(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන ඥානේන්ද්‍ර පාරේ දෙමහල් නිවසකට අද අලුයම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි

එම අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

අත්බෝම්බ දෙකක් එම නිවස වෙත එල්ල වී ඇතත් එකක් පමණක් පුපුරා ගොස් ඇති අතර නිවසේ පහත මාලයේ පවත්වාගෙන ටන රබර් මුද්‍රා නිෂ්පාදනය කරන කාර්යාලයේ වීදුරු දෙකකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම ප්‍රහාරය රත්මලානේ කුඩු අංජු පාර්ශ්වය විසින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.