ගම්පහ රතුපස්වල නැවත අර්බුද හට ගත හැකි බව හා නිසි කලට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුද්ගලයන් සංවිධානය වී කරන්නේ මොනවාදැයි ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වීමට බුද්ධි අංශ නිලධාරීන් අසමත් වී ඇති බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමාසරු මහතාගේ සාක්කියෙන් පෙනී යන්නේයැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.
ඒ පිළිබඳ පොලිස්පතිගේ අවධානයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
අතුපස්වල ගැටළුව අවස්ථාවේ පොලිසියේ කොපමණ ප්‍රමාණයක් යොදවා සිටියේදැයි මහේස්ත්‍රාත් නැගූ පැනයකට පිළිතුරු ලෙස පොලිස් අධිකාරී කොමසාරු මහතා පැවසුවේ පොලිස් නිලධාරීන් දහසක් පමණ ඒ සඳහා යොදවා සිටි බවයි.
නීතීඥ උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ පොලිසිය මහජනයාගේ ගැටළුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවාට වඩා කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා උනත් මැරුණු යට පන එනවද? (දී)
පෞද්ගලික කර්මාන්ත ශාලාවක් ආරක්ෂා කරන්න 1000ක පොලිස් නිලධාරීන් පිරිසක්? (නි)
අපේ මිනිස්සු අපේ මිනිස්සුන්ටම වළකපන තත්ත්වයට රට අද ජරාජීර්ණ වෙලා. (නි)
පොලිසිය ගැන කතා නොකර ඉම්මු (දී)
සත්‍ය නුබ හරි පොලිසිය මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබා දෙයි අනිවාර්යෙන්ම (දී)
විනිසුරුතුමා හොඳ නිරීක්ෂණයක් කරලා තියෙන්නේ. පොලිස්පතිතුමාට නිවැරදි තොරතුරු ගොස් නැතිබව පෙනුනා උසාවියේදී. මේ ප්‍රශ්නය ලිහනවට වඩා අවුල් කරන අය වැඩියි. ඒ බව අධිකරණයටත් පෙනෙන්න ඇති. (නි)
මහජනයාගේ මේ වගේ ගැටළු වලට පොලිසිය කොහොමද පියවර ගන්නේ..පොලිසියට පුලුවන්ද නල එලල රතු පස්වල හා අවට ප්‍රදේශ වලට සිරිදම්ම හමදුරුවන්ට ඕන විදියට වතුර දීල බිලත් ගෙවන්න..වැරද්දක් තිබුනත් නැතත් වාර්තා මොකක් උනත්, සිරිදම්ම හමදුරුවන්ගේ කැමැත්තට කම්හල ඉවත් කරන්න .පොලිසියට පුළුවන් උසි ගැන් වීම් මත ප්‍රහාරයකට ලක්වෙය් කියල හිතන කම්හලටත් සේවකයින්ටත් රැකවරණය දෙන්න විතරයි. (අ)
ලංකා පොලිසිය කියන්නේ මහජන මුදලින් නඩත්තු වන රජයේ ආයතනයක්. එයට යුතුකමක් නොවෙයි නීතිමය බැඳීමක් තිබෙනවා ජනතාවගේ ගැටළු විසඳන්න ඉදිරිපත් වෙන්න (නි)
මිනිස්සු කොහ්මත් ඡන්දෙ දෙන එක ,කර්මාන්ත ශාලාව අයිතිකරු මිනිසුන්ට වඩා වැදගත් නේද මහත්වරුනේ. කවුද ඡන්ද වලට සල්ලි වියදම් කරන්නේ?(දිල්)
බන්දුල අදහස් දමන විදියට මමත් කැමතියි (නි)
මෙතන සාමාන්‍ය ජනයා හා ප්‍රභූ ජනයා අතර අරගලයක් තිබෙනවා වාගේ පෙනෙනවා. ප්‍රභූ ජනයාට හතරවන පාර්ශවයකින් උදව් ලැබෙනවා ඇති. නීතිය ක්‍රියාත්මක කරවීම ප්‍රමාද කරවීම හා නීතිය රැවටීමට තැත්කිරීම භයානකයි (නි)
අහිංසක මිනිසුන් සමග කරන සෙල්ලම නවත්වන්න කිසිම ජනතා නායකයෙක් ඉදිරිපත් උනේ නැහැ. ඉතින් තව මොන කාතාද?(දිල්)
මේ ප්‍රශ්නයට අඩුම ගණනේ තාවකාලිකව බවුසර් වලින්වත් ගෙනවිත් පානීය ජලය ජනතාවට ලබා දුන්නා නම් හොඳයි.ඒ පැත්තට වතුර සපයනවා කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන්කමක් ඇති නෙමෙයි. කර්මාන්ත ශාලාව වහනවා කියන්නේ කී දෙනෙක්ගේ රැකියාවල් නැතිවෙනවද?ඒ වගේම ඔවුන්ගේ යැපෙන්නන් කී දෙනෙක් අපහසුතාවයකට පත් වෙනවද? කර්මාන්ත ශාලා වල අපද්‍රවය බැහැර කිරීමට ක්‍රමවත් වැඩපිළිවලක් සැකසිය යුතුයි.අනෙක මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන්නේ 'සර්ජිකල් ග්ලවුස්'.එහි අවශ්‍යතාවයත් ඔබ හොදින් දනී (නි)