වැලිවේරියේ රතුපස්වල පානීය ජල ප්‍රශ්නය හා සම්බන්ධ නැදුන්ගමුව වෙනිග්‍රොස් කම්හල ඉවත් කිරීමේ තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසත්, මහජනයාට නොමිලේ ජලය සපයන ලෙසත් ඉල්ලමින් ගැමියෝ පිරිසක් ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පාගමනක් ගියහ.
රතුපස්වල ක්‍රීඩාපිටියෙන් පාගමන අරඹා කම්හල වටේ යමින් මහානාහිමිවරුනට ඉදිරිපත් සඳහා වන පෙත්සමකට අත්සන් ලක්ෂයක් එකතු කිරීම ඇරැඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදු මහත්තයෝ, අපි ලින් මැඩියෝ නෙමෙයි. හාමදුරුවෝ එදා ඉදල හැසිරුණු ආකාරය,අදටත් හැසිරෙන ආකාරය මාධ්‍ය වලට කරපු ප්‍රකාශ අපි දැක්කා. වතුර ප්‍රශ්නෙට කම්හල අදාල උනත් නැතත් උසාවි නියෝග කුමක් උනත් පරීක්ෂණ වාර්තා මොකක් උනත් කම්හල ඉවත් කරන්න ඕන කියල අදටත් මිනිස්සු කුලප්පු කරවන්නේ,ලෝකේ කොහෙවත් නැති නීතියකට මිනිස්සුන්ට නොමිලේ වතුර සපයන්න ඕන කියල කියන්නේ ,වෙන විසදුමක් පිළිගන්න බැහැ කියන්නේ ඔය හැමදුරුවෝ තමයි. මදු මහත්තයෝ, ඔය මස් රාත්තලේ අවසාන ප්‍රතිපලය තව මිනී කීපයක් තමයි රතුපස්වලට.(නදී)
බන්දුල පෙරේරා කියන්නේ උපන් ගෙයිම මෝඩයෙක්.මේකට කියන්න වචන නැහැ. (නි)
මෙතනත් පිස්සු වැඩක්නේ කරන්නේ. කම්හල වහන ඒක නෙමෙයි කෙරෙන්න ඕනා පානීය ජලයට විසදුමක් ලබා ගැනීමයි.හැ කි ඉක්මනින් ජලනල පද්ධති දමා ජලය ලබා දෙන්න කියා උද්ඝෝෂණය කිරීම තමයි කලයුත්තේ..(නදී)
බන්දුල කඩේ යන එක නවත්වන්න. කර්මාන්ත ශාලාව අත වරදක් නැහැ කියල කියන වාර්ථා කෝ. වාර්තා සියල්ලම ගම්පහ දිස්ත්‍රික් ලේකම් වරයාට ලබා දි තිබෙනවා. නමුත් අධිකරනයට දීලා තියෙන්නේ වාර්ථා හතරයි. මම දන්නා විදියට වාර්ථා වල තියෙන්නේ කර්මාන්ත ශාලාව නිසා වතුර අපවිත්‍ර වෙනවා කියලා. නමුත් රජයෙන් ඒ වාර්ථා එලි කරන්නේ නැහැ. බන්දුල මහත්තයා කියන්න බලන්න ඇයි ඒ කියලා. එක වාර්ථාවක්වත් මාධ්‍යයට දුන්නද? බන්දුල නොදන්නා දේවල් කියන්න එපා. ඔයා ඇවිත් මේ වතුර බොන්න බඩ පපුව පිච්චිලා යන හැටි තේරෙයි. එයා කොහෙද ඉන්නේ මේ මහ පොලොවේ අඩිය ගහලා නෙමෙයිද? (නදී)
මැරෙන්න හිතිලද වතුර ඉල්ලලා පා ගමන් යන්නේ රතුපස්වල මිනිසුන්ට මරණ බය ඇත්තෙම නැත්ද .(නදී)
මේක නම් නියම සෙල්ලමක් තමයි. ලංකාවේ හැමෝම වතුරවලට සල්ලි ගෙවද්දී, රතුපස්වල පිටින් දාලා වතුර ටික නිකන් ගන්න බලන්න තමයි මෙච්චර කල් බොරු ගෝරි දැම්මේ. (නි)
ප්‍රතිචාර දානට අයට මිනිස්සුන්ගේ අමාරුව තේරෙන්නේ නැහැ. තේරෙයි තමුන්ටත් වතුර ටික නැති වුන දවසක? අනිත් එක ඕක සහ නාහිමිවරුන්ටත් දීලා වැඩක් නැහැ. අඩුම තරමේ මානව හිමිකම් එකටවත් දෙන්න.(නදී)
ලලිත්, මමත් ඔයාගේ අදහසට එකගයි. කොහොමටත් බස්නාහිර පළාත් සභා ඡන්දය ලග එනකොට වතුර නල ටික දායි. ඒ දැම්මට පස්සේ මිනිස්සුන්ගේ ඡන්දයත් ගත්තට පස්සේ ආපහු මිනිස්සුන්ට වතුර ගන්න පාරට බහින්නත් වෙයි. වෙඩි කන්නත් වෙයි. මෙයාලට තියෙන්නේ කරපිංචා නියායනේ. දැක්කේ නැද්ද අනුරාධ ජයරත්නට වෙච්ච දේ.(නදී)
ඔය බන්දුල මහතා සහ තව කිහිප දෙනෙකුයි අදහස් පල කරන්නේ රතුපස්වල ප්‍රශ්නයේ යථාර්තය නොදන්නා නිසයි. මම හිතන්නේ මේ ජල ප්‍රශ්නයට අපේ හාමුදුරුවන්ට විරුද්දව ලියන්නේ කොම්පැනියෙන් කුට්ටි ගත්තු අය වෙන්න ඕනි. අපි අපේ ළමා කාලයේ ඉදල හිටියේ ඔය රතුපස්වල තමයි. ගමේ ඔය කර්මාන්තශාලාව වැඩ පටන් ගත්තට පස්සේ අහල පහල කුඹුරකට බහින්න බැහැ බැස්සොත් කකුල් කුණු වෙනවා. කුබුරු යායක් දැන් පුරන් වෙලා. මිනිස්සුන්ට වතුර බීවම නෙති ලෙඩ. හමේ ලෙඩ රෝග. මේක මොලේ වෙන තැනක තියන අයටත් මිනරල් වතුර බොන අයටත් තේරෙන්නේ නැහැ. ඔය කර්මාන්ත හාලාව ඔතනින් ඉවත් කළ කල යුතුයි නැත්නම් වෙන නිෂ්පාදනයක් පරිසරයට හානි නොවන නිෂ්පාදනයක් අරඹා කල යුතුයි. අපි අපේ පූර්ණ සහයෝගය අපේ ගරුතර ස්වාමින් වජ්හන්සේට ලබා දෙනවා. අපි අසාදරණයට එරෙහිව සටන් කරනවා. මෝඩ අදහස් ලියන්න එපා. ප්‍රදේශයේ ජනතාව තව තවත් කේන්ති එනවා. ඒ පළාතටනම් එන්න එපා. බන්දුල මහත්තයා ඒ පැත්තේ ආවා නම් තේරෙයි අහල පහල වතුවල පෝර කියලා කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය දාලා තියෙන හැටි. ගල් වල වල් පුරවලා, වහල දාලා තියෙන ළිං පුරවලා. පාළු වතුවලට ගෙනත් දාලා. ඒත් බලධාරීන් ඒවා නොදැක්කා සේ ඉන්නවා. ජල සටනට ජයවේවා! (නදී)
ඔය කර්මාන්ත ශාලාව හදන්න කලින් ඔය ප්‍රදේශය කැලයක් කියල පසුගිය සති අන්ත පුවත් පතක තිබුනා. බන්දුල මහත්තයාගේ අදහස් හරි.(නදී)
ඉතින් චරක මහත්තයෝ..උද්ගෝෂණ උපවාස කරන්න ඕනා ඔය වාර්තා එලියට දන්නා කියල නේද..ඔබ තුමා දන්නා විදිය අපි කොහොමද විස්වාස කරන්නේ..ඔය පොරකකා නොමිලේ ඉදිරිපත්වෙන කලුකොට් කාරයින්ට බැරිද ඔය වාර්තා ටික එලියට ගන්න. රජයට ඔය කියන විදියට ඕව හංගන් ඉන්න පුලුවන්ද ..? මමනම් ඉන්නේ පොළොවේ පය ගහල මහත්තයෝ..සදලුතලෙන් බැහැල ටිකක් බලන්න මේ නිව්ස් එක දාපු දවස හා බලපු ප්‍රමාණය ඊට පසු දාපු ඒවත් එක්ක සංසදනය කරලා..මේ ප්‍රස්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙන ප්‍රමාණයට හොදම උදාහරණයක් ඒක.(නදී)
බන්දුල පෙරේරා කියන්නේ පිස්සෙක්. අනෙක් අය එයාට උත්තර දෙන්න යන්න එපා. වෙන වැදගත් දෙයක් ලියන්න. (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ ඔබ මේ ගැන දාන ප්‍රතිචාර සම්පුර්ණ වැරදියි. ඔය උද්ඝෝෂන සියල්ලම මම බලාගෙන හිටියා. ඔය හාමුදුරුවෝ හිටියේ වෙඩි තියාගත්ත දවසේ කර්මාන්ත ශාලාව අසල. වෙඩි තියාගත්තේ තර්මාන්ත ශාලාව අසල නෙමෙයි වැලිවේරියේ. එතන හිටියේ වෙනත් හාමුදුරුවරු කට්ටියක්. අද ඒ අය සද්ද නැහැ. උද්ඝෝෂනයට ආවේ නැහැ වගේ එක එක දේවල් කරනවා සිරිධම්ම හාමුදුරුවන්ට විරුද්ධව. හමුදාව ආපු වෙලේ ඒ හාමුදුරුවරු දිව්වේ තාප්ප උඩින් එදා ඒ හාමුදුරුවරු ඉදිරියට ආවා නම් ඒ ජීවිත තුන නැති වෙන්නේ නැහැත සිරිදම්ම හාමුදුරුවෝ හිටපු තැන කිසිම කලබලයක් සිදු වුවේ නැහැ. මිනිස්සුන්ට ඕනා තරම් අවස්ථා තිබුනා කර්මාන්ත ශාලාවට හානි සිදු කරන්න. එත් ගමේ අහිංසක මිනිස්සු කර්මාන්ත හාලාවට එක ගල් පාරක්වත් ගැහුවේ නැහැ පොලිසියට ගැහුවෙත් නැහැ. අනිත් එක ඔය මුලු ගමම බැසිල් මහත්තයට ඡන්දෙ දීපු අය ඉන්නේ. එදා ආණුඩු විරෝධී එක පෝස්ටරයක්වත් තිබුනේ නැහැ. කර්මාන්ත හාලාවට විරැද්දව විතරයි තිබුනේ. වෙනත් පාර්ශවයක් හිටියා නම් ආණ්ඩු විරෝධී පෝස්ටර තියෙන්න ඕනා නේද? 7000 ක් විතර පිරිසෙන් සියයට 99 ක්ම හිටියේ මේ ආන්ඩුවට ඡන්දය දීපු අය. අදටත් ඒ මිනිස්සු ජනාධිපති තුමාට බනින්නේ නැහැ. ඒ මිනිස්සු කියන්නේ සති දෙකෙන් දෙනවා කිවු වාර්ථා කෝ කියලා. දැන් මාස තුනකටත් ලගයි. වතුරත් නැහැ වාර්ථාත් නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ එඩු දුවන්නේ.
වතුර විතරක් නෙමෙයි, නොමිලේ කෑමත් ඉල්ලුවා නම් අනිවාර්යයෙන් ලැබෙයි. (නි)
අවමංගල රතුපස්වල සටන මෙහයවන්නකෝ. නිකන් තමන්ගේ පක්ෂයේ මිනිසුන්ටනොගහ. (අ)
බන්දුල පෙරේරා ලංකාවේ නෙමෙයි වෙන්න ඇති පදිංචිය ඒකයි මෝඩ කමනට්ස් දාන්නේ වතුර නැතු උනානම් තේරෙයි මෙයාටත් රගේ .(නදී)
ළිදෙන් විතර වතුර නිකම් ලැබෙන්නේ ලංකාවේ. අනිත් හැමෝම වතුර බොන්නේ බිල් ගෙවල තමා. ගමම පිනට කන්න බොන්න හදන්න එපා. මෝඩයෝ වගේ කබල රත් උන වෙලේ වැඩ ටික කරගන්න හදන්නේ. ගැමියෝ නෙවේ කම්මැලියෝ (ස)
ඔය සියලුම පාර්ශ්වයන් උසාවියට ඇවිල්ලා පොතෙත් අත්සන් කළා නේද? ඉතින් ඒ එකඟතාවය අනුව නෙමෙයිද දැන් කටයුතු සිදුවෙන්නේ? දැන් නොමිලේ වතුරත් ඉල්ලා සටන් කරනවා නම් ප්‍රශ්නය තව ව්‍යාකුල වෙනවා. ඒක ආණ්ඩුවට එකඟ විය නොහැකි දෙයක් බව හාමුදුරුවෝ නොදන්නවා වෙන්න පුලුවන්ද? එහෙම වුනොත් වතුර බිල් ගෙවන සියලුම ජනතාව තමන්ටත් ඒක ඉල්ලයි. ඒක නිසා ඒක කරන්න බැරි දෙයක්. ඒකෙ තේරුම මේක කෙළවරක් නොදකින සටනක් බවයි. (නි)
රතුපස්වල නාඩගමේ ප්‍රදාන චරිතය රගපාන හාමදුරුවෝ නාඩගම අලුත්කර කර රග දක්වනවා..හාමදුරුවෝ ඔය නාඩගම අවසන් කරන්නේ තව මිනී තුන හතරක් රතුපස්වලට අරන් දීල තමයි. .වතුර පිළිබද වාර්තා උසාවි තීරණ කම්හලේ වැරදි නිවැරිදි බාවය පිළිබද පරීක්ෂණ මේවා මුකුත් හාමුදුරුවන්ට වලංගු නැහැ.(නදී)
අනතුර තමන් ලඟට එනකන් අපිට තේරෙන්නේ නෑ.(නදී)
7000 ක් විතර පිරිසෙන් සියයට 99 ක්ම හිටියේ මේ ආන්ඩුවට ඡන්දය දීපු අය. අනිත් එක ඔය මුලු ගමම බැසිල් මහත්තයට ඡන්දෙ දීපු අය ඉන්නේ. අදටත් ඒ මිනිස්සු ජනාධිපති තුමාට බනින්නේ නැහැ....අපි මොකටද විනාඩි 5 ක් වත් මේ වෙනුවෙන් වැය කරන්නේ. දෙන දෙයක් කාල වෙන දෙයක් දිහා බලන් ඉන්නවා මිසක්. .(නදී)
අයි නොමිලේ ජලය ඉල්ලන්නේ? එතකොට ජල බිල් ගෙවන අපට මොකද වෙන්නේ? .(නදී)