රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට වෙඩි තැබීම් හා පහර දීම සිදු කළේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බවත්, එහි දී යුද හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේ දී හෙලි වී ඇත.
2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය බවත්, 37 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් මානව හිමිකම් වාර්තාවේ සඳහන් ය.
මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට පොලිසිය සිටිය ද යුද්ධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව කියන මානව හිමිකම් කොමිසම ඒ ගැන අදාළ පාර්ශ්ව දුන් සාක්කි පරස්පර බව ද කියයි.
උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බව ද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්කිවලින් සනාථ වී තිබේ.
උද්ඝෝෂකයක් දෙසි වෙඩි හඬ ඇසුණු බවට හමුදාව හා පොලිසිය ප්‍රකාශ කළ ද ඉතිරිපත් සාක්කි අනුව මානව හිමිකම් කොමිසම නිගමනය කර ඇත්තේ උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නැති බවයි.
ආරක්ෂාව පතා කතෝලික දේවස්ථානය තුළට දිව ගිය පිරිසට ද හමුදාව පහර දී ඇති බව ප්‍රකාශවලින් හා ඡායාරූපවලින් පැහැදිලි වන බව මානව හිමිකම් වාර්තාවේ සඳහන්ය.
දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් නිර්දේශ ඉදිරිපත් කරමින් කියනුයේ වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසිරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි.
වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බව ද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.
වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට වන්දි ලබා දීම, වෙඩි වැදීමෙන් හා පහරදීමෙන් තුවාල ලබා ඇති අයට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම හා උපකරණවලට අලාභහානී කිරීම සම්බන්ධයෙන් වන්දි මුදල් ගෙවීමට ද කොමිසම රජයට නිර්දේශ කර ඇත.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියේ හා හමුදාවේ වගකීමක් ඇති බැවින් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට පොලිස්පති හා යුද හමුපතිට දැන්විය යුතු බව ද කොමිසම නිර්දේශ කර තිබේ.
මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා, කොමසාරිස්වරුන් වන ටී ඊ ආනන්ද රාජා, ජසීමා ස්මයිල්, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සහ වෛද්‍ය බර්නාඩ් ද සොයිසා මහත්වරුන් අත්සන් තැබූ මානව හිමිකම් වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, නීතිපති, හමුදාපති සහ පොලිස්පතිට ද යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද තාම "රට බේරාදුන් නායකයාට මරන්න පුළුවන්" කියන සෙට් එක මොනවත් කොටලා නැත්තේ...!(නදී)
සමාගමේ සල්ලි ගත්ත අයත් හිටයලු නේද ? (නදී)
හොඳ තීරණයක්. මීට පස්සේ ඔය වගේ දේවල් වලට මානව හිමිකම් නිලධාරීන් යවලා සාමයෙන් ප්‍රශ්ණය විසදාගන්න (නදී)
කටුනායකදී පොලිස් නිලධාරීන්ගේ ඔලු වලට ගල්ගෙඩි අත ඇරපු ,හලාවතදී කඩු පොලු නරගෙන පොලිස් නිලධාරින් මරන්න ආපු, රතු පස්වලදී ප්‍රධාන පාරත් අවහිර කරලා සියලු අතුරු මාර්ගත් වහගෙන මගී ජනතාව ප්‍රාණ ඇපයට අරන් ආරක්ෂක අංශ වලට අභියෝග කළ අවසානයේ පොලු මුගුරු පැට්‍රල් බෝම්බ වලින් ඔවුන්ට පහර දුන් එව්වෝ වෙඩි කෑවම සුප්පුව කටේ ගහපු නොදරුවෝ.මේ සියලු සිදුවීම් වලදී ආරක්ෂක අංශ හැසිරුනේ ඔවුන්ගේ වගකීම වන සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සීමිත පිරිසකගේ වියුරුවෙන් බහුතර ජනතාව පිඩාවට පත් වීම වලක්වා ගන්න..ගහන්න ඕන තැන ගහන්න ඕන ..වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න ඕන..හමුදාව පුහුණු කරලා තියෙන්නේ ආයුධ දාල දුවන්න නෙමෙයි.මේ සියලු සිදුවීම් අපි මාධ්‍ය වලින් දැක්ක.දේශපාලන අරමුණු සදහා ජිවිත බිලි දෙමින් මළමිනී මතින් තම දේශපාලන ගමන් මග සකස් කරගත් යම් කාලකන්නි පිරිසකගේ උසිගැන්වීම් වලින් මේ වුනු සිදුවීම් වලට හමුදාව පලි නැහැ..මොන රජයක් බලයේ හිටියත් මේ උද්ඝෝෂකයින් නලවන්නේ නැහැ (බ)
මේකට තමයි කියන්නේ කැලේ නීතිය කියලා. මේ අහිංසක මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු වතුර ටිකක් මිසක් රස්සාවල් පඩි වැඩිකිරීම් ඉඩම් නෙමෙයි. පහුගිය රජයට පිරිසිදු වතුර ටිකක් දෙන්න අපොහොසත් වුනානම් මොකටද අයෙත් ඒ රජයම පත් කරන්න ඕනේ? (හේ)
නීතියක් නොතිබුන රටක් දැංවත් වගකිවයුත්තන්ට උපරිම දඩුවම් දියයුතුයි (නදී)
ඒ දේ නිසා අහිංසක ජීවිත කියක් නැති වුනාද? දැන් හරි මේ වැරැද්දට මුල පිරූ සියල්ලටම නිසි ලෙස දඩුවම් දෙන්න.(හේ)