රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වසා දමන්නැයි මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන පසුගිය සිකුරාදා සිට තොරතුරක් නැතැයි ගම්වාසීහු කනස්සල්ල පළ කරති.
සිරිධම්ම හිමියන් පන්සලට වැඩම කර ඇතැයි ලැබුණු ආරංචියට අනුව ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට ගියත් එහි කිසිවෙක් නොසිටි අතර සිරිධම්ම හිමියන්ගේ වටාපත ඒ හිමියන් නිතර වැඩහිඳි ආසනය මත විය.
අසල්වාසියකු පැවසුවේ මළගෙදරක යන බව කියමින් සිරිධම්ම හිමියන් පිටව ගිය බවයි. ඉන් පසු තමන් වහන්සේ පන්සලක සිටින බවට දුරකතන ඇමතුමක් දුන් බවත්, එම ඇමතුමෙන් පසු තවම තොරතරක් නැති බවත්, වෙනදා කොහේ ගියත් සිරිධම්ම හිමියන් තමන් සමග දුරකතනයෙන් සම්බන්ධ වන බවත් ඔහු පැවසීය.
ගම්වාසීන් හා මාධ්‍යවේදීන් නිරන්තරයෙන් සිරිධම්ම හිමියන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. සෙනසුරාදා (12) පෙරවරු 6.45ට පමණ ඒ හිමියන්ගේ දුරකතනයට ඇමතුමක් ගත් විට සුළු වේලාවකින් දුරකතනයට ප්‍රතිචාර දැක්වීය.
එම අවස්ථාවේ දී සිරිධම්ම හිමියන් ‘ලංකාදීපයට‘ පැවසුවේ තමා මළගෙදරක වැඩ සිටින බවයි.
රතුපස්වල ගම්වැසියන් සිරිධම්ම හිමියන් එනතුරු බලා සිටින බව කී විට ඒ හිමියන් පැවසුවේ මළගෙදර වැඩ කටයුතු පවරා ඒමට වගකිවයුත්තකු නොමැති බවයි. එදින දහවල් රතුපස්වලට ඒමට සිතා සිටින බව ද ඒ හිමියෝ කීහ.
ලංකාදීප - හාමුදුරුවන් ගමේ නැතැයි කියා රාවයක් යනවා. ඔබවහන්සේට කරදරයක් ද?
සිරිධම්ම හිමියන් - නෑ නෑ මම හොදින් ඉන්නවා. මට මෙහේ කිසිම කරදරයක් නෑ. මට මේ දේශගුනේ ඇල්ලුවේ නෑ. කැස්ස වගේ පොඩ්ඩක් ඇවිත්.
ඒ සමගම දුරකතනය විසන්ධි විය.
ඉන්පසු දුරකතන ඇමතුම් ලබා ගත්තත් සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.
අද සවස 6 වන විටත් ඒ හිමියන් විහාරස්ථානයට වැඩම කර තිබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු පුදුමාකාර සන්තෝෂයක්නේ ලබන්නේ රතුපස්වල සිද්ධිය දික් ගැස්සෙනකොට. ඒ කොහොම වුණත් හාමුදුරුවෝ දුරකතනයෙන් කතා කරන්නේ කොහේ සිටද කියලා චන්ද්‍රිකා වලින් සොයාගන්න පුළුවන්.හාමුදුරුවන්ට වැඩි කාලයක් හැංගිලා ඉන්න පුළුවන්කමක් නැහැ. (නි)
රතුපස්වල ප්‍රශ්නයේ හැටියට හාමුදුරුවෝ ගැන හිතන්න පැති වැඩියි (නි)
හාමුදුරුවන් දෙවියන් එවූ දුතයෙකු ලෙස හිතූ මිනිස්සුම උන්වහන්සේ මැදිහත්වෙලා අත්සන් කළ ගිවිසුමටත් විරුද්ධ වුණානේ. ආරියසේන කියනවා වගේ එතකොට හාමුදුරුවන්ට තේරෙන්න ඇති මේක ඉවරයක් කරන්න දෙන්නේ නැත්තේ කවුද කියන එක. සංඝයා වහන්සේලා බුදුන් වහන්සේගේ වචනයවත් පිළිගන්නේ නැතිවුණාම බුදුන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩියා වගේ දෙයක්. (නි)
ඉන්දියාව ,තායිලන්තය වන්දනා ගමනක් ගියාද දන්නේ නැහැ. හිත හදා ගන්න. හාමුදුරුවන්ටත් තේරුණා ද දන්නේ නැහැ මේකේ පිටුපස්සේ ඉන්නේ කව්ද කියලා. (නදී)
මම හිතන්නේ මේ හාමුදුරුවන්ටත් අපේ සෝම හාමුදුරුවන්ට වෙච්චේ වැඩේ වෙලා වගේ ඔස්ට්‍රලියාවේ ඉඳන් අන්තිමටම සෝම හාමුදුරුවන්ට කතා කරපු කෙනෙක් මම. මට හාමුදුරුවෝ කියුවේ ඔක්කොම හොඳට තියනවා සල්ලි තමයි අඩු සල්ලි එවන්න කියලා. එතකොට මම ඇහුවා හාමුදුරුවනේ සල්ලි ද වටින්නේ තමන්ගේ ජීවිතේද වටින්නේ කියලා. මට තරහ ගියා හාමුදුරුවෝ මේ වගේ කතාවක් කියනකොට. නමුත් මට ඒ වෙලාවේ වැටහුනේ නැහැ හිතුවෙත් නැහැ කවුරු හරි පිටි පස්සේ ඉඳන් සෝම හමුදුරුවන්ට එහෙම කියන්න කියල බල කලාද කියලා. පස්සේ තමයි අප වත් උනා කියල ආරංචිය ආවේ.(නදී)
මේ හාමුදුරුවෝ ගමට නායකත්වයක් දුන් හාමුදුරුනමක්. එහෙම බුද්ධ පුත්‍රයෙක් සල්ලි වලින් නම් අල්ලනවා බොරු. කාටවත් යන තැන නොකියා ගිය එකනම් ප්‍රහේලිකාවක්. අපි බලමු තව ටික දවසකින් ඇත්ත එළි වෙයි. (නි)
තත්ත්වයේ හැටියට නම් උන්නාන්සේ මේ වෙන ඒවා දැකල සසර කලකිරිලා කොහේහරි වැඩියාවද්ද? (නි)
කළු ගලේ ඔලුව ගහ ගෙන හරියනවද? ගම්පහ හොල්ලන්ඩ බෑ.(නදී)
මොනවා අහනවද? තරගය තමයි.වෙන මොනවද? (නි)
සල්ලි තමයි දෙවියන්ගෙ මල්ලි (නදී)
සල්ලි කුමටද ? (නදී)
ආරියසේන, ඕකේ පිටිපස්සෙන් එන්නේ "රීරි යකා. "රීරි යකා" කියන්නේ චීවරයටවත් නැමෙන්නේ නැති යකෙක්.(නදී)
ආයේ අහන්න දෙයක් නැහැ මැතිවරණ කොමසාරිස්ට වුනා වගේ උස්සලා ඇති. මොනවා වුනත් තනිවම ඔය සංඝයා වහන්සේ අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා.(නදී)
ඒ හිමියන්ට කැස්ස කියල කිව්වනේ මොකටද අනවශ්‍ය ප්‍රස්න අහන්නේ? ඒ හිමියෝ කැස්ස හොද කරගෙන එලියට එයි. කැස්සත් එක්ක අහන ප්‍රස්න වලට උත්තර දෙන්නවත් පුළුවනැයි?(නදී)
හාමුදුරුවෝ වන්දනාවකවත් ගියාද? (නි)
හාමදුරුවන්ට සත්‍යය අවබෝද වෙන්න ඇති ගිවිසුමෙන් පස්සේ. තමන් රගපැවේ අනුන්ගේ නාඩ ගමක අනුන්ගේ පිට පතකට කියලා. තමන්ගේ කියල හිතාගෙන හිටියත් ගිවිසුම ගහනකම්..මේ සත්‍යය ගමේ මිනිස්සුත් ටික ටික අවබෝද කර ගනීවි..අද රතුපස්වල තියෙන්නේ අහිංසක ගැමියන්ගේ අහිංසක වතුර ප්‍රස්නයක් නෙමෙයි. මේ ගිවිසුමට විරුද්දව හඩනගන අයගෙන් එය හොදින්ම පැහැදිලි වෙනවා.(නදී)
රතුපස්වල ජනතාවට වඩා වෙනත් යමක් ලොකු වේද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ.බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්නේ මේවට තමයි. (නි)
බන්දුල කියන්නෙ අහිංසක මිනිසුන්ගේ දහදිය, කදුළු, වේදනාව උරා බොන වෘකයෙක්.මිනිහට සල්ලි ලැබෙනවා නම් ඕනම අසාධාරණයක් සාධාරණය කරාවි.ඔයිට වඩා හොඳ නැද්ද, කන්න අදින්න සල්ලි නැති නම් කොළයක් එලාගෙන මහා පාරේ හිඟා කෑවා නම්. (ස)
අපේ සෝම හාමුදුරුවන්ව මතක් වුණා මට (නි)
ලංකාවේ දේසප්‍රේමී කියන අය කරලා තියෙන වැඩ කිඩ දැක්කම මට නම් මේ හාමුදුරුවෝ ගැන පුදුම දුකක් ඇති වෙනවා.සංඝයා මැරීම ආනන්තරීය පාප කර්මයක්.ඇරත් මේ අය මුදල් බලය වෙනුවෙන් ඕනම ජහ ජරා වැඩක් කරාවි. (ස)
ටිකිරි,මේ රට පාවා දුන්නේ ඔය වගේ නම් වලින් පෙනී සිටි අය (දිල්)
ලක්ෂ්මන් කියන දෙය බොහෝවිට හරි. රට සමාජය පිරිහී ඇති බව ලියපුවා කියවනකොට හොදටම තේරෙනවා. රට ගැන කලකිරීම මිස වෙන මොනවා කරම්ද අපි? (නි)
අපේ බන්දුල පෙරේරා ට මේ ප්‍රශ්නය තේරෙනවා. මිනිහා කියන දේ අහ ගෙන අපි කට පියා ගනිමු. (නි)
හිතාගන්න බැහැ මොනවද වුනේ කියලා. අදහස් ගොඩක් එනවා මොනාවත් දාන්න කල් වැඩියි.(නදී)
මෙම හිමියන්ගේ අතුරුදහන්වීමත් ප්‍රශ්නයක් (නි)
පුජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන ලෝකයමයි ඔබට එරෙහි වි නැගිටින්නේ... විශාරද නන්දා මාලනීගේ ගීතය සිහිවේ (නි)
කවුරු හරි හාමුදුරුවූවෝ හංගගෙන ඉන්නව වත්ද?(දිල්)
දෙන දානය වලඳලා හිටියා නම් ඉවරයි නේ අපේ හාමුදුරුවනේ .බැරි වැඩ නොකර .ගමේ අහිංසක මිනිස්සු අමාරුව දාන්නෙ නැතුව. (ස)
අනේ මේ අපේ සරතුත් නැහැනේ. මේ හිමියන් ගැන ලියන්න කිසි දෙයක් හිතට එන්නේ නැහැනේ ,ඇයි මන්දා? කෙසේවෙතත් අනතුරක් ''නොවේවා'' කියලා පතනවා (නි)
උන්නාන්සේ ගමේ අහිංසකයන්ගෙන් වෙන් කළේ කාගෙවත් කොන්ත්‍රාත් එකකට වත්ද? අර කට්ටියක් පිටරට විශ්ව විද්‍යාලවලට ළමයි ගන්න කාලෙට ලංකාවේ විශ්ව විද්‍යාලවල කොල්ලෝ කෙල්ලෝ උසිගන්වලා මෙහෙ විස්ව විද්‍යාල වස්සවනවා වගේ. ඒත් ඉතින් මේ ග්ලවුස් කර්මන්ත ශාලාව වස්සවන්න එව්වා හදන වෙනින් ව්‍යපරිකයෙක්වත් ලංකාවේ නැහැ නේද? මහ පොළොවේ වතුර පිරිසිදු කරන්න බැරිම නම් කරන්න තියෙන්නේ වැඩපොළ වහනවට වඩා ඔය මිනිස්සු ටික පිරිසිදු වතුර තියෙන පළාතක ඉඩම් දීල පදිංචිකරවන එක? එතකොට කර්මාන්ත ශාලාවත් බේරිලා මිනිස්සු ටිකත් බේරෙනවා. නැතිනම් එළුවාගේ බෙල්ල කපල බෙල්ල ගන්න මුට්ටිය බින්දා වගේ වැඩේ කරන්නත් පුළුවනි.(නදී)
ඕවා විවිධ උපක්‍රම හැටියටයි මම නම් දකින්නේ. (නි)
අපේ හාමුදුරුවන්ට දැන් වැටහිලා සත්‍ය. වෙන වැඩක් බලා ගන්න හිතල ඇති. ඉතින් ආයේ හොයා හොයා කරදර කරන්නේ මොකද. උන්නාන්සේ හෙමීට වැඩම කරාවි. (නදී)
ටිකිරි බණ්ඩාගේ පළමුවැනි පියවර හරි (නි)
අනේ ඇත්තට! පුංචි ටිකිරි, ඩුබායි තිලක්, සත්‍ය වගේ අය ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ? (නි)
මගේ මිතුරෙක් ඉන්නවා රතුපස්වල ඔහුට එස්.එම්.එස්. එකක් ඇවිත් ඒකෙ තියෙන්නේ " මට ලැබුන බෙන්ස් එකෙන් ලගදීම ඔයපැත්තේ එනවා එතෙක් ඉවසන්න" කියා.කවුද එව්වෙ කියා පැහැදිලි නැත.(නදී)
අනේ මන්දා මොනවා වෙනවද කියලා? (නි)
ඕව ඔහොම තම. සල්ලිවලට කරන්න බැරි දෙයයක් නැනේ .ඔය වගේම ප්‍රශ්නයක් දැන් ගාල්ල බෝගගොඩ තියනවා . එහෙත් වතුරවල ඇසිඩ් තියනවා . විවිධ අක්‍රමිකතා වෙනවා (දිල්)
හාමුදුරුවෝ තමා විසින්ම හංගාගෙනද කියලා අපි එහෙම කියන එක ප්‍රශ්නයක්ද? (නි)
මහරුෆ් කටකතා පතුරුවන්න හරිදක්ෂයෙක් වගේ.(දිල්)
හැමදුරුවෝ ඉන්නවා නම් මොකටද කල බල වෙන්නේ. කෝරහේ කිබුල්ලු දකිනවා සමහරු. (දිල්)
ආරියසේන ඔබට වැරදිලා දැන් කට්ටිය ඒරටවල් වලට වඩින්නේ නැහැ (දිල්)
හාමුදුරුවෝ පස්සෙන්ම යන්න එපා (නි)
සියල්ල අවසාන වුණා. කරුණාකර දැන් විසිරී යන්න. (නි)
කොහේහරි ඇති. සොයා බලමු (නි)
දී කිරට බළල්ලුත් සාක්කි කිවුවලු (නි)