IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රතුපස්වලට තාමත් විසඳුමක් නෑ

වැලිවේරිය රතුපස්වල ජල ගැටලුව හා වෙඩි තැබීම සම්බන්ධයෙන් සියනෑ පරිසරය සුරැකීමේ පරිසර ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා අද (12) පැය පහක ප්‍රකාශයක් ලබා දුන් බව රහස් පොලීසිය කියයි.

උද්ඝොෂණය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා සිදු වූ කරුණු කාරණා ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

ජල ගැටළුව සම්බන්ධයෙන් එවකට වැලිවේරිය පොලීසිය ක්‍රියා කළ ආකාරය ගැන සොයා බලන ලෙසද ප්‍රශ්නය දුර දිග යාමට පොලිස් රාජකාරි පැහැර හැරීම් බලපෑවේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසද පෙරේරා මහතා රහස් පොලීසියෙන් ඉල්ලා සිටියේය. ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමකගේ ක්‍රියා කලාපය ගැනද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.

අද පෙරවරු 9.30 සිට පස්වරු 2.30  දක්වා ඔහුගේ ප්‍රකාශය ලබා දුන්නේය. පෙරේරා මහතා රහස් පොලිසියෙන් පිටව යද්දී මෙසේද පැවසීය.

“රතුපස්වල ජනතාව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා. එම ප්‍රශ්න වලට තවමත් කිසිඳු විසඳුමක් ලබා දී නැත. එසේම ගැටළුව සමයේ විපක්ෂයේ සිට ලොකුවට කතා කළ පිරිස් දැන් ප්‍රශ්නය අමතක වූවා සේ සිටිනවා. සිදු වූ ජීවිත හානි වලට ඒ මොහොතේ සේවයේ නිරතව සිටි සියළුම නිළධාරීන් වගකිව යුතුයි. මෙය වතුර පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ම  නොවේ රතුපස්වල ජනතාවගේ ජීවිත සම්බන්ධ ප්‍රශනයක් වහාම මෙයට ක්‍රියා මාර්ග ගන්න. විසඳුම් දෙන්න.”

මෙම සටන මුදලට හා වරපූසාද වලට පාවාදුන් පිරිස් සිටින බවත් ඒ අතර ඇතැම් පිරිස් ඉදිරියෙන්ම සිටින බවත් කීවේය. 

 



අදහස් (0)

රතුපස්වලට තාමත් විසඳුමක් නෑ

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 12:42 PM

ඇයි ඒ දවස්වල දුන්නේ විසඳුමක් දෙන්නෙක්ට වල පල්ලටම යන්න ඉතින් තවත් මොනාද ඉල්ලන්නේ?(කෞ)

:       0       0

ජයරත්න Tuesday, 12 January 2016 01:16 PM

විවිධ දේශපාලන කණ්ඩායම් වල උසිගැන්වීම් වලට හසුවී තමන්ගේ වටිනා ජීවිත් විනාශ කරගන්න යන අයට මේවා හොද පාඩම්.(හේ)

:       0       0

කල්පගේ Wednesday, 13 January 2016 06:52 AM

දැන් දෙගොල්ලම එකට නේ ඉතින් පරණ සගයන්ට දඬුවම් කරන්න පුලුවන්ද? (බ)

:       0       0

දුමින්ද Wednesday, 13 January 2016 07:04 AM

දේශපාලන පා පන්දුවක් (ම)

:       0       0

දමිත් කස්තුරි Wednesday, 13 January 2016 07:33 AM

පොලිස් ප්‍රකාශකට තවත් හොඳ හොඳ කතා ටිකක් කියන්ඩ පුළුවන් වෙයි වගේ මේ යන්න දිහා බැලුහම ඉස්සරහට . තව අපේ පොලිස් මහත්වරුන්ට ස්ථාන මාරුත් හම්බෙයි (ම)

:       0       0

රමණි ගුණතිලක Tuesday, 12 January 2016 03:18 PM

ඡන්දෙ දිනුවනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site