
(ගයාන් සූරියආරචිචි)
තලෙයිමන්නාම, උච්චමුනේ මුහුදු හරහා රත්‍රං කිලෝ 4 ක් සහ ග්‍රැම් 435 ක් දකුණු ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් සිව්දෙනකු සහ ඩිංගි යාත්‍රා 2 ක් සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා උතුරු මැද නාවික විධානයට ලද තොරතුරකට අනුව මෙම ඩිංගි යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී එක් යාත්‍රාවක සැකකරුවන් වැලි පුරවන ලද පොහොර උරවල බහා එම රත්‍රං තොගය මෙරටින් රැගෙනයාමට උත්සාහ කර තිබුණි.
අනෙක් යාත්‍රාවේ සැකකරුවන් එම යාත්‍රාවේ ඉන්ධන කෑනයක සගවා තිබියදී නාවික හමුදා නිලධාරීන් සොයාගෙන තිබිණ.
එහිදී එක් ඩිංගි යාත්‍රාවක තිබී රත්‍රං කිලෝ 1 ක් සහ ග්‍රෑම් 410 ක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් යාත්‍රාවේ තිබී රත්‍රං කිලෝ 3 ක් සහ ග්‍රෑම් 25 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්හ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, පේසාලේ, කන්කසන්තුරය, කල්පිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 25 ත් 50 ත් අතර පසුවන පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd