රතුපස්වල ජල ගැටළුවට ඉක්මණ් විසඳුම් නොලැබුණහොත් නැවත් පාරට බැසීමට එම ජල සටන  මෙහෙයවූ සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය ඉරිදා සවස (14) තීරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටිය දී රතුපස්වලට පැමිණ තමා ජනතාධිපති වී මාස තුනක් ඇතුළත විසඳුම් දෙන බවට පොරොන්දු වී දෙසැම්බර 25 වැනිදාට අවුරුද්දක් පිරෙන නිසා ඊට පෙර සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට ද තීරණය විය.

එදිනට පෙර විසඳුම් නොලදහොත් දැඩි තීන්දුවක් ගැනීමට ද යෝජනා විය.

පරිසර සංවිධානයේ නව නිලධාරී මණ්ඩලය ද තෝරා පත් කරගනු ලැබූහ.

එහි අනුශාසකවරුන් ලෙස තෙරිපැහැ සිරිධම්ම හිමි, සම්පත් සමරකෝන්, උභයසේන අදිකාරි ,කේ එම් ඩී කරුණාරත්න සහ ඇල්බට් ජයකොඩි   මහත්වරු පත් කර ගනු ලැබූහ.

සභාපති - ප්‍රසන්න පෙරර්රා, ලේකම් ජයන්ත අබේසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති ජීවක දහනායක, උප සභාපති නීතීඥ පාලිත සේනාරත්න, පරිපාලන ලේකම් ධනුෂ්ක අදිකාරි, නීති ලේකම් නීතීඥ ඩබ්ලිව් ජී වික්‍රමආරච්චි, මාධ්‍ය ලේකම් ජී කුමාරදාස, භාණ්ඩාගාරික රොෂාන් කරුණාරත්න, උප භාණ්ඩාගාරික ගාමිණී වරාගොඩ, කැඳවුම්කරු උපාලි වරාගොඩ,  ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා