IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රතුපස්වලට ලක්ෂ 46 ක් වන්දි

ගම්පහ රතුපස්වල දී පිරිසුදු පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේ දී  යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහර  දීමෙන් තුවාල ලැබු  ප‍්‍රදේශවාසීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (8) ජනාධිපති ලේකම් කාර්යාලයයේදී පැවැත්විණි.

පානීය ජලය ඉල්ලූ ප‍්‍රදේශවසීන්ට යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් හා පහරදීමෙන් තුවාල ලැබූ 33 දෙනකුට වන්දි අනුමත විය. ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 24 දෙනකුටත් මහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 9 දෙනකුටත් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් වන්දි මුදල් ලෙස ප‍්‍රදානය කැරිණි.

ජනාධිපති රතුපස්වල වැසියෝ සමඟ සුහද සාකච්ජාවක නිරත විය. ඔවුන්ගේ ගැටලූ පිළිබඳව ද විමසා සිටියේය.

එහිදි ප‍්‍රාදේශවාසීන්ට පැටලැවූ බොරු නඩු ඉවත් කරන්නැයි ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම කටයුතුවල වගකීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පවරා ඇති බව ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ජනාධිපතිවරයාට දැන්වීය.

තුවාල ලැබූවන්ගෙන් අයදුම් පත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කැඳවා ඔවුන්ගේ තොරතුරු පරීක්ෂා කළ වන්දි මුදල් ගණන තීරණය කළ බව ද ජනාධිපති ලේකම් කාර්යාලයය ඉකුත් දා සඳහන් කළේය.

පූර්ණ ආබාධිත ගම්වැසියකුට රුපියල් හත් ලක්ෂයක වන්දි මුදලක් අනුමත වී ඇතැයි ද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

රතුපස්වලට සහන සලසා දෙන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනි දා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාවට සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

නගර සැලැසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම මහත්වරු සහභාගී වුහ.

 

           

 



අදහස් (0)

රතුපස්වලට ලක්ෂ 46 ක් වන්දි

ඉන්දු Saturday, 09 April 2016 12:31 AM

88-89 කාලයේ මියගිය අයගේ පවුල් වලට වන්දි ලැබෙන්නේ කවදාද..? (නි)

:       0       0

ගාල්ලගේ Friday, 08 April 2016 12:09 PM

අගය කළ යුත්තකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site