ගම්පහ දිසාපතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව මගින් පරීක්ෂණ වාර්තා කැඳවා අවසන් නිගමන දෙන තෙක් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව විවෘත නොකරන බවට එහි පරිපාලනය එකඟ වූ පරිදි ඒ බවට නඩු වාර්තාවේ අත්සන් තබන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂට නියෝග කළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය කළේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන පහකින් වාර්තා කැඳවන්නැයි ඉල්ලීමක් කරමින් පොලිසිය ගොනු කළ නඩුව කැඳවූ අවස්ථාවේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ මෙය සාමාන්‍ය නඩුවක් නොවන බවයි. මෙය ඉතා සංවේදී නඩුවක් බවත්, අධිකාරණයේ කැරෙන කතා ගම්වාසීන් අසාගෙන සිටින බවත්, කර්මාන්ත ශාලාව විවෘත කරන්නේදැයි ගම්වැසියන් නිරන්තර අවධානයෙන් ඉන්නා බවත් සේනාරත්න මහතා පැවසීය.
‘මෙම කර්මාන්තශාලාවේ අය දිගින් දිගටම පරිසර බලපත්‍රය උල්ලංඝනය කරමින් අවුරුදු 16 ක් තිස්සේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන එනවා. කර්මාන්ත ශාලාවේ ඝන අප ද්‍රව්‍ය ගම පුරාම මුදා හැර තියෙන අයුරු. මේ සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් සිදු කර නැහැ. ඒ පිළිබඳව වාර්ථාවක් හෝ තවම මේ අධිකරණයට ඉදිරිපත් කර නැහැ.
අපද්‍රව්‍ය ඉවතට දැමීමේ කිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කර්මාන්ත ශාලාව අවුරුදු 16 ක් තිසේසේ පවත්වාගෙන ගියේ යන්න ගැන සොයා බලන්න. ‘
මහේස්ත්‍රාත්වරයා - ‘මෙතන නීතිමය ප්‍රතිපාදන රාමුවක් තියෙනවා. ඒ අනුව තමයි ඡායාරූප හෝ ඉදිරිපත් කළ යුත්තේ. මේ නීතිඥවරුන්ගේ වගකීමක් තියෙනවා. නීතිඥවරුන් වගකිමෙන් වැඩ කළා නම් මෙතරම් දේවල් වෙන්නේ නැහැ.
මේවා විමර්ශනය සඳහා පොලිසියට ගිහින් දෙන්න පුළුවන්. ‘
නිතිඥ පාලිත සේනාරත්න මහතා -
‘පොලිසියට මේ තැන් තැන් වල දාලා තියෙන අප ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කළ හැකියි. ස්වාමීනී 98 වගන්තිය යටතේ නඩු පැවරීමට කරුණු ගොනු කර හමාරයි. නමුත් ස්වාමීනී අපි මේ සම්බන්ධයෙන් නඩුවක් නොපරවන්නේ අපට සදාචාරාත්මක හැකියාවක් නැහැ එහෙම කරන්නග මොකද ආරක්ෂක ලේකම් හා ජනාධිපති ඉදිරිපිට එකගතාවයකට පැමිණුනා කර්මාන්ත ශාලාව වහන බවට.‘
වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා -
‘ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ තීරණය ලැබෙනතුරු නිෂ්පාදන කටයුතු අපි ආරම්භ කරන්නේ නැහැ. නමුත් කර්මාන්තශාලාවේ නඩත්තුව කටයුතු සඳහා සහ පරිපාලන කටයුතු සඳහා ඇතුලට යාමට සහ පිටට ඒමට තමයි ඉල්ලීම කර තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිසියත් දැනුම්වත් වෙලා තියෙනවා. පොලිසිය අපිට සහයෝගය ලබා දෙනවා. දැන් සුමාන දෙකක් තිස්සේ ඒ විදියට කරගෙන යනවා. අද දින මම ප්‍රකාශ කරන්න කැමතියි අපි මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නැහැ.
දිසාපති තීරණය ඉක්මනින් ලබා දෙන්න.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා-
‘ජනාධිපතිතුමා කිවේවේ වාර්තා ටික එකතු කරලා දිසාපතිතුමාට දෙන්න කියලා. ඒ නිසා දිසාපතිතුමාට තීරණයක් ගන්න බැහැ. දිසාපතිතුමා දැන් සතියකට කලින් මේ ආයතන වල බලධාරීන් ගෙනල්ලා රැස්වීමක් කැදෙව්වා. සාක්ච්ඡා කලා ඒ සාකච්ඡාෙවිදි නානා ප්‍රකාර අදහස් ඉදිරිපත් වුණා. දිසාපතිතුමා මේ සියලුම වාර්තාවන් අරගෙන ජනපති ලේකම් කාර්යාලයයට ඉදිරිපත් කරනවා. ‘
සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ කමිටුව ලබා දෙන වාර්තා විමර්ශනය කර නීතිපති උපදෙස් ලබාගෙන කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කළේය.
වැඩිදුර විභාගය නොවැම්බර 28 වැනි දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කර්මාන්ත ශාලාව ෆිටුවීමට හොඳම ස්ථානය හම්බන්තොට වෙළඳ කලාපය බවයි මගේ අදහසයි. එසේත් නැත්නම් මත්තල වෙළද කලාපයට ගෙනියමු, කණගාටුව වන සතුන් ගැනයි. (නි)
තව ටිකකින්.. නෑ අද නොවෙයි හෙට.. ඒ වගේ මෝඩ විදිහට හිතන අවස්ථාවාදීව හිතපු අය නිසා ජීවිත ගණනක් නැතිවුණා.. නියපොත්තෙන් කඩන්න තිබු දේ පොරවෙන් කපලවත් ඉවර කරගන්න බැරිවුණා.මොන එහෙකටද මෙහෙම ආයතන, නිලධාරීන්, පාලන අධිකාරි අපිට හමු වෙන්නේ..? (නි)
ඡන්දෙදි මිනිස්සු ආණ්ඩුවට ඡන්දෙ දීල තිබෙනවා. ආණ්ඩුව කළ දේවල් ජනතාව අනුමත කරලා තියෙනවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ කැමැත්ත. ඕවට නඩු කියලා වැඩක් නැහැ මම හිතන්නේ. (නි)
බලන්න මම කිවුව දේවල් ඇත්ත නේද? මේක වසර 16 ක් තිබෙන දෙයක්. ඒක නිසා හොදට කල්පනා කරලා හොද අවසානයකට එන්න ඕනෑ නේද (නි)
මේ වගේ ප්‍රශ්නවලට හොඳටම උත්තරේ තමයි සමාජය , පරිසරය සහ ආර්ථික කරුණු සමතුලිත කරමින් කරන හරිත ගොඩනැගිලි.මේවා දැන් ලෝකයේ බොහොම ජනප්‍රියයි.ලංකාවෙත් දැන් මෙම සංකල්පය ගොඩ නැගීමට කාලය හරි.එතකොට ගොඩනැගිලි ඉදිකිරීම් මගින් වන පරිසර හානි බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් (නි)
මෙච්චර දෙයක් වෙලත් රටේ දේශපාලකයෝ තාමත් කර්මාන්ත ශාලාව පැත්තේ. වෙන කර්මාන්ත ශාලාවක් නම් පී.එච්.අයි ලා මෙලහකටත් වහලා.(නදී)
11 වසරේ පුරවැසි අධ්‍යාපනය පොතේ තිරසාර සංවර්ධනය පාඩම මතක් වෙනවා මට (නි)
අවුරුදු 16ක් යනකල් කිසිවෙකුගේවත් ඇස් ඇරුණේ නැහැ (නි)
මගේ අදහස මෙම කර්මාන්ත ආයතනය සැදීමට නිර්දේශ කළ නිලදාරියගේ ගෙවත්ත තුල සෑදුවා නම් හොද බවයි (නි)
ලංකාවේ ක්‍රමය තමයි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේදී එමගින් රජයට ලැබෙන ආදායම ගැන පමණක් සිතා මහජන පීඩාව නොසලකා හැරීම.(නදී)
"මෙම කර්මාන්ත ශාලාවේ අය දිගින් දිගටම පරිසර බලපත්‍රය උල්ලංඝනය කරමින් අවුරුදු 16 ක් තිස්සේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන එනවා. කර්මාන්ත ශාලාවේ ඝන අපද්‍රව්‍ය ගම පුරාම මුදා හැර තියෙන අයුරු. මේ සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් සිදු කර නැහැ. ඒ පිළිබඳව වාර්ථාවක් හෝ තවම මේ අධිකරණයට ඉදිරිපත් කර නැහැ.":ගමේ අහිංසක මිනිස්සුන්ට කොතරම් නින්ද අපහස කලාද දේශපාලන අරමුණකින් මේක කරනවා කියලා.අන්තිමට දැන්වත් බන්දුල පෙරේරා සහ එවැනි තවත් ඔල මොට්ටලයන් නැතිව අනිත් ඔලුව තිබෙන අයට තේරෙනවා කම්හල කරලා තිබෙන අපරාධ. (ස)
මෙම කර්මාන්ත ශාලාවෙන් ඉවත දමන අපද්‍රව්‍ය ගමපුරා විතරක් නොවෙයි ගම්පහ දිස්ත්‍රික්කය පුරාම බෙදනවා. නොසේදු ඉවත දමන රබර් අත් වැසුම් කිලෝ ටොන් ගණන් ලොරිවල පටවා ඇතැම් ප්‍රාදේශීය වෙළදුන් රැගෙන ගොස්, ඒවා රට පුරා විකුනනවා. ඉවත දමන ඉතිරි කොටස් ඇල දොළ පුරන් කුඹුරු හිස් ඉඩම්වල ගොඩ ගසනවා. ඒවා වර්ෂාවට සේදී ජල මුලාශ්‍රවලට එකතු වෙනවා. පරිසරය විනාස වෙනවා. ඒක නිසා මෙම කම්හලෙන් සහ අනෙකුත් රබර් අත්වැසුම් කම්හල්වලින් ඉවත දමන රබර් අත්වැසුම් ඇන්සල් ලංකා සමාගමේ මෙන් ඉවත නොදී ප්‍රතිචක්‍රීකරණය කරන්න කියන්න. නැත්නම් මුළු ගම්පහ දිස්ත්‍රික්කයම රතුපස්වලක් වෙව්.(නදී)
වත්සලා හොඳ මාතෘකාවක්. ඉස්ලාම් බෞද්ධ කියල ප්‍රශ්නයක් නැහැ. වර්තමානයේ මුස්ලිම් ඉතා සුළු කොටසක් සුඛෝපබෝගී ජීවිතයක් ගතකළාට අති මහත් බහුතරයක් දුප්පත් අය.බෞද්ධ ආගමේ මෙන්ම ඉස්ලාමයේද ඔබ කිවුවා මෙන් සරල ජීවිතයක් අගය කරයි. (නි)
මේක හම්බන්තොටට ගෙන ගියානම් එහාට ගොඩක් රැකියාත් උත්පාදනය වෙනවා. හොඳ අදහසක් ඇත්තටම. (නි)