රතුපස්වල සිදුවීම් මාලාව අළලා ලියන ලද‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘ කෘතිය දොරට වැඩීම හෙට (13) පස්වරු 2.45ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී (විහාරමහාදේවී උද්‍යානය අසල) සිදු කෙරේ.
මීට වසර විසි ගණනකට පෙර සිට ජනාධිපතිවරුන් දෙදෙනකු, අගමැතිවරුන් පස් දෙනකු සහ පරිසර ඇමැතිවරුන් අට දෙනකු පමණ යටතේ දිග්ගැස්සුණු රතුපස්වල අරගලය මෙම පොතෙන් විස්තර වෙයි.
රතුපස්වල සටන ගැන බොහෝ දෙනකු දැන ගත්තේ 2013 වසරේ අගෝස්තු මාසයේදී වෙඩි තැබීමේ සිදුවීමත් සමඟය. නමුත් රතුපස්වල සටනට අවුරුදු 20ක පමණ ඉතිහාසයක් ඇති බව මේ කෘතියෙන් සාක්කි සහිතව සනාථ කරයි.
අවුරුදු 20ක් පුරා මිනිසුන් මුහුණ දුන් ප්‍රශ්න ගැනත්, ජල සටනේදී ගම්වාසීන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගැනත්, එම සටන පිටුපස ඇති මෙතෙක් හෙළි නොවූ තොරතුරු රාශියක් ගැනත් පොතේ ඇතුළත්වේ. අරගලයේ කූටප්‍රපාප්තිය වූ වෙඩි තැබීමෙන් පසු ද ගම්වාසීන් තම අයිතිවාසිකම් උදෙසා සටන් කළආකාරය ගැන ද සටනේ වීරයන් සහ ද්‍රෝහියන් ගැන ද පොතේ විශේෂයෙන් සඳහන් කර තිබේ.
රතුපස්වල ජන අරගලය ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන සටහනක් (වෝටර් මාර්ක්) තැබූ සටනක් නිසා මෙම කෘතිය ‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘ මැයෙන් නම් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙම කෘතියේ පසුවන සපයා ඇත. පොත ප්‍රකාශයට පත් කරන්නේ අමිල චින්තක ගමගේ මහතාගේ ගමගේ පොත් ප්‍රකාශකයෝ ආයතනයයි.
13 වැනි අඟහරුවාදා සවස 2.45ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී (විහාරමහාදේවී උද්‍යානය අසල) පොත එළි දැක්වීමට නියමිත අතර එදින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, මහාචාර්ය සරත් විජේසූරිය සහ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහත්වරු කෙටි දේශන පැවැත්වීමට නියමිතය.
සංගීතඥයකු වන අජිත් කුමාරසිරි මහතා ද, රංගන ශිල්පිනියක වන කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය ද එදින ගීය ගයතියි සංවිධායකයෝ කියති.
පොත එළිදක්වන දා රතුපස්වල ගම්වාසීක් පිරිසක් මෙන්ම අලුතින් සටනක් අරඹා ඇති හම්බන්තොට රිලාගලයායේ ගම්වාසීහු පිරිසක් සහ සහභාගී වීමට යති.
මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යයි.
![rathu__invitation[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/rathu__invitation1.png)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදටත් ඒ මිනිසුන්ට සාධාරනයක් වෙලා තියනවද? එ්කෙන්ම පේනවා මේකෙන් දේශපාලන වාසි ගත්තා මිසක් අද ඉන්න රජයත් ඒ මිනිස්සු ගැන සැළකිල්ලක් නැති බව! (නි)
රතුපස්වල සිද්ධිය හා වසර 30ක යුද්ධය සමාන කරන්න බැහැ. (ම)
මිල කල නොහැකි තරමේ උතුම්ම දෙයක් .රටටම ආදර්ශයක් රතුපස්වල මිනිසුනේ ඔබ .ඔබට ජය .දයක වුණ ඔබ සැමටම බොහොමත් පින් ලැබේවා. (ම)
කෝ යහපාලනයෙන් රටේ ප්‍රශ්න කිසිවකට විසදුම්. (අ)