ගම්පහ රතුපස්වල ජල ගැටළුව ගැන පැවැති උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනකු මිය යෑමේ සිද්ධිය වසර දෙකක් සපිරීම නිමිත්තෙන් විශේෂ රැලියක් ඉරිදා (09) සවස 3.00ට රතුපස්වල කම්හල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතය.
රතුපස්වල කම්හලක් නිසා ජලය අපවිත්‍ර වන බව කියමින් හා එනිසා අපිරිසිදු වූ ජලය වෙනුවෙට පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලා 2013 අගෝස්තු පළමු වැනි දා පැවැති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තිදෙනෙක් මිය ගියහ. මාධ්‍යවේදීන් ඇතුළු 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
‘‘රතුපස්වල වෙඩි තබා වසර දෙකයි ; උද්ඝෝෂණය කළ ගැමියන්ට නඩු, වෙඩිතැබූවන් නිදැල්ලේ‘‘ මැයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීන් සංවිධානය කරන මේ රැස්වීමට තුවාල ලැබූ ගම්වාසීන්, පුරවැසිබලය සංවිධානය, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ‘යං ප්ලේයර්ස්‘ වීදි නාට්‍ය කණ්ඩායම ඇතුළු පිරිසක් සහභාගී වෙති.
රතුපස්වල ජල සටනේදී තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්, සහන මිලට ජල සම්බන්ධතා ලබා දෙන ලෙසත්, නඩු පැටැළවූ ගම්වාසීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙස බල කිරීම හා ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් එම ඉල්ලීම් ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම මේ රැලියේ අරමුණ බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේදී මේ වගේ රැස්වීම් තියන්න මැතිවරණ කොමසාරිස් අවසර දෙනවද ? (නදී)
ෂෙල්ටන් මොනවද කියන්නේ. මෙම ප්‍රදේශයේ ජලයේ ආම්ලික බව තව වසර 25 කට වත් ඉවර වෙන්නේ නැහැ. මෙම කම්හලේ අපද්‍රව්‍ය මෙම ප්‍රදේශය පුරාම විසුරුවා තිබෙනවා. මේවා ක්‍රමයෙන් බුගත ජලයට එකතු වෙනවා. මෙයට දේශපාලන සම්බන්දයක් නැහැ. (නදී)
එදා පැවැති ඒකාධිපති බිෂණය ගැන නැවත නැවත ජනතාව අවදි කරන්න ඕනේ.(නදී)
රතුපස්වල අසරණ මිනිසුන්ට වෙඩි තියන්න නියෝග දීල තියෙන්නේ හරියට ත්‍රස්තවාදීන්ට වෙඩි තියන්න නියෝග දීල වගේ."පට පට" ගාලනේ වෙඩි තියන්නේ.(නදී)
පෙරේරා මහත්තයා හරියටම හරි. මටත් ඔය සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වුනා නොසිතු මොහොතක අතරමගදි, ඇගේ ලේ වතුර වෙලා හිට්යේ ගෙදරට ගොඩවෙනකම්(නදී)
දුමින්ද කවදාද ඹය වහල් කමින් මිදෙන්නේ? තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සැබෑ පුරවැසියන්ගේ යුතුකමක් ඹහුන් සටන් කලේ ජලය වෙනුවෙන් ජලය මානව අයිතියක් ඹබලා වැනි වහලුන් සිටිනාතුරු ලංකාවට ගොඩ ඵ්මක් නැත (නදී)
මේම සිද්ධියට අණ දුන් පුද්ගලයින්ටත් දඬුවම් ලබා දිය යුතුයි. මෙය සුළු පටු අපරාදයක් නොවේ. (අ)
ගම්පහ ජනතාවට රාජපක්ෂල එපා වුණේ මේ සිද්ධියෙන් පසුවයි (අ)
මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට උද්ඝෝෂණයක් අවශ්‍ය නැත. මෙය තවත් මුලපෙරීමක් වනු ඇත. (ම)
දැන් මොකටද පානිය ජලය... කම්හල වහල දමලානේ. භූගත ජලය දැන් අපිරිසිදු වෙන එකක් නැහැ. (ම)
මහින්ද මහත්තයෝ ඔබට අවුරුදු 26 කට පෙර භීෂණය මතකයි. නමුත් වසර 2 කට පෙර ඔබේ ආණ්ඩුවෙන් කළ ඝාතන මතක නැහැ නේද ? (නදී)
ත්‍රස්තවාදයට බිලි වුණ අයට නැත එවැනි සැමරුම් (ම)
ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැති ඇමති මාර්ගයෙන් මේ ප්‍රශ්න එදිරිපත් කරන්න බැරි මොකද? එකතමා ප්‍රජාතන්ත්‍රවාදය. (අ)
අපිත් රතුපස්වල ජනයාට සහය වෙමු. මිය ගිය සහ තුවාල ලැබුවන්ට වන්දි දෙනවාද? (නදී)
සමහරුන්ට නම් දැන් මේ සිද්ධිය අමතකත් ඇති (නි)
ඡන්දයක් ළංවෙද්දි එළිබහින සිද්ධි ඕව. අනික තමා ඔය සිවිල් සංවිධාන වල ක්‍රියාව අපි හොදට දන්නවනේ (බ)
වයිකෝ,කවදාද නිදාගෙන ඉඳලා නැගිට්ටේ? ඒ මිනිස්සු ඔය මාර්ග වලින් ඉල්ලලා නොලැබුන තැන තමයි උද්ඝෝෂණය කළේ. ලංකාවේ දේශපාලකයන් ගැන දන්නේ නැද්ද? බැරි තැන උද්ඝෝෂණයත් ප්‍රජාතන්ත්‍රවාදය තමයි (නි)