරැද්ද පෙන්නලා දෙන කාරුණික "පොලිස් මහත්තුරුත්" ඉන්නවා. ඒ නිසා වැරැද්දක් නැතුව දඩ නියම කරලා උසාවි ගිහින් නිවැරදිකාරයා වුණාම දඩය නියම කරපු පොලිස් නිලධාරියාගෙන් ඉහළම දඩ මුදලක් අය කරගන්න නීතියකුත් හැදුවා නම් ඉතා හොඳයි. (නි)
වැරදී කරන නැතුව පාරේ වාහන පදවන්න පුරුදු වුණාම හරිනේද (අ)
දඩය ගෙවීම යනු පහසු දෙයක් නොවිය යුතුය. දියුණු රටවල් වුවද මේ තත්වයට පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ උපන් හැදියාවක් නිසා නොව, මෙවැනි දැඩි නීති නිසාය. ඇමති හා අනෙකුත් ලොක්කන්ට මෙය අදාල වුවත් නැතත්, ඔව්න්ට 2500 යනු සුළු මුදලකි. එම නිසා ඔවුන්ගෙන් එය බලාපොරොත්තු වීම විහිළුවකි. නමුත් මෝටර් සයිකල් හා අනෙකුත් වැඩියෙන්ම නීති කඩන වාහන රියදුරන්, මීට වඩා හික්මීමක් බලාපොරොත්තු විය හැක.(අ)
මිනිස්සුන්ට දඩ නොගහා පොලිසිය හදාගන්න. කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් හදන්න. අතීසාරෙට අමුඩ ගහන වැඩ කරලා වැඩක් නැහැ (නි)
වාහන දඩය රුපියල් 2500 මදි කියලා දයාසිරි කියනවා, ඒක 50000 කරන්න ඕනෑලු. ඔන් ද ස්පොට් නිසා අතේ සල්ලි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ. බයික් එකේ යන කෙනෙක් අතේ රුපියල් 2500ක් තියාගන්න පුලුවන්ද? වැරදිලා හරි අතේ සල්ලි නොතිබුනොත් තැපැල් කන්තෝරුවට ගෙවනකොට තව සියයට 10ක් ඕනෑවෙනවා. ඒ කියන්නෙ 2,750ක්. ඊට අමතරව කාබන් බද්දක්ලු. තව බයිසිකල්වල ධාරිතාව අනුව අතිරේක බද්දක් (නි)
මේවා මැති ඇමතිවරුන්ටත් අදාළද? (නි)
දඩයත් වියදමක් කරගත් ශ්‍රී ලාංකිකයෝ අය-වැය විශ්ලේකයෝ වෙලා. (නි)
දඩ කොළ පොත් සීමා කරන්න. දඩ කොළ දීම දිවා කාලයේදී පමණක් කරන්න (නි)
මේ ආණ්ඩුව ආගමනයත් සමඟම ඩොලරයේ අගය බොහෝ ලෙස ඉහළ ගියා. ඒ අනුව ආනයනික ධාන්‍ය ඇතුළු භාණ්ඩ වල මිල ඉහළ ගියා. ගෑස් පෙට්‍රල් ඩීසල් වල මිල අවංකව පහත ගියත් අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ ගියා. වැට් බදු පැනවීමෙන් තවත් භාණ්ඩ හා සේවා වල ගාස්තු ඉහළ ගියා. එසේ බලනකල ගෑස් වල මිල පමණක් මෙම අයවැයෙන් අඩු වූ අතර අනෙක් ඒවා වැඩි වී සොච්චමක් අඩු වී ඇත. නමුත් යළි 25% දුරකථන බදු පැනවීමෙන් එම සහනයද නැති වී ඇත. මේවට අත උස්සන අපේ දේශපාලන නියෝජිතයින්ට අබ සරණයි (නි)
බුද්ධික ජීවත්වෙන්නේ ලංකාවේ නෙමෙයි වෙන්න ඇති.. මේක යුරෝපය නෙමෙයි. හරිහමන් මාර්ග පද්ධදතියක් නැති වාහනයක් නවත්තන්න ඉඩක් නැති මෙහෙ වැරැද්දක් කරන්නම ඕනෑ නැහැ පොලිසියේ මහත්තුරුන්ට දඩ ගහන්න. වැරැද්දයි දඩයයි දෙකම තීරණය කරන්නේ ඒගොල්ලෝ. ඉතින් පොඩි මනුස්සයට මේවා ගොඩක් දැනෙනවා මහත්තයෝ (නි)
මාර්ග නීති හරියටම අනුගමනය කරන රටවල ක්‍රියාත්මක කරන දඩ මේ රටේත් අනුගමනය කරන්න පටන්ගැනීම සතුටක් (නි)
වැරදි නොකර හිටියනම් හරිනේ (ම)
පොලිසිය දැන් පාරට බැහැල දිගට හරහට දඩ කොළ දෙයි. අර අඩු කරපුව අල්ල ගන්න එපාය. 2,500 ක් වටිනවද වැරැද්ද? අවුරුද්දකට් එකවරක් පමණක් ඔය දඩ කොලය දෙන එක නියම කරලා , වාහන හිමි හැම කෙනෙකුටම වර්ෂය මුලදී අය කරලා , වන් ටයිම් සහතිකයක් දුන්නම එක බෙල්ලේ එල්ලගෙන් වාහනේ එලවන්න පුළුවන්නේ. (අ)
රනිල් ප්රමුඛ ආණ්ඩුවට ජනතාව විසින් බලය බලෙන් ලබාදුන්නත් ඔවුන්ට බලය රැකගත නොහැක 2002 වුනෙත් මේ දේමය දැන් ටිකෙන් ටික වෙන්නෙත් මේ දේමය , මේවගේ ප්‍රතිපල පළාත් ඡන්දෙදි බලාගත හැක . ලංකාවේ ත්‍රි රෝද රියදුරන් ගමනක් යනවිට මගින් සමග කතා බහ කරති , දැන් හැමෝම කරන්නේ දඩ වැඩි කිරීම ගැන ආණ්ඩුවට බනින එකය මේක මන්තරයක් වගේ නිතරම අහන කෙනාගේ මනසට ඇතුල්වී පැල පදියම් වේ ඡන්දය දෙන්න යනකොට මේක බලපානු ලැබේ (බ)
පසුගිය දශකයේදී රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලෝකයේ බැංකු වල සුවද දුන්න ඒවල ප්‍රතිපල තමයි අපි අද අත්විදින්නේ/බුක්ති විදින්නේ.කොන්ද කෙලින් තියන් ඒ අයට දැඩි දඩුවම් දෙනවා වෙනුවට අසරණ මිනිසුන්ටම දැඩි දඩුවම් දීම ගැන නම් යහපාලනය ගැන කිසිම සතුටක් නැහැ. (බ)
අනේ මට වෙනත් රටක ඉපදෙන්ට බැරිවුණානේ (බ)
ඇයි මේ දඩයක් ගැන වද වෙන්නෙ. නීති නොකඩා රිය පදවන්න බැරිද? නීති කඩා යන ගමනයි නොකඩා යන ගමනයි අතර කාල වෙනස විනාඩි 5-10 ක් වෙයි . ඇයි ඉවසන්න බැරි. නීති කැඩීමෙන් ප්‍රමාදයට වඩා හානියක් ජීවිත දේපල වලට වෙන්න පිලිවන් . (බ)
මෙය නම් දුප්පතාට උහුලන්න බැරි දෙයක්. මේක වෙනස් කෙළාත් හොඳයි. මෙවර්යින් වාසි ගන්න හදන්නේ ගියා කල්ලිය. (බ)
තිලින- පාර අයින්වල ඉන්න උන් පාර අල්ලගෙන හරි බිල්ඩින් ගහනව. ඊට පස්සෙ ඒවයෙන් අයින් වෙන්න වන්දි ඉල්ලනව. ඔන්න ඔහොම උන් එක්ක තමයි හොද මාර්ග පද්ධතියක් හදන්න වෙන්නෙ අපේ රටේ , (බ)
දඩය වැඩි කිරීම නිසා අල්ලස ඉහළ යනවා ආණ්ඩුවට ස්තූතියි (බ)
සිල්වා - බර්ලින් (මහතාගේ) අදහස් සමඟ එකඟ වෙමි, වාහන දඩය වැඩි කිරීමේ වාසිය හිමි වන්නේ රථ වාහන පොලීසියට පමණයි, ඒ වගේම දැඩි අසීරු තාවයකට මුහුණ පාන්නේ විශේෂයෙන්ම ත්‍රී රෝද රථ රියදුරන් (බ)
මේක මමනම් දකින්නේ හොඳ දෙයක් කියල. රියදුරු මහත්තුරු වැරදි කරන එක අඩුවෙයි එතකොට අනතුරු අඩුවෙනවා නේද අපේ රටේ (බ)
සියල්ලටම කලින් පොලිසියේ ලොක්කන්ගෙන් මහාමාර්ග රාජකාරියේ සිටින නිලදරුවන්ට බලපාන ආදායම් ඉලක්ක දීම වැනි පිළිවෙත් නතර කළයුතුයි. තවද මාරාන්තික රිය අනතුරක් සිදුවුණ විට අදාළ වාහන රාජසන්තක කළා නම් අවුරුද්දකින් ඉබේම හැදෙයි. මාර්ග විනයක් නැති අපේ මිනිස්සු...! (නි)
හැමෝම කතා කරන්නේ දඩ මුදල එදිනෙදා වියදමක් වගේනේ ..පොලිසිය ආතල් එකට දඩ ගහන්නේ නැහැනේ ... වැරදි නොකර හිටියනම් කට්ටියටම මාසයක් කන්න පුළුවන් සල්ලි දවස ගානේ එකතු කරගන්න පුළුවනි , අන්න බස්ගැමුණුත් කියලා මේකට විරුද්ධයි කියලා....එ්කෙන්ම පේනවානේ වැඩියෙන් වැරදි කරන අය ... දඩයට බයයි ...දැන්වත් අපේ අය තමන්ගේ ලෙන් එකේ පැදගෙන තමන්ගේ අවස්ථාව එනකන් ඉඳලා යාවි .... පැරෂුට් ඩ්‍රයිවින් නැතුව (බ)
මේ අය-වැය පොලිසියට හොදයි.ඉස්සර රු100.200 දීලා බේරිලා ගියා.දැන් අඩුම 1000 ක් වත් දෙන්න වෙනවා (අ)
මම ඉක්මනටම අයදුම්පතක් දානවා ට්‍රැෆික් පොලිසියට බැඳෙන්න. (නි)
මේවා අදාළ අපිට විතරයි .දෙශපාලකින්ට මොනවත් නැහැ ඒ අයට ඕන විදියට යන්න පුළුවන් පොලිසිය අහක බලාගෙන ඉන්නේ (අ)
අන්න බස් ගැමුණු කියල තියෙනවා අඩු කලේ නැත්තම් බස් වර්ජනය කරනවා කියල.දැන් බලා ගත්තහැකි රටේ නායකයා ගැමුනුද නැත්තන් වෙනකවුරු හරිද කියල (අ)
මාර්ග තද බද නැත්නම් පාර දෙපස වහන නැවත්වීමට ඉඩකඩ තිබෙනවා නම් පුළුවන් මේවගේ දඩ ගහන්න , පාරේ , මාර්ග සංඥා දක්වන පුවරු වල විශාල අඩුපාඩු ඇත. දියුණු රටවල වගේ මාර්ග වල නාමපුවරු බොහෝ තැන්වල නැත , ගමනක් යන්න පටන්ගත්තම වහනය මගනවත්වමින් පාරේ යන මිනිසුන්න්ගෙන් විස්තර අසමින් යාමට සිදුවේ , පාරේ බොහෝ ස්ථානවල වලවල්ය , එහෙම නැත්නම් උද්ඝෝෂණ , අඩුම වශයෙන් මර්ගනිති කැඩුවිට සාක්ෂි වශයෙන් ඡයරුපයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් වත් නැත , පොලිසියට ඕනෑම දෙයක් ලිවියහැක මොනවා නැති වුණත් දඩය නම් සුපිරියටම ඇත, (අ)
රුපියල් 2500 හරිම අසාධාරණයි (නි)
නීතිය සමව ක්‍රියාත්මක නොකර දඩය වැඩි කිරීමෙන් රිය අනතුරු අඩු කරන්න බැහැ. ලොක්කෝ ටික පාර පුරාම යනවා. අනිත් අයට හරියට යන්න කියනවා. (නි)
සුරේෂ් ඩුබායි, මෝඩ කතා කියන්න එපා. ඩුබායි රටේ පොලිසියට කියනවද අද දවසේ මෙච්චර ප්‍රමාණයක් අල්ලාගෙන වරෙන් කියලා. අපේ රටේ හරියට නඩත්තු කරන ලද පාරවල්, වාහන පාකින්, සිග්නල්,..... මේ කිසිවක් පිළිවෙලට තියෙනවද? පොලිසියට දැන් පුළුවන් වීරයෝ වගේ අසරණ අය ටිකක් අල්ලලා රුපියල් 2500 ගණනේ ගසා කන්න. (නි)
විදේශීය ටෙලි නාට්‍ය වලට අයකරන බද්ද නම් වැඩි කරපු එක ගොඩක්ම හොදයි. සමහර නාලිකාවල සතියේ දවස් පහේම යන නාට්‍ය සති අන්තයේත් මුළු දවසෙම යනවා මේවා මේ රටට කොඩිවින. අධිරජ ධර්මාශෝක හැරුනම වෙන බලන්න කියලා විදේශීය ටෙලි නාට්‍යක් නැහැ නේද. හැබැයි රථ වාහන අවම දඩය 2500 කරපු එකනම් ලොකුම අසාධාරණයක්. මේකෙන් වෙන්නේ පගාව ගන්න පුරුදු වෙලා ඉන්න පොලිස් නිළධාරීන් පොහොසත් වෙන එක. 2500 දඩ කොලයක් ලියවා ගන්නේ නැතුව රු.500ක් හෝ 1000ක් දීලා යන්න මිනිස්සු පුරුදු වේවි. ආණ්ඩුවට මුදල් ලැබෙන එකක් නැහැ.(අ)
හොඳ අයවැයක්, වාහන දඩය ඉතාම හොඳයි.හැබැයි පොලිසියට නෙවෙයි. රජයට මුදල් ලැබෙන්න ඕනෙ.(ම)
මිට වඩා හොදයි අාන්ඩුව හිගමනෙ ගියානම් (බ)
රුපියල් 2500 වැඩිය , රුපියල් 500 අවම දඩය හොදටම ඇති. විජේපාල කීම හරියටම හරි .(බ)
මුණසිංහ, ට්‍රැෆික් පොලිසියේ අවුරුදු 20 හිටපු මගේ යාලුවෙක් දැන් පැන්ෂන්. මිනිහා නිකන් ඉන්නකොටත් දැන් අත එහාට මෙහාට වනනවා. විසිල් එකක් ගෙදර පළාතේ තියන්නේ නැහැ දැක්කොත් අරන් පිඹිනවා (නි)
සාමාන්‍යයෙන් කුලියට වැඩකරන රියදුරෙක් දවසකට හම්බ කරන්නේ රුපියල් 1500 වැනි මුදලක් , මගදී දඩ කොලයක් ලැබුනොතින් ඔහුගේ දරු පවුල කන්නේ බොන්නේ කොහොමද ? රුපියල් 500 ට තිබුන දඩය එකවර 5 ගුණයකින් වැඩි කරපු එක හොඳ නැත , ලබන ඡන්දෙදි රවිට මේවට පොලියත් එක්ක ලැබේවි(බ)
ධම්ම, ලංකාවෙද නැත්නම් වෙන රටකද ඉන්නේ? මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැද්ද, මෝඩයෙක් වගේ කතා කරන්නෛ. (නි)
ඉන්දියානු ටෙලි නාට්‍ය එපා , එකේ හැමතිස්සෙම රණ්ඩු, ඩිවෝස්, මේවා අපේ මිනිස්සු පුරුදු වෙලා. අපේ ඒවාට මුල්තැන දෙන්න. (අ)
එ් වගේම පදිකයන්ටත් ඔය දඩ ක්‍රමය හඳුන්වා දුන්නොත් හොඳයි කියලා මා හිතනවා කියලා උද්දික කියනවා. ඒ පදිකයන් සෙනඟ වැඩි පාරවල් වල එකිනකගේ ඇඟේ හැපෙන නිසා වෙන්න ඇති (නි)
වාහන දඩය රුපියල් 5000 ක් කරන්න. එක්කෝ ත්‍රී වීලර් කාරයෝ හැදෙයි නැත්නම් මැකෙයි. අනෙක් අය වෙනදාට වඩා පරෙස්සමෙන් රිය පදවයි. බීලා එලවන අයගේ වාහන රාජසන්තක කරන්න. (බ)
තමන්ගේ ලේන් එකේ පැදගෙන තමන්ගේ අවස්ථාව එනතුරු ඉඳලා යන්න කියලා හර්ෂ කියනවා. එහෙම ගියොත් බත්තරමුල්ලෙන් රාජගිරිය හරහා ඔෆිස් යන අය දවල් 12ට ඔෆිස් වලට යාවි. එනකොට රෑ 12 ට ගෙදර යාවි. ලේන් පනින්න එපා කියල දාපු නීතියට මොකද වුණේ? ගෙදර ඉඳන් කතාකරන්න එපා උදේට තමන්ගේ වහනයක් පදවාගෙන පාරට බහින්න. (නි)
දුෂණවලට අසුවෙන මැති ඇමතිවරු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙනුත් අපහරණය කළ මුළු මුදල අයකර ගැනීමට අමතරව 20% ක මුදලක් දඩ වශයෙන්ද අය කරගන්න ඕනෑ. ඒක මුදල වසන් කරගෙන හිටපු කාලය සඳහා අයකර ගන්නා පොළියක් ලෙසින් සළකන්න පුළුවන්. (නි)
මොකක්ද මේ කාබන් බද්ද කියන්නේ? අජිත් කරුණාරත්න ඔය ගිය සැරේ හරීගිය නැති දුම් බද්ද වෙන ක්‍රමයකින් අවා. (අ)
සුරේෂ් ඩුබායි බොහෝ වැරදි කොරන්නේ ත්‍රී වීලර් කාරයෝ ප්රිවෙට් බස්කාරයෝ සහ මෝටර් සයිකල් කරුවන්ය. මම කාර් එකේ යන නිසා ඔවුන් බේරී යනවා මම බවුසර් එකක් එලවනවානම් දැනටමත් කීප දෙනෙකුට වග කියල. (අ)
ධම්ම, ඔයාගේ කවුරුහරි පොලිස් රථවාහන අංශයේ ඉන්නවද? ත්‍රීවිල් එළවන කෙනකුගේ දවසේ අාදායම කීයද කියලා ඔයා දන්නවාද. ඒ අහිංසකයෝ තමන්ගේ දරු පවුල ජීවත් කරවන්නේ ඒ ලැබෙන සොච්චමෙන් තමයි. රු. 5000ක දඩකොලයක් ලැබුනොත් ඒ මිනිසුන්ට වහ කන්නයි වෙන්නේ. අනෙක කොච්චර වැරදි කළත් ලොකු ලොක්කන්ට දඩ ගහන රටක නෙමෙයිනේ අපි ඉන්නේ. මෙහෙම ගියොත් මේ ආණ්ඩුව තව වැඩි කාලයක් දුවාගන්න බැරි වෙනවා. (නි)
එතකොට ලයිට් ගහගෙන, ඉරි දෙක කපාගෙන පාර පුරා යන දේශපාලකයන්ටත් ඔය දඩය වදිනවද? (නි)
පොලිසිය ගොඩ! හවසට මල්ල කරේ! (නි)
මම මේ බලාඉන්නේ ඡන්දයක් තියෙනකන්. මොවුන්ට ඡන්දෙ දීලා කරගත් නස්පැත්තියක් නම්... (නි)
දුප්පත් මිනිසුන්ගේ ශාපය වදින එක නම් වළක්වාගන්න බැරිවෙයි (නි)
රථ වාහන දඩය නම් වැඩි කිරීම හොඳයි. බීමත්ව රිය ධාවනය සඳහා අඩුම දඩය රුපියල් 50000 වත් කළ හැකි නම් හොඳයි (නි)
බොහොම හොඳ අයවැයක්. ඉතාම සන්තෝෂයි. දැන් කෑගහන අයට කියන්න දේවල් නැද්ද. (නි)
අනේ ධම්ම, ඔයා නිකන් පුෂ් බයිසිකල් පැද පැද මෝඩ කතා කියන්න එපා. මේ ලෝකය ඔයා කියන විදිහට පවතින්නේ නැහැ. (නි)
වාහනවලට දඩ වැඩිකරන්නට ප්‍රථම නීතිගරුක රියදුරන් පිරිසක් පුහුණුකර ඔවුන් ආදර්ශයට ගන්නට රියදුරන් දැනුවත් කරන්න (නි)
හැමදාම වෙන්නේ අපේ කර මතින් ඉහළට ගිහින් අපිටම ගරහන එක. කවුරු දිනුවත් අපි පැරදිලා හැමදාම. මිනිසුන් කවද තේරුම් ගනීද, එක පැත්තකින් දෙන්නේ අනිත් පැත්තෙන් ගන්න ගමන් කියන එක (නි)
මේ අයවැය ඉදිරියට එන ඡන්දයට හොඳ ගුණ්ඩුවක්. අලුත් ඡන්ද බලාපොරොත්තුවෙන් පාසල් දරුවන් ඉලක්ක කරගෙන. රවී මහත්මයෝ, එදාට වඩා අද ඡන්දදායකයා බුද්ධිමත්. මහජන ප්‍රතිචාර ඉදිරියේදී බලන්න පුළුවන් (නි)
මහජන මුදල් කෝටි ගණන් වංචා කරපු එකා උදේ හිරගෙදර ගිහින් දවල්ට ඇපත් ලැබිලා දවල් කෑමට ගෙදරත් යනවා. බඩගින්නට පාරේ දෙපැත්තේ හිටවලා තියෙන බතල අල හාරපු එකා මාස 6 කට බරපතල වැඩ ඇතුව හිරේ යනවා. තව මොන කතාද? යහපාලනය මට නම් සනීපයි. (නි)