ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
එම සිද්ධියට අදට (01) වසර දෙකක් සම්පූර්ණ වෙයි. උද්ඝෝෂකයන්ට පහර දීමෙන් හා වෙඩි තැබීමෙන් යුද හමුදාව බලය අයුතු ලෙස භාවිත කර ඇතැයි අනාවරණය වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා තිබිණි.
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ සිද්ධියෙන් තුවාල ලැබූ කිසිවකුට මෙතක් වන්දි ලබා දී නැති බවයි. සිද්ධියේදී පීඩනයට පත් වූ මාධ්‍යවේදීන්ට ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නැති බව ද එම සංගමය සදහන් කරයි.
රතුපස්වලට යුද හමුදාව ගෙන්වූ හා වෙඩි තැබීමට අණ කළ පිරිසට එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, අගතියට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස ද රජයෙන් ඉල්ලන තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හැකි ඉක්මනින් එවැන්නක් සිදු නොවුනහොත් එම ජනතාව සමග දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දුන්නු අයට ජන්දයෙන් පිළිතුරු දෙන්න.(ම)
රාජපක්ෂලාට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවානම් අසරණ මිනිසුන් ඉදිරියට ඇවිත් ජන්දේ ඉල්ලන්නේ නැහැ.(ම)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හිටපු ජනාදිපතිතුමා රතුපස්වලට ඇවිත් ජනතාවගෙන් සමාව ගත යුතු අතර, නව රජය මගින් වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු අතරම තුවාල වුවන්ට වන්දි ලබා දිය යුතුයි. ජනතාව විසින් එම වැරදි කල නායකයින්ගේ පක්ෂයට ඡන්දය නොදී පරාජය කිරීමෙන් දඬුවම් දිය හැකියි.(නදී)
ප්‍රබකරන් විනාශ කරන්න ගිය අයත් ඔතන ඇති (නදී)
මොලේ පාවිච්චි කලා නම් රටේ ජනතාවට පුළුවන් සාදාරණය ඉටුකරන්න. හමුදාව යොමු කරපු අයට, එම නිලාදාරියට පසුව වරප්‍රසාද දීපු කෙනා, එම ආයතනයේ මුදල් යොදවන ලද කෙනා, ආණ්ඩු පක්ෂේ ඉඳගෙන අැහැ කන් පියන් හිටපු මීම්මුන්ට, ඔක්කොම නොදැක්ක වගේ ඉදල සල්ලි ටිකක් දීල වැඩේ යට ගහපු මහා හොරාට, සිංහල ජාතිය ගැන බොරුවට වේදිකාවේ උඩුබුරලන හැඩයන්ට මේ එන මැතිවරණයේදී කෘත ගුණ සලකත හැකියි. එ්ත් ඉතින් (නදී)
මේකේ වරද මෙතනට හමුදාව යැවූ තැනැත්තාගෙයි. පොලිසියෙන් ඉල්ලීමක් කරන්නෙත් නැතුව හමුදාවෙන් යවලා වෙඩි තියන්න අණ දුන්න එක්කෙනා කව්ද කියලා සාමාන්‍ය මහජනතාවට නම් රහසක් නොවේ (නදී)
ඡන්ද කිට්ටු වෙනකොට පුදුම සංගම් තොගයක්නේ බිහිවෙන්නේ. (නි)
කවුද මේ ? වතුර ප්‍රශ්නෙත් විසදුවා නම් ?(නදී)
කවුද අප්පා මේ තරුණ මාධ්‍යෙව්දීන්. දැනගන්න ආසයි. (නදී)
මේ ගොල්ලන්ට කොම්පැනියෙන් ගානක් ඕන වෙලා වගේ (නදී)
දැන් වතුර වල පී.එච් අගය හරිද. අගේට දුවපු කම්හල වහගත්ත මිනිසුනේ දැන් ඒවාට උඩගෙඩි දුන්න එජාප ආණ්ඩුවෙන් මොනවද ලැබුනේ කියල හිතපල්ලා. (නදී)
දැන් දැන් සිද්ධවෙන දේවල් වල අනාගත ප්‍රතිඵල කොහොම වෙයිද කියලා කියන්න දෙයියෝ තමයි දන්නේ. (නි)