ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5.5ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රියේ නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
යාපනය, කන්කසන්තුරයට උතුරින් මුහුදු සැතපුම් 8 ක් පමණ දුරකදී අත්අඩංගුවට සැකකරුවන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්‍රාවක් මගින් ඒවා ප්‍රවාහනය කරමින් තිබී ඇත.
බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පී 464 දරණ වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් මෙම රත්‍රන් තොගය එම ධීවර යාත්‍රාවේ තිබී සොයා ගැනිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්‍රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දීමට කටයුතුකර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාදිමත් කාලයක සිට ඉන්දියාවට අපේ රටේ රත්‍රන් හොරරහසේ රැගෙනයනවා. රටක ආර්ථිකයේ වටිනාකම මනින්නේ එරට මහ බැංකුවේ ඇති සහ එමඟින් නිකුත්කළ රත්‍රන් ප්‍රමාණය අනුවයි කියා මම අසා තිබෙනවා. එම කතාවේ සත්‍යය අසත්‍යය මොකක් වුණත් අපේ රටේ රත්‍රන් හොර රහසේ ඉන්දියාවට රැගෙන යනවා කියන්නේ අපේ ධනයේ හිඟවීමක් සහ ඉන්දියාවේ අනාදිමත් කලක සිට සිදුවන රත්‍රන් ගොඩගැසීම සහ එරට තුළ අපේ වස්තුව ගොඩගැසීමක් කියා අපට තේරෙනවා. (නි)
ඒවත් ගෙනියන්නේ ඉන්දියාවට?? (නි)
ඉන්දියාව සහ ලංකාව් අතර හොර බඩු ජාවාරම කොටි ඉන්න කලේ ජයටම කලා. ඔය බෝට්ටු ගොඩක් අයිති තමිල්නාඩු දේශපාලකයන්ට. ඉතුරු ටික හිතා ගන්න පුළුවන් නේ..!! (අ)