වැලිවේරිය රතුපස්වල ජල ගැටලුව හා වෙඩි තැබීම සම්බන්ධයෙන් සියනෑ පරිසරය සුරැකීමේ පරිසර ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා අද (12) පැය පහක ප්‍රකාශයක් ලබා දුන් බව රහස් පොලීසිය කියයි.
උද්ඝොෂණය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා සිදු වූ කරුණු කාරණා ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.
ජල ගැටළුව සම්බන්ධයෙන් එවකට වැලිවේරිය පොලීසිය ක්‍රියා කළ ආකාරය ගැන සොයා බලන ලෙසද ප්‍රශ්නය දුර දිග යාමට පොලිස් රාජකාරි පැහැර හැරීම් බලපෑවේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසද පෙරේරා මහතා රහස් පොලීසියෙන් ඉල්ලා සිටියේය. ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමකගේ ක්‍රියා කලාපය ගැනද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වේ.
අද පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ඔහුගේ ප්‍රකාශය ලබා දුන්නේය. පෙරේරා මහතා රහස් පොලිසියෙන් පිටව යද්දී මෙසේද පැවසීය.
“රතුපස්වල ජනතාව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා. එම ප්‍රශ්න වලට තවමත් කිසිඳු විසඳුමක් ලබා දී නැත. එසේම ගැටළුව සමයේ විපක්ෂයේ සිට ලොකුවට කතා කළ පිරිස් දැන් ප්‍රශ්නය අමතක වූවා සේ සිටිනවා. සිදු වූ ජීවිත හානි වලට ඒ මොහොතේ සේවයේ නිරතව සිටි සියළුම නිළධාරීන් වගකිව යුතුයි. මෙය වතුර පිළිබඳ ප්‍රශ්නයක් පමණක්ම නොවේ රතුපස්වල ජනතාවගේ ජීවිත සම්බන්ධ ප්‍රශනයක් වහාම මෙයට ක්‍රියා මාර්ග ගන්න. විසඳුම් දෙන්න.”
මෙම සටන මුදලට හා වරපූසාද වලට පාවාදුන් පිරිස් සිටින බවත් ඒ අතර ඇතැම් පිරිස් ඉදිරියෙන්ම සිටින බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ දවස්වල දුන්නේ විසඳුමක් දෙන්නෙක්ට වල පල්ලටම යන්න ඉතින් තවත් මොනාද ඉල්ලන්නේ?(කෞ)
විවිධ දේශපාලන කණ්ඩායම් වල උසිගැන්වීම් වලට හසුවී තමන්ගේ වටිනා ජීවිත් විනාශ කරගන්න යන අයට මේවා හොද පාඩම්.(හේ)
දැන් දෙගොල්ලම එකට නේ ඉතින් පරණ සගයන්ට දඬුවම් කරන්න පුලුවන්ද? (බ)
දේශපාලන පා පන්දුවක් (ම)
පොලිස් ප්‍රකාශකට තවත් හොඳ හොඳ කතා ටිකක් කියන්ඩ පුළුවන් වෙයි වගේ මේ යන්න දිහා බැලුහම ඉස්සරහට . තව අපේ පොලිස් මහත්වරුන්ට ස්ථාන මාරුත් හම්බෙයි (ම)
ඡන්දෙ දිනුවනේ. (ර)