රතුපස්වල කම්හලේ හා ඒ අවට විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් වාර්තා ලබන සතියේ මහින්ද රාජපක්ෂ ජනපතිට ඉදිරිපත් කරන බව ගම්පහ මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා කියයි.
භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ වාර්තාව හැර සෙසු සියලු වාර්තා ලැබී ඇති බව දිසාපති පවසයි.
රතුපස්වල කර්මාන්ත ශාලාව නිසා ජලය අපිරිසිදු වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන් නොවන බවත්, කෘෂි කර්මාන්තයේ දී භාවිත කරන පොහොර, මිනිස් ජනාවාස වැඩි වීම, සතුන්ගේ මළ සහ දේශ ගුණික විපර්යාස වැනි හේතු නිසා ජලයේ පී.එච් අගය අඩුවී ඇතිබව සඳහන් බවත් දිසාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත්, ඊයෙ දැක්කා රතුපස්වල මිනිසුන්ම කියනවා වතුර දැන් පිරිසිදුයි කියලා.මේක දැන් ඛේදවාචකයක් වෙලා තියෙන්නෙ.මෙතුමා මැදිහත් හරි මේ ප්‍රශ්නෙ නිම කරොත් හොඳයි. (ස)
බන්දුල පෙරේරා.මේ කම්හලෙන් ලැබෙන විදේශ විනිමය රැකියා අවස්ථා ආදී රටේ ආර්ථිකයට සිදු කෙරෙන සෑම ලාබ ප්‍රයෝජනයක්ම අත ඇරලා මේ තීන්දුව ගන්න දේශපාලනික තත්වයන් මත අනිවාර්යයෙන් සිදුවේවි.විදේශ විනිමය කියලා රටේ මිනිස්සු වකුගඩු අමාරු වැනි රෝග වලින් මිය යනවා නම්,අසරණ දරුවන් ජීවිත කාලයම රෝග වලින් පීඩා විඳිනවා නම් ඔය කියන විදේශ විනිමයෙන් වැඩක් තියෙනවද මනුස්සයෝ....ඔහෙලා වගේ පාවල දුන්නු මිනිස්සු ඉස්සරත් හිටියා, අදත් ඉන්නාවා, ඉදිරියටත් ඉදීවි. (ස)
බන්දුල පෙරේරා, මම කියන දේවල් ගණන් ගන්නේ නැති නිසාද ඔය තරම් දිගට ලිව්වේ? (නි)
බන්දුල පෙරේරා, රතුපස්වල ප්‍රදේශයේ වතුර දැන් බොන්න පුළුවන් කිවුවේ කවුරුද?? මිනිස්සු කිවුවේ දැන් ජලය ටිකින් ටික පාවිචිචියට ගන්න තරම් ප්‍රගතියක් මෙම කම්හල වසා තිබුණු මාස දෙක හමාරක කාලයේදී ඇති වී ඇති බවයි. (ස)
ඒ පැත්තේ සත්තු මළපහ කරනවා කොහොමත් වැඩියි.ඒකට කම්හල වහලා හරියන්නේ නැහැ. සතුන් මළපහ කිරීම සීමා කළ යුතුයි. (නි)
එක කර්මාන්ත ශාලාවකින් ඔච්චර පරිසරය දුෂණය වනවා නම් කාර්මික රටවල කොච්චර පරිසරය දුෂණය වෙනවා ඇද්ද?........ ඕව බොරු කතා.කාර්මික රටවල් අපි වගේ රටවල් වල දියුණුව වලක්වන්න තමයි පරිසර සංවිධාන වගේ සංවිධාන අපේ රටවල ඇති කරවල සද්ද දම්මවන්නේ. (ස)
තිලක් මහත්තයෝ, සදුන් වගේ නිතර බස් එකේ නොයන නොදන්නා අයට අවබෝධයක් දෙන්න වචන දෙක තුනක් වැඩියෙන් පාවිච්චි කරන්න වෙනවා.. (නි)
කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිත්‍ර නොවන බව වාර්තාවෙන් කියැවේ. එසේනම් මෙම විෂබීජ පතුරුවන දේශපාලන බඩගෝස්තරවාදීන්ව ඉක්මණින්ම හදුනාගෙන දඩුවම් කරන්න (නි)
මේ වතුර බොන අපිට මිසක් වෙන කාටවත් මේකේ දුක තේරෙන්නේ නැහැ (නි)
ඩුබායි තිලක් මහත්තයට කේන්ති ගිහින්..තමන්ගේ අඹු දරුවෝ මේ රටේ මේ නිදහස බුක්ති විදිද්දී, මේ රට මිනී කන්නන්ගේ දේශයක් කියලා පෙන්නන හදන. මේ රටට එන්නත් බයයි කියලා පෙන්නන්න හදන, ගුවන් යානයට නගින්නේ පණ බයේ කියල කියන ඔබතුමා, වැලිවේරියේ මළමිනී උතුරු මුදින් ගොඩ ගස්සවපු ඔබතුමා, අරාබි වසන්ත ඇවිත් මේ රජය පෙරලන කම් ඩුබායි වල ඉඳන් හීන දකින ඔබතුමා වගේ කෙනෙක් දික් කරන ඇගිලි කවුද මහත්තයෝ ගණන් ගන්නේ...ඔය අමාරුවට බෙහෙත් ඩුබයිවල නැහැ කියල මම දන්නවානේ.. (ස)
බලපොරොත්තු වුණ ප්‍රතිපලය ලැබිලා. අනේ සාදු !! අනේ සාදු!! (නි)
ගමේ කට්ටියගෙනුයි, අර ජල සංවිධානෙනුයි වාර්තා එපාද? අනේ! ඒ අයගෙන් වාර්තාවකුත් අමුණන්න ඕකට. (නි)
අවංකභාවයෙන් සහ විනිවිදභාවයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කළහොත් මෙම කම්හලින් වන හානිය අපූරුවට දැකගත හැකියි (නි)
බන්දුල පෙරේරා! තේරුමක් ඇති දේවල් කියන්න. "වැලිවේරියේ මළමිනී උතුරු මුදින් ගොඩ ගස්සවපු ඔබතුමා". මොන පිස්සු කතාවක්ද? ඩුබායි තිලක් මිනී අරගෙන ආවද? ඔහේ පිස්සා වගේ ලියනවා. (ස)
මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන්ම මෙම ව්‍යයසනය වී ඇත්නම් අනිවාර්යයෙන්ම කර්මාන්ත ශාලාව කර්මාන්තපුරයක් වෙත ගෙන යා යුතුයි. විදේශිය විනිමය රට තුලට ගෙන එන දේශීය නිෂ්පාදන විදේශ වෙළද පොළ වෙත ඉදිරිපත් කරන මෙවැනි කර්මාන්ත ශාලා වැසීමට වඩා සුදුසු ස්ථානයක ස්ථානගත කිරිම යෝග්‍ය වේ. එනමුත් මනුෂ්‍ය පැවැත්මට අහිතකර වන්නේ නම් ඉවත් කිරීම සාධාරණ වේ. සාධාරණ වාර්තාවක් ලබාගැනීම මනුෂ්‍ය පැවැත්මටත් දේශිය ආර්ථිකයටත් හිතකර වේ. (නි)
සදුන් මහත්තයෝ,ඔබතුමා මම හිතන්නේ මේ බස් එකේ නිතර යන කෙනෙක් නෙමෙයි වගේ. (නි)
අද රතුපස්වල වතුර ප්‍රශ්නයක් නැහැ.වතුර දැන් බොන්නත් පුළුවන් කියලා මිනිස්සුම කියනවා.විශ්වකර්ම ක්‍රියාවලිය කොහොම වුණාද කියන්න නම් දන්නේ නැහැ.අද රතුපස්වල තියෙන්නේ මේ කම්හල පිළිබද ප්‍රශ්නයක්.වාර්තා මොකක් වුණත් මොන උසාවි තීන්දු දුන්නත් කම්හලෙන් මේ ජලයට කිසි බලපෑමක් නොවුණත් මේ කම්හල ඉවත් කළයුතුයි කියන ස්ථාවරයේ ඉන්න පිරිසක් තෘප්තිමත් කරන්න මේ කම්හලෙන් ලැබෙන විදේශ විනිමය රැකියා අවස්ථා ආදී රටේ ආර්ථිකයට සිදු කෙරෙන සෑම ලාබ ප්‍රයෝජනයක්ම අත ඇරලා මේ තීන්දුව ගන්න දේශපාලනික තත්වයන් මත අනිවාර්යයෙන් සිදුවේවි. (නි)
මේ හරියේ ඉන්න සත්තු මොක්කුද?මම දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට රසායන වර්ග කැඩ්මියම් රසදිය එකතු වුණේ කොහොමද? (නි)
බන්දුල කොහේ ඉදලද දැන් වතුර වල ප්‍රස්නයක් නැ කියන්නේඔහෙත් එහෙනම් එනවා අපේ පළාතේ ජීවත් වෙන්න (දී)