වැලිවේරිය රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා මේ වන විට වසා දමා ඇති රතුපස්වල රබර් අත්වැසුම් කම්හල යළි විවෘත කරන ලෙස ඉල්ලමින් සංවිධානය කර තිබූ රැස්වීමකට ගිය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එය වෙනත් දිනයකට යොදා ගන්නා ලෙස පවසමින් එම ස්ථානයෙන් වහා ඉවත්ව ගියේය.
කම්හලට හිතවත් පිරිසක්ද, එහි සේවකයින් කිහිප දෙනෙකුද, එයට වතුර සහ දර සපයන්නන් කිහිප දෙනෙකුද එහි වුහ.
ඉන් ස්වල්ප මොහොතකට පෙර අදාල කම්හල ගමෙන් ඉවත්කරන ලෙස ඉල්ලමින් ගැමියන් විසින් සංවිධානය කර තිබු රැස්වීමකට සහභාගී වු ප්‍රධාන අමාත්‍යවරයා ගැමියන්ගේ මතය ජනාධිපතිවරයාට දන්වන බව පැවසුවේය.
මෙයට ගැමියෝ විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම රැස්වීම් දෙකම අදාල කම්හල ආසන්නයේ ඇති නිවෙස් දෙකක් පැවැත්විනි.
කර්මාන්ත ශාලාවට පක්ෂව පැවති රැස්වීමට ගිය ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ දෙපිරිස අතර ගෝරියක් ඇති විය හැකි බැවින් වෙනත් දිනයක් යොදාගෙන තමන්ට දන්වන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ප්‍රස්නයක්ම වැඩි වෙනකල් බල ඉන්නේ නැතුව ඉක්මන් සාධාරන විසදුමක් සෙවීම තමි දේශපාලකයින් කල යුත්තේ. (දිල්)
අනේ මන්දා???අපේ පාලකයින් කවද හැදෙයිද,??අපි ඉන්න මේ රටවල නම්, කර්මාන්තයක් ස්ථානගත වෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් උඩ, ඒකට අපේ රටේ, ඌරු කොටු, කුකුල් කොටු, රසායනික කම්හල්, ජනාකීර්ණ ප්‍රදේශ වල ස්ථාන ගත වෙලා. (ස)
ඔය ගම දාල ගමේ ඔක්කොම පැදුරු කොට්ට ටික අරගෙන ගිහින් සුගත දාස එකේ හරි ප්‍රේමදාස පිට්ටනියේ හරි පදිංචි උනානම් ඉවරයි නේ .එහෙ පහසුකම් හොදයි(දිල්)
දේශපාලනය නැතුව මෙය විසදනවා නම් ගොඩක් හොදයි (නි)
ගම්පහ දිස්ත්‍රික්කයට ස්වයං පාලනය දෙන්න (නි)
බලන්න මෙතනදීත් සිංහලයෝ දෙකට බෙදිලනේ අනේ මන්ද වෙලා තියන පරිසර දුෂණයට එකමුතු වෙන්න.(අ)
කර්මාන්ත ශාලාව ඉවත් කරන්නැයි ඉල්ලන ගැමියන් වෙනුවෙන් මාසයක් වසා තබා ,කර්මාන්තය විවිත්‍ර කරන්නැයි කියන ගැමියන් වෙනුවෙන් මාසයක් විවෘතව තබා එය දිවා රාත්‍රියේ වැඩකිරීමෙන් දෙපිරිසම සන්තෝෂ කළ හැකිය. (නි)
සෙනග දුටුවහම අැමතිතුමාටත් බය හිතෙන්න ඇති (නි)
උතුරෙන්වත් පාඩමක් ඉගෙන ගන්න වෙන පාටයි. (නි)
ආරියසේන, ඔබ කියන දේට විරුද්ධ දේ සිදුවුණොත්? (නි)
නායකත්වයෙන් හාමුදුරුවන්ව ඉවත්වෙලා වගෙයි. (නි)
දොන් සේතන් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඇමතිතුමා බයවෙලා (නි)
ආරියසේන මහත්තයගේ මොළේ තමයි මොළේ (නි)
දෙපැත්තේ ජනතාව අැමති මැද. (නි)
මේ කම්හල මිනිසුන්ට කරදර නම් පරිසරයට අහිතකර නම් කල්නොයවා ඉවත් කරන්න (නි)
නෑ නෑ මෙතුමට ගැමිදුක තේරිලා (නි)
මේ ගම දෙකට බෙදුවේ කව්ද? මෙහෙමත් මෝඩ මිනිස්සු ! (නි)
වතුර ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දෙන්න (නි)
ප්‍රභාට වැරදුනෙත් වතුර වහන්න ගිහිල්ලානේ (නි)
රටතුල මෙවන් එඩිතර ජනතාවක් සිටින බව මැතිඅැමති කියා ගන්නා උදවියත් රජයත් තේරුම් ගතයුතු කාලය දැන් එළඹ අැත. (නි)
මේ අායතනය වහාම නවත්වන්න. නැත්නම් නැවතත් මහා විනාශයක් වේවි (නි)
මෙහෙටත් හොද පාලකයෙක් ඔනි වගේ (දිල්)