ගම්පහ වැලිවේරිය රතුපස්වල ජල ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබීම හා වෙඩි තැබීමට සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන රතුපස්වල ගම්වාසීන් පිරිසක් හා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (15) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේය.
මාහන හිමිකම් කොමිසමෙන් වසරකට පෙර දී ඇති නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම ගැන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
නීතීඥවරුන් වන ජයන්ත දෙහිඅත්තගේ, විමුක්ති ජයසිංහ, චතුර දිසානායක මහත්වරුන් සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමාජිකයෝ පිරිසක් ද, රතුපස්වල පරිසර සංවිධානය නියෝජනය කරමින් එහි ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතුපස්වල ජල ගැටලුවට කඩිනමින් විසදුකමක් ලබාදිම ඉතා අත්‍යවශ්‍ය කරුණක් මැතිවරණ පොරොන්දුවක් ලෙසද පැවති නිසා මෙි සමිබන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් වගකිව පාර්ශවයන්ගෙන් ලැබෙිවා. (ම)
මේවා තමයි විසදන්න ඕනේ ප්‍රශ්න, කාටවත් ඒ ගැන ගානක් වත් නෑ වගේ. (හේ)
ඇයි මේ මිනිස්සුන්ගේ දුක පේන්නේ නැත්තේ.(හේ)
ඇයි මේ අය පොරොන්දු වුණා නේද දිනුවොත් මාස තුනක් යන්න කලින් විසඳනවා කියලා? තවම විසඳිලා නැහැ වගේ. අමතකවෙලා ඇති (නි)
මේ ප්‍රශ්නයට දැන් කොච්චර කල්ගතවුණාද? (නි)