ජලය ඉල්ලා දුක් විඳින රතුපස්වල ජනතාවට සැබෑ විසදුමක් ලැබෙන තුරු ජනතාව සමග සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් පොන්සේකා මහතා වැලිවේරිය ගල්ලොළුව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී පැවසුවේය.
ඔහු එසේ පැවසුවේ රතුපස්වල ගැමියන් පිරිසිදු ජලය ඉල්ලා කරන අරගලයේදී ගැමියන් සමග මේ වන විටත් එකට සිටින එකම භික්ෂුව වු සිරිධම්ම හිමියන් අද සවස හමුවු අවස්ථාවේදීය.
එහිදී රතුපස්වල ජනතාවගේ පානීය ජල ගැටළුව පිළිබඳව සරත් ෆොන්සේකා මහතා සිරිදම්ම හිමියන් සමග පැය එකහමාරක් පමණ සාක්ච්ඡා කළේය.
එම අවස්ථාවේ සරත් පොන්සේකා මහතා කියා සිටියේ
‘‘දැන් අපි තේරුම් අරන් තියෙනවා රජය මේ ජනතාවගේ ගැටළුව තේරුම් ගන්න උත්සහ නොකර, එවුන්ගේ අවශ්‍යතාවය ඉටු නොකර කර්මානත ශාලාව ආරක්ෂා කරන්න කටයුතු කරන හැටි. නමුත් ජනතාවට සිදුවු අසාධාරනය තේරුම් ගන්නවත් එය නිවරදි කිරීමටවත් මේ රජය උත්සහ කළේ නැහැ. තාමත් උත්සහ කරන්නේ පැලැස්තර විසදුම් දෙමින් ප‍්‍රශ්ණය යට ගැසීමටයි.
‘නමුත් ජනතාවගේ ප‍්‍රශ්නය අපි තේරුම් අරගෙන තියෙනවා. ජනතාව වෙනුවෙන් අපිට වගකීමක් තියෙන බව අපි දන්නවා. නමුත් අපි මේ ප්‍රශ්නයට අත කෙලින්ම අත දාන්නේ නැතිව දුර ඉදන් බලන් හිටියේ මේ ප‍්‍රශ්නය දේශපාලනීකරණය කරලා රජය ගැලවෙන්න හදයි කියන හේතුව නිසා.
එදා ජනතාවට හිරිහැර වෙලා ජනතාව දුකට පත් වූ මොහොතේ අපි ඔවුන් මුන ගැසී මේ ප‍්‍රශ්ණය කතා කළා.
නමුත් මෙයට විසඳුමක් මේ රජය දෙන්නේ නැහැ කියලා අපිට අද අවබෝද වෙලා තියෙනවා. අපි මෙතනදී ජනතාව වෙනුවෙන් අනිවාර්‍යයෙන්ම සටන් කරනවා.
මේ ස්වාමීන් වහන්සේ පහුගිය කාලෙදි පිරිසිදු ජලය නැතිව ජනතාව කරදරයට පත්වෙලා සිටි වෙලාවෙදි ජනතාව වෙනුවෙන් පෙනී සිටිය ස්වාමීන් වහනසේ නමක්.
උන් වහන්සේ ඒ කරපු සේවය අපි දැක්කා. ඒ වගේම ජල ගැටළුව තාම විසිදිලා නැති නිසා උන් වහන්සේ තාම ජනතාව සමග, ජනතාව වෙනුවෙන් පිළිතුරක් සොයමින් වෙහෙසෙන අයුරු අපි බලාගෙන හිටියා.
මෙතනදී අපි තේරුම් ගත්තා රජය ජනාතාව තේරුම් ගන්න උත්සහ නොකර ජනතාවගේ අවශ්‍යතාවය ඉටු නොකර කර්මානත ශාලාව ආරක්ෂා කරන්න කටයුතු කරන හැටි අපි දැක්කා.
අපි මේ ප‍්‍රශ්නයේදි ස්වාමීන් වහන්සේට ප‍්‍රකාශ කළා අපිත් මේ ප‍්‍රශ්නයට මුහුණ දෙමින් ජනතාව සමග ඉන්නවා කියලා. එදා වැලිවේරියෙදි ජනතාවගේ ජීවිත අහිමි වුනා, තුවාල සිදුවුනා, තර්ජන ගර්ජන වලට මුහුණ දෙන්න සිදුවුනා.
මෙතනදී අපි දේශපාලඥයෝ හැටියට පිළිතුරක් ලැබෙන තෙක් ජනතාව වෙනුවෙන් සටන් කරනවා. අපේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක එක මෙයයි.
තෙරි පැහැ සිරිධම්ම හිමියෝද මෙහිදී මාධ්‍ය ඇමතූහ.
‘‘මේ ස්ථානයට විවිධ ජන නායකයෝ ආවා. විපකෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්මයා, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැනි ප‍්‍රධාන පෙලේ නායකයෝ ආවා.
අද දවස අපිට ඓතිහාසික දවසක්. හිටපු හමුදාපත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද අපේ විහාරස්ථානයට ආවා.
අපි ඒ ගැන ප‍්‍රශංසා කරනවා වගේම මේ ප‍්‍රදේශයේ ඉන්න සියලූම ජනතාව ඔබව පිලිගන්නවා ජනතාව වෙනුවෙන් හඩක් නගපු නායකයෙක් විදියට.
මේ රටේ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන් ක‍්‍රියාත්මක වු ජාතික විරයෙක් වූ එතුමන්ගෙන් අපිට දැනගන්න ලැබුනා මේ පළාතේ ජනතාව එතුමා සමග ඉන්නවා කියලා.
ඒක අපිට ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වගේම, එක්සත් ජාතික පක්ෂයට වගේම පුජ්‍ය පක්ෂයටත් මේ රටේ සෙනග ඉන්න බව සෑම පක්ෂයක්ම දැනගන්න ඕනේ.
මගේ ව්‍යායාමය පුංචි පුංචි මිනිස්සුන්ට වන මහා අසාධාරණකම් වලට විසදුමක් සෙවිමයි.
රාටේ ජනතාව ජනතා නියෝජිතයෙක් පත්කර ගන්න් තමන්ගේ දුක කියන්න. එසේ නොවෙනවා නම් ඒක ලොකු අසාධාරණයක්.
අනාදිමත් කාලයක සිට ප‍්‍රශ්නයක් ඇති වුනාම ගැමියෝ දුවගෙන ආවේ පන්සලට. ඒත් දැන් අද ඒක වෙනස් වෙලා අද දුවගෙන යන්නේ පොලිසියට. එතනින් උසාවියට ඉන් පස්සේ ප‍්‍රශ්නය දෙගුන තෙගුන වෙලා.
ඒත් වලිවේරියේ ජනතාව අද ඒ ක‍්‍රමය වෙනස් කරලා. අනාදිමත් කාලයක සිට අනුගමනය කල ඒ පිලවෙත අදත් අනුගමනය කරලා දුවගෙන ආවේ මා ලගට. ඒ නිසා මම ඒ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ පීඩා දුරලීමට කටයුතු කරනවා.
ජයතාවටත් මහජන නියෝජිතයින්ටත් මේ ජල ගැටළුවට ස්ථිර විසදුමක් ලබා දෙන තෙක් මට සහයෝගය දෙන්න කියා පණිවඩයක් නිකුත් කරනවා‘‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරාල් ෆොන්සේකා මහත්තයාටත් තිබුනා කට්ටිය සමග එකතු වෙලා හොඳට හොර කන්න. යුද්ධය තිබුණු කාලේ වගේම ඉන් පසුවත්. නමුත් එතුමා එහෙම කළේ නැහැ.එම නිසා යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කරන්න සියලුම රණවිරුවන්ට හැකියාව ලැබුණා. ඒකට හේතුව විනය සහ හොරානොකෑම කියලා මම විශ්වාස කරනවා.එම උසස් ගුණය නිසා තමා මෙතුමාට කට්ටියගෙන් වෙන් වෙන්න සිද්ධ වුණේ.ඔබතුමාට ජය සහ දීර්ගායුෂ පතමි. (නි)
ජෙනරාල් බලයට පැමිණියහොත් දූෂණය අවසාන වේවි. නමුත් පාරේ යන්න වෙන විදිය ගැන නම් මට ප්‍රශ්නයක් තිබෙනවා (නි)
සමහර කට්ටිය මෙතුමාට තිබෙන බය දකිද්දී හිනහත් යනවා.මේ රටේ තැන ගන්න නම් දක්ෂ වෙන්න ඕනෑ නැහැ කපටි වෙන්න ඕනෑ.මේක සිරි ලංකාවනේ. (නි)
පහුගිය කාලේ නම් කිසි කෙනෙක් මේකට ඉදිපත් වෙනවා අපි දැක්කේ නැහැ (නි)
දේශපාලනය නොකර තමන්ගේ තත්ත්වය තියාගෙන හිටියා නම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සාධාරන උද්ගෝෂණය දේශපාලනිකරනය කරන්න යාම නම් එච්චර හොද දෙයක් නෙමෙයි.අපි දැක්කා අර ආචාර්යවරුන්ගේ උද්ඝෝෂණයකට වුණ දේ (නි)
අපේ රටේ තිබෙන දුෂිත දේශපාලනය නිමා කර රටට ආලෝකයක් ලබාදීමට ඔබ තමයි අපේ රටට අවශ්‍ය නායකත්වය. ජයවේවා! (නි)
ටෙනිසන්, ඔබ හරි. ලංකාවේ මෙම ක්‍රමය වෙනස් වෙන්න ලෝකය විනාශ වෙලා නැවත ඇතිවෙන්නම ඕනෑ (නි)
බොරු සෝබන නැතුව මෙතුමල කල යුත්තේ එක වතුර බෞසරයක් වත් මේ මිනිසුනට බෙදා දෙන එක..
සාගර ජෙනරාල් ෆොන්සේකා මහත්තයාටත් තිබුනා කට්ටිය සමග එකතු වෙලා හොඳට හොරා කන්න. යුද්ධය තිබුණු කාලේ වගේම ඉන් පසුවත්. නමුත් එතුමා එහෙම කළේ නැහැ.එම නිසා යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කරන්න සියලුම රණවිරුවන්ට හැකියාව ලැබුණා. ඒකට හේතුව විනය සහ හොරානොකෑම කියලා මම විශ්වාස කරනවා.එම උසස් ගුණය නිසා තමා මෙතුමාට කට්ටියගෙන් වෙන් වෙන්න සිද්ධ වුණේ.ඔබතුමාට ජය සහ දීර්ගායුෂ පතමි. (දී)
සාගර.ඔබ වගේ රටේ හමූම හිතුවනම් අද වෙනකොට අපේ රට සුකිත මුදිත වෙලා.අහෙනම් අපේ අර්නාගත දරු පරම්පරාව මොන තරම් වාසනාවන්තද? (දී)
ඔබතුමාට සදා නය ගැතියි ලංකාවේ සැවොම (දී)
සාගර. අපිට නම් මතකයි හමුදා ඉතිහාසයේ කිසිම හමුදා නායකයෙක් නොකරපු විදියට ආණ්ඩුවට කඩේ ගියේ මෙතුමා බව.. තනතුරු නැති වෙන කොට තම ජනතව මතක් වෙන්නේ.. (දී)
ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ වටිනාකම දැන් දැන් රටේ මිනිසුන් තේරුම් අර ගෙන තියෙන්නේ. (දී)
දිනුවට පසුව පළමුවම වතුරට බැහැල තියෙන්නේ ,ඔහොම යන්, (දී)
කවුරු කෙසේ කිවුවත්, කෙසේ බිනුවත්, කෙසේ සිහින මැවුවත් ලංකාවේ බහුතරය දැන් මෝඩයන් නොවේ. මෙම රජය රටට කර ඇති දේ මෙයට පෙර පැමිණි කිසිම රජයකින් රටට ලැබුණේ නැත. අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට දිර්ගායුෂ! ජයවේවා! තව දිගු කාලයක් රටට සේවය කිරීමට හේතු වාසනා වේවා! (නි)
රටුපස්වල කවුරුත් නොදන්නා තිරෙන් එහා කතාවක් තිබෙනවා කියල ආරන්චියි. ඔය කර්මාන්ත ශාලාවේ අයිතිය කාටද? (දී)
මමනම් මේ ප්‍රශ්නයට එකදු අදහසක් වත් පල කර නැත (දී)
ඔබතුමාට අපි එක ලෙස සහය දෙනවා (දී)
ඔබතුමා නිවැරදියි (දී)
ෆොන්සේකා මහත්තයා කරන්න යන වැඩේ නම් හොදයි පරිස්සමෙන් කරන්න (දී)
ඔබතුමාට අපි සහාය දෙනවා (දී)
පාරවල් ගානේ ගිහින් සල්ලි ටිකක් එකතු කරගෙන ඉක්මනට බට දාල වතුර දෙමු , අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න වලට මුවාවෙලා දේශපාලනය කරන දේශපාලුවෝ ඉන්න මෙරටේ , ඔබ තුමත් තවත් එවැනිම කෙනෙක් වෙන්න හදන්න එපා මැතිදුනි, ශ්‍රේෂ්ට මිනිසුන් කරන්නේ ප්‍රශ්න විසදන එකයි !ආරක්ෂක හමුදාවල ඉන්න අයගෙන් විතරක් සහයෝගය ලැබුනත් මේ ප්‍රශ්නය විසදන්න පුළුවන් , මොකද කියන්නේ , පටන් ගමුද ?_ (දී)
නිමල් ලලිත මහත්තයයෝ ඔබ කියනා ආකාරයට මොහුට ඇමති වරයෙක් හෝ තානාපති වරයෙක් වන්නට තිබුණා . තවත් රටට සේවයක් කරන්න තිබ්බ මේ රජය යටතේ . නමුත් බංකොලොත් දේශපාලකයෝ මොහුව රවටා අරමුණ වෙනස් කරා . අරාජික දේශපාලුවන්ට එල්ලෙන වැල් නැති වෙලාවේ මොහුව පාවිච්චි කරා . අරමුණ ඉටුවුණේ නැති නිසා කුණු බක්කියට දැම්මා . දෙන් ඉතින් වලෙන් වැටුණු මිනිහ වලෙන්ම ගොඩ එන්න දඟලන එක පුදුමයක් නොවී . (දිල්)
සිගිති හරි... මොකද මේ රටේ වෙන කව්රුවත් තමන්ගේ පරම්පරාව, පුත්තුන්ව, දේශපාලනය ගෙනාවේ නැහැ..... ෆොන්සේකා මහත්තයාට බල තණ්හාව වැඩි... පුංචි සිගිති ලොකු වෙන කොට මේ රට මේ යන විදියටම ගියොත් ආසියාවේ විතරක් නෙමි මේ මුළු ලෝකයේම ආශ්චර්ය වෙලා තියේවි(දිල්).
සිගිති අයගේ සිගිති කතා සහ සිගිති දැක්ම ගැන කණගාටු වෙනවා.මෙවැනි සිගිති දැක්මක් තියෙන අය නිසා තමඊ කට්ටිය රට වල පල්ලට යවමින් පිස්සු නටන්නේ.කර්මාන්ත ශාලාවේ හිමිකරු වෙන කෙනෙක් නම් මෙලහකට එක කුඩේ කුඩු. අජිත් මහත්තයෝ මෙතුමා කට්ටියට කඩේ ගිය නම් අද මෙතුමාට රජ සැප ගන්න තිබුණි.(දිල්)
අනේ නිමල් ලලිත් මහත්තයෝ..ඕව කියන්න ගිහින් කොන්ඩේ බැදපු චීන්නුන්ට..මෙයාට බල තණ්හාව තිබුනේ ඔය කියන ඒවා අරන් සැනසෙන්න නෙමෙයි..(දිල්)
ඔබ සැබෑ විරුවෙක් (දී)
ඔබ ලංකාවේ 30 වසරක යුද්ධයට ලොකු උදව්වක් කළ ලොකු සෙනෙවියෙක්. එහෙත් ඔබ රට පාලනයට දේශපාලනයට සුදුසු නැහැ කියලයි මට හිතෙන්නේ. කෙසේ වුවත් ඔබට දිර්ගායුෂ පතමි (නි)
අනේ ඔව්! ලංකාවේ දැන් බහුතරය ගොඩක් බුද්ධිමතුන්නේ. තව ටික කලකින් ආශ්චර්යය උතුරා ගලාවි. ෆොන්සේකා මහත්මයලා දිවි හිමියෙන් බේරා දුන් රටේ, මිනිස්සුන්ට බොන්න පිරිසිදු ජලය ඉල්ලලා තමයි පසුගිය දා තුන් දෙනෙක්ම වෙඩි කාලා මැරුනේ. (නි)
මම බලන් ඉන්නේ මිනිස්සුන්ට විසදුම් ලැබෙනකන් නෙමේ මට බලය ලැබෙනකන්.නේද ෆොන්සේකා මහත්තයෝ ?
අපේ විරුවානෙනි ඔබට සදා ජය
ඔබතුමාට ජයවේවා
දැන් ඔබ තුමාට කරන්න දෙයකුත් නැනේ .... ඔබ තුමා දේශපාලනයට නම් කොමත් සුදුසු නැ.(දී)
අපිත් බලා ඉන්නවා (නි)
ෆොන්සේකා හිතන් ඉන්නේ එයා හරි වැඩ්ඩා කියලා.ජනාධිපතිතුමා හමුදාපති කම දුන්න නිසයි ඔහොම හරි ජනප්‍රිය උනේ. (දී)
මෙයාට බලතන්හාව වැඩි වෙලා තියෙන්නේ..එකයි තමන්ගේ ගැනිවත් දේශපාලනය කරන්න දාන්න යන්නේ. (දී)
රතුපස්වල ජනතාව බලන්න එන දේශපාලයකයින්ට කියලා අඩුම ගානේ එහි සිටින දිලිදු පවුල් දහයකටවත් ඔහුන්ගේ වියදමින් මුදල් වැය කරලා වතුර අරන් දුන්නා නම් පිනක්.ඒ ජනතාව තව තවත් පාරට බස්සවන්න එපා. මොන රටකවත් වතුර නිකන් දෙන්නේ නැහැ. (නි)
හැමෝම ආවා, එක් අයෙක් හැර. අපිට ගිය කල! (නි)
ඔබතුමාට විතරයි ජාතිය ගැන කැක්කුමක් තියෙන්නේ. අනික් අය ඉන්නේ අපිව ගසා කන්න. (නි)
නුල් බෝලයක් වගේ පැටලිලා තිබෙන මේ ප්‍රශ්නය දෙස ඔබතුමා දුර සිට බලා සිටියා වගේ තවදුරටත් හිටියොත් ඔබතුමාටමයි හොඳ. රනිල් මැතිතුමාත්, චන්ද්‍රිකා මැතිනියත් ඒකයි කළේ. ඔවුන් එහෙම කරන්න ඇත්තේ වැදගත් හේතු ඇතුව වෙන්න ඕනෑ. (නි)
ඔබතුමා දේශපාලනයට අලුත් නිසා පරිස්සමෙන් වැඩ කරන්න (දී)
ඔබතුමාට ජයවේවා (දී)
ඔබ ලබන මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවා සිකුරටම (නි)
ජාතික වීරයෙක් නෙමෙයි දෙමළෙක් වුනත් කමක් නැහැ රතුපස්වල ප්‍රශ්නයට විසදුම් දෙනවා නම් අපි ඔහුට අපේ සහයෝගය දෙන්න ඕනේ.(නදී)
සරත් ෆොන්සේකා සර්ටත් දීල බලමුද? එනපාර 4 දෙනෙක් ඉන්නව දෙන්ඩ. විග්නේස්වාරම් .දයාසිරි, සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා. තොර ගම්මු කාවද?(දී)
ඔබ එනතුරු අපි දුක් වින්දා (දී)
ෆොන්සේකා මහත්තයට විතරක් හොදයි කියන්නේ ඇයි කියන එක මට ගැටළුවක් (නි)
උත්තර බණ්ඩාරගේ අදහසට මමත් එකගයි (දී)
එනතුරු අපි බලා ඉන්නවා.... කවදාදෝ ...? කොතැනකදෝ.....? (නි)
මේ දේශපාලකයින්ට නොහැකිද අඩුම ගණනේ දිලිදු පවුල් දහයකටවත් ජල සම්පාදන මණ්ඩලයට මුදල් තැන්පත් කර ඔවුන්ට වතුර ලබා දීමට සළස්වන්න? මේ ප්‍රශ්නයෙන් කව්රුත් බලන්නේ දේශපාලන වාසි ලබාගන්න. මුදල් තැන්පත් කළොත් වතුර දෙනු ඇත. අනෙක කර්මාන්ත ශාලව වහන්න කියන එකේ සාධාරණයක් තිබේ ද? (නි)
සිගිති, ඔයා තවම පුංචි වැඩියි. පාර්ලිමේන්තුව දෙස හොදට ඇහැ ඇරලා බලන්න. (නි)
උත්තරා බණ්ඩාර, ජෙනරාල් ෆොන්සේකාට රට අවුල් කරන්න දේශපාලන බලයක් කවදත් නොතිබුණාට යුද සෙන්පතියෙක් හැටියට උසස් ජාතික මෙහෙවරක් කර තිබියදීත් ඔහු දේශපාලනයට නුසුදුසුයි කියන කිසිවෙක් අර සමහර කට්ටිය දේශපාලනයට නුසුදුසුයි කියා නොකියන්නේ වක්‍ර මාර්ගයෙන් කාට හෝ ආවඩන නිසාවද්ද? (නි)
ආරියසේන, ඕක ඔයා කියන්න ඕනෑ පවතින ආණ්ඩුවට. උගණ්ඩාවට වතුර වෙනුවන් බිලියන ගණන් දුන් අයට නොහැකිද අනිත් අය දේශපාලන වාසි ගන්න පෙර මේ ප්‍රශ්නය විසදන්න? (නි)
බලන්න දුවේ පුතේ, අපිට වටිනා පුවතක් මෙය. අපි බලාපොරොත්තු වුණ ඔබගේ පිබිදීම අපි අගය කරමු. බොහොම හොද කෙනක් ඔබ. සාධාරනත්වය අගයන කෙනෙක් වූ ඔබට සුබ පැතුම්! (නි)
පරාජය නොහඳුනන, අසාදාරන ලෙස පරාජය වුවත් නැවත නැගීසිටි මහා සෙනෙවිය ,ජිවත් වීමට ජලය ඉල්ලා හඬන රතු පස්වල ජනතාවගේ සටනට සහය දැක්වීමට ඉදිරිපත්වීම ගැන සතුටු වෙනවා.මේ ජලය අපවිත්‍ර වීම එක රයකින් සිදුවූ දෙයක් නොවේ. කර්මාන්ත සාලාවේ අප ද්‍රවය ගැන පරීක්ෂා කලයුතු රාජ්‍ය බලදරින් සිටියේ මර නින්දේද. ජල සම්පත් මණ්ඩලයේ ඇස්තමේන්තු සහ කෙරුවාව ගැන කියන්න ඕනා නැහැ. නිකන් ලැබුන වතුර ටිකට අද ඒ මිනිස්සුන්ට මුදල් ගෙවන්න වෙලා. ජලය නැතුව ජිවත් වෙන්න බැහැනේ. විදේශිය රට වලට ජල අදාර දෙන්න පුළුවන් රජයකට තමන්ට ඡන්දය දුන් මිනිසුන් වශයෙන් නොමිලයේ ජලය ලබා දිය නො හැක්කේ මන්ද.එසේ නො හැකිනුම් කර්මාන්ත ශාලා හිමිකරුවනට වියදම දරන්න කියන්න. ජෙනේරල්ට බල තණ්හාව තිබුන නම් අද මහජන මුදලින් රජ සැප විදින, සියලුම වරප්‍රසාද ලත් ඇමති වරයෙක්. නැතිනුම් විදේශිය තානාපති වරයෙක්. ටිකක් හොඳ නැත්තේ කට තමා. ඔබතුමාගේ සහයෙන් හෝ රතුපස්වල ජනතාවට සහනයක් ලැබේව. (ත)
උත්තරා බණ්ඩාර, ඔබ කියූ දේ ඉතා කාලෝචිතයි.එය පැහැදිලියි. ඔබ ඉදිරිපත් කළේ හොඳ අදහසක් (නි)
පැහැසර ,මගේ අදහසයි මා ඉදිරිපත් කළේ. ඔබට පුළුවන්කමක් ඇත්නම් පවතින රජයට වතුර දෙන්න කියලා අදහසක් ඉදිරිපත් කරන්න. (නි)
පොළොවේ වතුර මීනිසට දැන් උරුම නැත වස විස පොවා ජනයා දැන් අසරණව ඇත මේ අසරණයින්ට නොමිලේ ජලයවත් නැත සිවුපා සතුන් ගේ මොලයවත් මේ පාලකයන්ට නැත (දිල්)
පොන්සේකා මහත්තයෝ, ජනතාවගේ ඇගටම දැනෙන දෙයක් කතා කරන්න (නි)
කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.... (නි)
ආරියසේන, මෙන්න මේ ටික හිතලා බලන්න. මෙච්චර කාලයක් නිදහසේ තමන්ගේම ළිඳෙන් පිරිසිඳු වතුර ටික ලබා ගත් මිනිස්සුන්ගෙ ඒ අයිතිය අහිමිකළේ භූගත ජලයට ඇසිඩ් වත්කළ කම්හල් බලධාරියො නේද? ඊට පස්සේ සල්ලි දීලා ඒ මිනිස්සුන්ට වතුර ගන්න කියන එක මානුෂිකද? අනික බලන්න ඉස්සර නම් ජලාප්‍රවාහන මණ්ඩලයේ බිල දරාගන්න පුලුවන්. ඒ වුණාට දැන් කරන්න බැහැ, මහ විශාල බිල් එන්නේ. ලෝකයේ ඕනෑම දියුණු රටක විශේෂයෙන්ම භූගත ජලයට මෙහෙම වුණා නම් ඔය විදියට අඳුරේ අත ගගා ඉන්නෙ නැහැ. දවසෙන් දෙකෙන් තීරණයක් ගන්නවා. (නි)
කුසුම් එකට පස්සේ හොඳ පක්ෂ නායක කෙනෙක් ඉල්ලා ගිය පෙලපාලියකටත් බුද්ධිමත් කොටසක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරකෂා කරන මානුෂික අයිතිවාසිකම් ආරක්ෂා කරන කොටසක් වෙඩි තිබ්බේ (දිල්)
ආරියසේන,මේ අය ළිදෙන් වතුර ගත් අය. ඔය කියන විදිහට දේශපාලකයෝ වතුර අරන් දුන්විට බිල් ගෙවන්නේ ඔයාද? (නි)
මේ ආයතනය වහන්න කතා කරන අය ලංකාවේ ජාතික ආදායම ගැනත් හිතුවොත් තමයි හොඳ.රටවල් 70කට හොඳම රබර් අත්වැසුම් යවන්නේ මේ කම්හලෙන්. (නි)
හරි ..හරි.. ආරියසේන. දැන් පැහැදිලියි. මම හිතුවා ඒ අහිංසක මිනිස්සු වෙනුවන් හිතලයි වතුර දෙන්න කිවුවේ කියලා. එහෙත් උත්තරාට ආවඩන විදියෙන්ම ඔයා ගැන හිතා ගතහැකියි. කමක් නැහැ. ඔයාගේ අදහසුත් ගොඩක් කාලෝචිතයි. පැහැදිලියි. හොද අදහසක් ඉදිරිපත් කරලා තියන්නේ. (නි)
හැමෝම ඇවිත් ,ආණ්ඩුවට ඇගිල්ල දිග් කරලා යනවා ., මේ කව්රුවත් තමන්ගේ පොකට් එකෙන් වියදම් කරලා මේ මිනිස්සුන්ට එක වතුර ගැලුමක් බොන්න ගෙනත් දුන්නද ..?(දිල්)
මම ඉදිරිපත් කළාට වැඩක් වෙන එකක් නැහැ ආරියසේන (නි)
ඔබතුමා ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඇති. නමුත්, ඔබතුමාව ජනතාව තේරුම් ගන්නා විදියෙන් තමයි ඔබේ දේශපාලන ගමන් මග සාර්ථක වෙන්නේ. ඔබතුමා දේශපාලනයට පය තැබූ ආකාරය පිළිබඳව මටත් ප්‍රශ්න තිබුණා. ඒ කෙසේවෙතත් ඉදිරියේදීවත් කල්පනාකාරීව කටයුතු කරන මෙන් ඉල්ලමි. (නි)
නියම දේශපාලනඥයකු විදියට කලදුටුකල වල ඉහගන්න හදනවා.(දිල්)
ෆොන්සේකා මහත්තයාට විතරක් හොදයි කියන්න හේතුවක් තිබෙනවා. මොකද එතුමා යුද්ධයේදී තමන් එදා බාරගත් අති බැරෑරුම් රාජකාරිය අකුරටම නිම කරපු නිලධාරියා බව මිනිස්සු දන්නා නිසා. බලන්න යුද්ධයෙන් පස්සේ රට දියුණු කරන්න බාර ගත් අය ඒ වගකීම් හරියට කරනවද කියා? හොඳට රටට ලාබ ආදායම් ලබන්න පුලුවන්කම තිබුනු බොහෝ ආයතන අද හිතාගන්නවත් බැරි තරමට බංකොලොත් වෙලා. (නි)
අපේ අයට ජෙනරාල්ව සුදුසු නැහැ, නමුත් අර රට වනසන දේශපාළුවෝ නම් හොදයි (නි)
සත්‍යා මහතාට. මම අදහස් කලේ මගේ අදහස. ඔබගේ අදහස වෙනස් ඇති . ප්‍රජාතන්ත්‍ර වාදීව අදහස් පළකරන්නට ලංකාදීපය ඉඩ දී තිබේ. පොන්සේකා මහතාගේ දේශපාලන ජීවිතය අනාගතයට බාර කරමු. මම කාටවත් කඩේ යන්නේ නැත. නිදහස් අදහස් පලකරනවා පමණි . (නදී)
තුන් වෙනි බල වේගෙනේ. පරිස්සමින් හොදේ.(නදී)
බලයට එනතුරු පක්ෂ නායකයෝ යැයි කියන හැමකෙනාටම මිනිසුන්ගේ දුක තේරෙනවා. දිවිහිමියෙන් සටන් කරන්න තමයි කතා කරන්නේ. මගේ මතකය තිබෙන්නේ 1960 පටන්. එදා සිට අද දක්වාම ඔය හිටපු නායකයෝ හැමෝම අනේ අපි වෙනුවෙන් කොතරම් නම් කතා කළාද. ඒ මිනිස්සු කොච්චර නම් අහිංසකයන්ගේ කර පිටින් ගියාද? බලයට පැමිණ ඉන්ටර්කූලර් වල යද්දී අනේ වේගය වැඩිකමටද කොහෙද ඒ පොඩි මිනාහාව පෙනෙන්නේ නැහැ.අපි තවමත් කරත්තේ බැදපු ගොනුන් වගේ මේ උත්තමයින්ගේ බර අදිනවා (නි)
වතුර දුන්නට එක්කෙනයි ගත්තේ කියන්නේ. ( ජාල සම්පාදන මණ්ඩලය ) (නදී)
ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට නුසුදුසුයි කියන අය එතකොට කියන්නේ දැන් රටේ ඉන්නා අනෙක් දූෂිත දේශපාලකයෝ ටික හොඳයි කියලද? ඔවුන් දේශපාලනයට සුදුසුයි කියලද? (නි)
රට තුළ හොරකම,දුෂණය ඉහළ යාම ,නීතිය ආගාධයට යාම,සංස්කෘතිය විනාශ වීම, පුරවස්තු හොරකම, මත්ද්‍රව්‍ය වෙළදාම ඉහළ යාම,සුදුව සුරාව රජවීම, බෙදුම්වාදය පෝෂණය වීම, මානව අයිතිවාසිකම් කඩවීම,රට වීදේශිකයන්ට උකස් වීම , පරිසර විනාශය,ජාතිවාදය, බහුජාතික සමාගම් වල ජාවාරම්, මිනිසුන්ගේ මුදල් නිත්‍යානුකුල ලෙස සොරකම් කිරීම වැනි ප්‍රශ්න හමුවේ ඔබ නිහඩ ඇයි? රටේ ප්‍රධාන වීපක්ෂය ඔබයි දැන් අපිට (නි)
ජෙනරාල් බලයට පැමිණියහොත් දූෂණය අවසාන වේවි. (නි)
අහෝ...ජනපති ඇතළු රජයත් හැම හමුදාවකම නිලදරිනුත් කැපවෙලා මේ රට නිදස කලේ එක කාටවත් ලිය ගන්න බෑ.(ත)
දැන් නම් දූෂණයට, කුඩු වලට තිත තැබිය යුතුයි. නමුත් කැසිනෝ අවශ්‍යද නැද්ද යන්න ප්‍රශ්නයක් (නි)
සුවද සබන් ඇග ගාලා හායි හායි... අපේ ළිදෙන් ඇසිඩ් වතුර නාලා.... උද්ගෝෂණ කරමු මෙයා... කම්හල හොදයි කියා... (නි)
ආරියසේන, ඔබ ඉන්නේ ලංකාවේද? (නි)