IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රතුපස්වල වෙඩිතැබීම ගැන 80කගෙන් ප්‍රකාශ අරං

ගම්පහ රතුපස්වල ජල ගැටළුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් පිරිසකට වැලිවේරියේ දී වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට අසූ දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන්කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවියට දැනුම් දුන්නේය.

යුද හමුදා වෙඩි  තැබීමෙන් සහ පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.

එම සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (18) කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් මාධ්‍යවේදීන් ඇතුළු හය දෙනකුගෙන් ලබා ගත් කටඋත්තරවල උදෘත අධිකරණයට ඉදිරිපත් කළේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මුල් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ බවත්, ඉන් පසු නීතිපති විසින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබූ බවත් රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

විමර්ශනවල දැන් තත්ත්වය ගැන විනිසුරු නානායක්කාර මෙනවිය කළ විමසීමේදී රහස් පොලිසිය කීවේ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවයි.

ඉදිරි විමර්ශන කර කරුණු වාර්තා කිරීමට නඩුව මැයි 6 වැනි දාට කල් තැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.

සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා ඇතුළු ගම්වාසීහු පිරිසක්  අධිකරණයට පැමිණ සිටියහ.



අදහස් (0)

රතුපස්වල වෙඩිතැබීම ගැන 80කගෙන් ප්‍රකාශ අරං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site