පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ බැලුම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණය කළ ගැමියන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි තබා තිදෙනකු ඝාතනය කර පනහකට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇති පරිදි මිය ගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි ලබා දීම අැතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් මත භේදයට තුඩුදුන් කර්මාන්ත ශාලා පරිශ්‍රය ඉදිරිපිටදී රතුපස්වල ගැමියෝ අද මහජන පෙත්සමක් අත්සන් කිරීම ඇරැඹූහ..
රතුපස්වල ජල සටනේදී තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්, සහන මිලට ජල සම්බන්ධතා ලබා දෙන ලෙසත්, නඩු පැටැලවූ ගම්වාසීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙසත් ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීන් සංවිධානය කළ රැස්වීමකින් පසු එලෙස මහජන පෙත්සම අත්සන් කිරීම ඇරැඹූහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ රජයට එය බාරදීම ගම්වාසීන්ගේ අරමුණය.
රතුපස්වල නිරායුධ ගැමියන්ට වෙඩි තබා පසුගිය අගෝස්තු පළමුවැනි දා ට වසර දෙකක් සැපිරිණි. යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පනහකට ආසන්න පිරිසක් තුවාල ලදහ. ඒ අතර පාසල් සිසුහු ද, මාධ්‍යවේදීහුද, කාන්තාවෝ ද වෙති.
යුධ හමුදාව තැබු වෙඩි ප්‍රහාරවලින් පුර්ණ ආබාධිත තත්වයට පත්වුවෝද අද එහි ආහ. ඔවුහු පැවසුවේදි වෙඩි තැබීමෙන් තමන් බරපතල තුවාල ලබා පුර්ණ ආබාදිත තත්වයට පත්ව ඇති බැවින් කිසිදු රැකියාවක් කර ගැනීමට නොහාකිව තම දරු පවුල් අසරණව ඇති බවයි.
සිද්ධියට වසර දෙකක් ගත වුවද මෙතෙක් වරදකරුවන්ට දඬුවම් ලබා දී හෝ අගතියට පත් පාර්ශ්වයන්ට සහන ලබා දී හෝ නැති බවද ඔවුහු කීහ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් පවත්වා හිටපු ජනපතිට, හිටපු ආරක්ෂක ලේකම්ට සහ අදාළ නිලධාරීන්ට විමර්ශන වාර්තාව නිර්දේශ සහිතව භාර දී තිබුණ ද එකල බලධාරීන් ඒ කිසිවක් ක්‍රියාත්මත කර නැති බවද ඔවුහු කීහ.
ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණයට පෙර රතුපස්වල අගතියට පත් පිරිසක් තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක ඡන්දය මෙහෙයුම් කාර්යාලයයට පැමිණ වත්මන් ජනතපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කී අවස්ථාවේ ජනපතිද රතුපස්වල විහාරස්ථානයකට ගොස් ජනාධිපති ධුරයට තේරී පත්වී තුන් මාසයක් යන්නට මත්තෙන් සාධාරණයක් ඉටු කරන බවට පොරොන්දු වු බවද කී ගැමියෝ කීහ.
ඔවුන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇති පරිදි යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්, මාධ්‍යවේදීන්ට පහර දීම හා ආම්පන්න විනාශ කිරීම ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන ලෙස ද, කොටසකට පමණක් ලබා දී නවතා ඇති සහන මිලට නල ජල සම්බන්ධතා ලබා දීම නැවත අරඹන ලෙස ද, විරෝධතාවන්ට සහභාගී වූ ගම්වාසීන්ට එරෙහිව ගම්පහ මහේසත්‍රානත් අධිකරණයේ දමා ඇති නඩු නීතිපති ලවා ඉල්ලා අස්කර ගන්නා ලෙසයිි.
එසේම වෙඩි තැබූවන්ට, ඊට අන දුන් හා අනුබල දුන් පිරිසට සහ ජලය අපවිත්‍ර කිරීමට වග කිව යුතු පාර්ශ්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ, ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ප්‍රවීන නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල, රංගන ශිල්පී දිලිප් රෝහණ, රාවය කර්තෘ කේ.ඩබ්ලිව් ජනරංජන, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහත්වරු ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් හා පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් ද ඊට එක්වූහ.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ශාලික විමලසේන, එහි සාමාජික කසුන් පුස්සවෙල ඇතුළු පිරිසක් ද කතා කළහ.
‘යං ප්ලේයර්ස්‘ වීදි නාට්‍ය කණ්ඩායම විශේෂාංග දෙකක් ඉදිරිපත් කළේය.
රතුපස්වල ගැමියකු වන සුරේෂ් පෙරේරා මහතා වැඩසටහන මෙහෙයැවීය.
(යුධ හමුදාව වෙඩි තැබීමෙන් උකුල් ඇටය ඉවත් කිරීම නිසා පුර්ණ ආබාධත තත්වයට පත් වු මෙලන් පෙරේරා)
(වෙඩි තැබීමෙන් කොඳු ඇට පෙල තුළට උන්ඩයක් ඇතුළු වී ඇති සමිත් චාමික)
(වැලිවේරිය දේවස්ථානය තුළදී වෙඩි ප්‍රහාරයකට ලක් වු සුනිල් ජෝසප්)
(වෙඩි තැබීමෙන් කුකුළේ විලුඹ ඉවත්ව ඇති මුදලිගේ නිශාන්ත)
















![13]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/132.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලු සිදුවීම් වලදී ආරක්ෂක අංශ හැසිරුනේ ඔවුන්ගේ වගකීම වන සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සීමිත පිරිසකගේ වියුරුවෙන් බහුතර ජනතාව පිඩාවට පත් වීම වලක්වා ගන්න..ගහන්න ඕන තැන ගහන්න ඕන ..වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න ඕන..(බ)
අහවලාට සහ ඔහුගේ සහෝදරයාට ජයවේවා.... නිතිය රජවේවා! වරද කරුවන්ට දඩුවම් ලැබේවා (නදී)
මහජනතාවට ජය වේවා! (නි)
නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීම ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතුමය (නි)
කරුණාකර ඔවුන්ට සාධාරණය ඉටුකරන්න (නි)
මේ අයට මෙතෙක් වන්දි නොදීම පුදුමයක් (නි)
ලබන 18 වෙනිදායින් පස්සේ නව රජය මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරලා වැරදිකාරයන්ට නිසි දඬුවම් ලබාදෙයි (නි)
බොහෝ නිදහස් පාක්ෂිකයින් අද හිතන්නේ රනිල් මෛත්‍රී ජනපති අගමැති සුසංයෝගය ගැළපෙන බවයි. තදම නිදහස් පාක්ෂිකයෝ නිවසේ රැඳේවි. පාවෙන නිදස පාක්ෂික ඡන්ද එජාපයට වැටේවි. එජාපයට සුළුතර බහුතරයක් ඇවිල්ලා දෙමළ සන්ධානය බලවත් කරන්න බොහෝ සිංහලයින්ට උවමනාවකුත් නැහැ. ඒ හින්දා හැමෝම රනිල්ට දෙයි මේ පාර. (නි)
මේ පෙත්සමට අත්සන් කිරීමට ජනතාවට ඉඩලැබෙන පරිදි ගම්පහා දිස්ත්‍රික්කයේ හැම ප්‍රධාදාන නගරයකටම ගෙන එනමෙන් සංවිධායකතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු. (නි)
මේ අහිංසකයින්ට තවමත් සාධාරණයක් ඉටුව නැති හැටි? (නි)
නීතියට එරෙහිව නීතියක් අපිට ඕනේ නැත.අසාධාරණයක් වූ කළ සාධාරණයක් බලාපොරොත්තුවෙන් රටේ නිතිය ක්‍රියා කළ යුතුය. (ම)
රාජපක්ෂවරු හිතිවේ ජනතාව බිය ගන්වල රට පාලනය කරන්න.ඒක නිසයි ග්‍රීස් යක්කු,සුදු වැන්,මිනි කන මෝරු,වාහන අනතුරු,වාහන ගිනි ගැනීම්, මුහුදු පතුල, ළිං වතුර,මුහුදු වතුර පෙන්වල ජනතාවට දැඩි දඩුවම් දුන්නේ.ජනතාව බියට පත් කළේ (බ)