රතුපස්වල රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන ආයතනය හා සම්බන්ධ පිරිසක් විසින් ජල ගැටළුවේදී මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට විරුද්ධව වැලිවේරිය පොලිසියට කර ඇති පැමිණිලි විභාග කිරීමට පොලිසියට එන ලෙස කළ දැනුම් දීමකට අනුව ඒ හිමියෝ ඉරිදා (22) සවස වැලිවේරිය පොලීසියට ගියහ.
එම නිසා වැලිවේරිය නගරයේ යළි තරමක් උණුසුම් තත්ත්වයක් ඇති විය.
තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට විරුද්ධව වැලිවේරිය පොලිසියේ දමා ඇති පැමිණිලි ගනන දහයකි. එම පැමිණිලි විභාග තිරීම සදහා පොලිසිය කළ දැනුම් දීමකට අනුව පසුගිය 14 වැනිදා ද ඒ හිමියෝ වැලිවේරිය පොලිස් ස්ථානයට වැඩම කළහ. එම අවස්ථාවේදී ගම්පහ සහකාර පොලිස් අධිකාරී (3) චන්දන කොඩිතුවක්කු මහතා ලිඛිතව දැනුම් දුන්නේ පැමිණිලි විභාග කිරීමට පොලිසියට ඒම අනවශ්‍ය බවයි.
ඒ සඳහා පැමිණිලිකරුවන් සමග 22 වැනිදා ඒ හිමියන්ගේ විහාරස්ථානයට එන බවද සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ලිඛිතව දනුම් දී තිබිණි.
නමුත් 21 වැනිදා රාත‍්‍රියේ යලි සිරිධම්ම හිමියන්ගේ පන්සලට පැමිණි පොලිසිය ඒ හිමියන්ට දැනුම් දී ඇත්තේ 22 වැනි දා පොලිසියට පැමිණෙන ලෙසයි.
ඒ අනුව නීතිඥ පාලිත සේනාරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ද සමග ගල්ලොළුව ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පොලිසියට ගියහ.
පැමිණිලි විභාග කිරීමට පොලිසියට පැමිණිම අවශ්‍ය නොවන බවට සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඉකුත් 14 වැනිදා ලිඛිත පොරොන්දුවක් දී තිබියදීත් සිරිධම්ම හිමියන් නැවත පොලිසියට කැදෙව්වේ ඇයි දැයි දැන ගැනීමට පොලිසිය අසල ගැමියන් රැසක් රැදී සිටියහ.
එහි සිටි ඇතමෙක් පැවසුවේ කිසිවෙකුගේ හෝ උවමනාවකට සිරිධම්ම හිමියන් මෙසේ රස්තියාදු කරන බවයි.
කම්හලට හිතැති පිරිසක් විසින් සිරිධම්ම හිමියන්ට විරුද්ධව පැමිණිලි දහයක් වැලිවේරිය පොලිසියට ඉදිරිපත් කර තිබූ අතර ඉරිදා (22) වන විට ඉන් පැමිණිලි 6 ක් ඉල්ලා අස්කරගෙන තිබිණි.
ඉරිදා (22) පැමිණිලි හතරක් විභාග කළ බවත්, පැමිණිල්ල සමත කිරීමට පැමිණිලිකරුවන් අකමැති නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වන බවත් පොලිස් ආරංචි කියයි.
මේ අතර ගැමියෝ පැවසූවේ ජනාධිපතිවරයා ජල ප‍්‍රශ්නය සඳහා විසදුම් දී තිබුනද ඒවා ක‍්‍රියාත්මක කරන පාර්ශවයන් කල් මරමින් සිටිම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් ව ඇති බවත් කිසියම් පිරිසක් විසින් ගැමියන් අතර ප‍්‍රශ්ණ අවුලූවා භේද භින්න කිරීමට උත්සහ දරන බවත්ය.
පැමිණිලිකරුවන් සහ සිරිධම්ම හිමියන් පැය දෙකකට අදික කාලයක් පොලිසිය තුල රැදී සිටි අතර පැමිණිලි විභාග කිරීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැවසුවේ ‘පොලිසියට පැමිණිල්ලක් ලද විට සියළු පාර්ශවකරුවන් පොලිසියට ට ගෙන්වා විභාග කිරීම සාමාන්‍ය ක‍්‍රමය බවයි.
‘පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දැමූ විට සාමාන්‍ය ක‍්‍රමය තමයි දෙපිරිස පොලිසියට ගෙනල්ලා විමර්ශනය කරන එක. ඊට අමතරව යම් සිද්ධියක් තියෙනවා නම් අපි එම ස්ථානයට ගිහින් විමර්ශනය කරනවා.
මේ සිද්දියේ වග උත්තරකරු වුණේ අපේ පන්සලක ස්වාමීන් වහන්සේ නමක්. උද්ඝෝෂණය පැවති අවස්ථාවේ ඉදිරියෙන් හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ඒ හිමියන්.
ඒ නිසා ගමේම දෙපිරිසක් පැමිණිලි සහ විත්තිකරුවන් වී ඇති නිසා අපි බැලුවේ පන්සලට ගිහින් විමර්ශනය කරලා අවසන් කරන්නයි. ඒ වුණාට පැමිණිලි පාර්ශ්වය ඊට එකග වුණෙනැහැ.
ඒ නිසයි නැවත අපි පොලිස් ස්ථානයට සිරිධම්ම හිමියන් කැඳෙව්වේ. පැමිණිලි පාර්ශ්වය කියනවා එයාලට අධිකරණ ක‍්‍රියා මාර්ග ගන්න ඕනා කියා. ඒ කියන්නේ උසාවියේ නඩු පවරන්න ඕනේ කියා. ඉතින් අපි ඉදිරියට ඒ විදියට කටයුතු කරනවා‘
පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි නීතිඥ පාලිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය.
‘පොලිසියට පැමිනිලි 10 යක් ලැබී තිබෙනවා. ඉන් හයක් ඉවත් කරගෙන තියෙනවා. අද හතරක් විභාග කළා. පැමිණිලි පාර්ශවය කිව්වා ම අධිකරණ ක‍්‍රියා මාර්ගයකට යාමට අවශ්‍ය බව.
පොලීසිය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළා මේ සඳහා නීති උපදෙස් ලබාගෙන නඩු පැවරීමට.
මට නම් මෙතනදී පෙනෙන්නේ සමහර අය පෞද්ගලික එදිරිවාදි කම් පිරි මසා ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ.
මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ගත්ත තීරණ නෙමෙයි මේවා. පුද්ගලික තරහාකාරයෝ මේ අරගලයට මුවා වී ඒක යොදාගෙන හිංසා කරන බවක් තමයි පෙනෙන්නේ.
මේ අය කව්ද කියලා හඳුනාගන ඒ වැඩපිලිවෙල නවත්වන්න අපි ක‍්‍රියාත්මක වෙනවා‘.
ගල්ලොලූව ශ‍්‍රී සම්බද්ධත්ව ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ මෙසේද පැවසූහ.
‘අපිට මේ චෝදනා කර තියෙන්නේ අපේම දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්වත් ආරක්ෂා කර ගන්න එක තමයි අපේ වගකීම වෙන්නේ.
මොනවා වුත් ඒ අපේම මිනිස්සු. දියට පහරක් ගැහුවම දිය දෙකඩ වෙන්නේ නැහැ වගේ හැමදාමත් ගම සමගි වෙලා ඉන්ඩ ඕනේ. ඒ නිසයි අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න ඕනේ.
මේ දක්වා අපි කාටවත් හිංසා පීඩා කරපු පිරිසක් නෙමෙයි. ඒ නිසා පොලිසියෙදි අපි තීරණයකට ආවා නීති පති උපදෙස් අනුව ක‍්‍රියා කරන්න සම්මුතියකට එන්න.
නීත්‍යානුකූල කියන්නේ නීතියට අනුකූල ජනතාවක්. අපි දේශපාලනයට හෝ වෙනත් පාර්ශ්වයකට ගැති වෙලා ඉන්න පිරිසක් නෙමෙයි.
අපි අහිංසක ගම් වැසියෝ. ගම්වැසියන්ගේ සාධාරණ ඉල්ලීමක් නිසා තමයි අපි පාරට බැහැලා ජල ගැටලූව සම්බන්ධයෙන් ඉල්ලීම් කළේ.
අපි ඉල්ලීම් දෙකයි ඉල්ලන්නේ. අපිට බොන්ඩ වතුර ටික දෙන්න සහ කර්මාන්තශාලාව මෙතනින් අරගෙන යන්ඩ. .
ගමේ අය අතර බේදීම් ඇති කරන්න සමහරු කටුයුතු කරනවා. සමහර අය ප්‍රචාර ගෙන යනවා මා ඉදිරියේදි දේශපාලනයට ඇවිත් මොකක් හරි සභාවකට ඡන්දෙ ඉල්ලන්න යනවා කියා. මම කවදාවත් දේශපලනයට හෝ කිසිම වෙනත් පාර්ශවයන්ට ගැති කම් කරන්නේ නැහැ.
මට ඉන්නේ දායකයෝ පිරිසක්. මේ සිවුරේ ඉදිමින් ඔවුන්ගේ ප‍්‍රශ්න වලදී මා සැමවිටම ඔවුන් සමග ඉදිරියට එනවා‘.
පොලිසිය අසලට පැමිණ සිටි නැදුන්ගමුවේ පදිංචි සුරේශ් පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘අපේ මේ ප‍්‍රශ්නය තාම හරියට විසදී නැහැ. මෙතන ජල නල එළීමවත් හරියට ක‍්‍රමවත්ව කර නැහැ. රජයෙන් මේක විසදන්න මුදල් ප‍්‍රථිපාදන වෙන් කළාට ඒක නිසි විදියට ක‍්‍රියාක්මක වී නැහැ.
නිලධාරීන්ට ඕන විදියට බට දමා හරියන්නේ නැහැ. ප‍්‍රශ්නය තියෙන්නේ ජනතාවටයි. ජනතාවගේ අවශ්‍යතාවය පරිදියි එය විය යුත්තේ.
කොටසකට විතරක් වතුර අරගෙන තවත් කොටසකට වතුර නොදී ඉන්න බැහැ. ඡන්ද තියෙනවා වගේ කොටස් ක‍්‍රමයකට වතුර අරගෙන හරියන්නේ නැහැ. මේ ඔක්කොටම වතුර දෙන්න ඕනෑ.
මේ ප‍්‍රශ්ණයට මැදිහත් නොවුන දේශපාලන හෙංචයියලාගේ ගෙවල් ගාවට බට දාලා තියෙනවා. නමුත් රැකියවට පවා නොගොස් දිවා රෑ කැප කිරීම් කර ජල ගැටලූව වෙනුවෙන් දුක් මහන්සි වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් පෙනි පෙනී බට දාන එක නතර කර තියෙනවා.
අක‍්‍රමවත්ව බට දාපු එක ගැන අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ නිසා තවත් අප අපහසුතාවයට පත් නොකර තවත් කල් මරන්නේ නැතිව වතුර ටික දෙන්න.
අපි මේ වගේ කතා කරනකොට දේශපාලන අධිකාරියෙන් කියනවා ඔය කෑ ගහන්නේ ගමේ අය නෙමෙයි කියා. ඔවුන් ඡන්දෙ කාලෙට ගමේ කියලා මනාප තුනම ඉල්ලන් එන්නේ. දැන් ඒවා මතක නැති වුනාම ඒ වගේ කතා කියනවා. අපි ඡන්දෙ දුන්නෙත් මේ ආණ්ඩුවට තමයි. අද මෙතන ඉන්න සියයට අනූ පහක්ම මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අය.
මගේ තාත්ත, මුත්තා, කිරිකිත්තා ඉදලා මේ ගමේ ඉපදුනේ. අපි මැරෙන්නෙත් මේකෙමයි.
උද්ඝෝෂණයට සහභාගී වුන ජනතාව අපහසුතාවයට පත් කරන්න කර්මාන්ත ශාලාවට හිතවත් පිරිසකගේ උපදෙස් වලට අනුව ගම්මු දෙන්නෙක් තුන්දෙනෙක් අහුවෙලා ඉන්නවා.
ඒ අය හදන්නේ ගමේ නිහතමානිව පාඩුවේ ඉන්න අහිංසක මිනිස්සු කුපිත කරලා අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කරන්න.
අපි මේ ප‍්‍රශ්නය විසදා ගන්න හදන්නේ තවමත් නිහතමානීවයි. ඒත් සමහර අය මේ ප‍්‍රශ්නය දිගින් දිගටම ගිනියන්න උත්සහ කරනවා. මෙතනදී සියයට අනූ නමයක් ජනතාව ඉන්නේ සිරිධම්ම හාමුදුරුවන් එක්කයි.
අපි අතර මත ගැටුමක් නැහැ. සමහරු සිරිධම්ම හාමුදුරුවන් සහ ගැමියන් බේද වෙලා කියා විවිධ දේ ප‍්‍රචාරය කරනවා. අපි අතර මත ගැටුමක් තියෙනවා කියා කියනවා.
අපිට දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැහැ. අපිට තියෙන්නේ ඉල්ලීම් දෙකයි. එකක් මේ කම්හල තහඩු කෑල්ලක් වත් ඉතුරු කරන්නේ නැතිව මෙතනින් ගලවාගෙන යන්න. අනිත් එක අපි ඔක්කොටම වතුර දෙන්න ඕනේ සාධාරනව මූලික ගෙවීමකින් තොරව.
අපි රජයට පාඩු වෙන වැඩ කියන්නේ නැහැ වගේම රජයට කරන්න බැරි දේවල් කියන්නේත් නැහැ.
අපේ තියෙන්නේ සාදාරන ඉල්ලීමක්. මේ විෂ මේ මහ පොලවට මුසු වුනේ මේ කර්මාන්ත ශාලාව නිසා විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන අවුරුදු 20 ක් තිස්සේ හරියටම ක‍්‍රියාත්මක වුනේ නැති නිසයි.
මේක හරියට විසදලා තීන්දුවක් දෙනකම් ජනතාව ඉන්නවා ඇහැ ගහගෙන. අපිට දවසක් හරි වතුර බොන්න නැති කලොත් අපි ආයේ පෙර තත්වයටම පත් වෙනවා. ඒක වලක්වන්න බැහැ.
දැන් දැන් වතුර ටැංකි වලට කලට වෙලාවට වතුර දාන්නේ නැහැ. ඒ නිසා ටැංකි වල වතුර නැහැ. අපි කිලෝමිටර් දෙකක් විතර දුර ගිහින් බොන්න වතුර අරගෙන එනවා.
අපිට ආණ්ඩු පෙරලන්නවත් රජය අපහසුතාවයට පත් කරන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. අපි ඉල්ලන්නේ කම්හාල වහලා අපිට වතුර ටික දෙන්න.
ඌරුවල ඈන් ප‍්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය
දැන් ගම දෙකඩ කරන්න ගමේ මිනිස්සු කුලප්පු කරන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේක දේශපාලන පැත්තකට හරවා ගන්න දගලනවා. අපිට මෙතන කිසිම දේශපාලනයක් නැහැ. අපිත් ඡන්දය දුන්නේ මේ ආන්ඩුවට තමයි.
අපේ අනාගත දරුවෝ ලෙඞ්ඩු නොකර ඔවුන්ට ජීවත් වෙන්න වතුර ටික ඉක්මනින් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.
මම ඉන්නේ අතුරු පාරක. ඌරුවල පිලිගුත්තුව ප‍්‍රධාන පාරේ සිට මීටර් දෙසීයක් පමණ ඇතුලට. අපේ අතුරු පාරේ ගෙවල් හයක් පමණ තියෙනවා. අපිට ටැංකියක් තියලත් නැහැ වතුර ගන්න බට ඇදලත් නැහැ. සභාවේ පන්සල ලගට විතරක් බට ලයින් එක ඇදලා තියෙනවා.
මෙහෙම ඉබි ගමනින් ගිහින් හරියන්නේ නැහැ. දැන් මාස දෙකකටත් කිට්ටුයි. මේ කාලය හොදටම ප‍්‍රමාණවත් නිලධාරීන් හරියට වැඩ කළා නම් මේ ප‍්‍රශ්ණය විසදන්න‘.
සිව්රලූ මුල්ලේ ප‍්‍රියන්ත පෙරේරා මහතා මෙසේ පැවසුවේය
‘දැන් මේ බට ලයින් එක ඇදලා තියෙන්නේ සභාවේ පන්සල ගාවටයි එතනින් කඳුවත්තේ ඉදලා කල්යාණි මාවතේ මගක් දුරට ඇදලා තියෙනවා. මම දැනුවත්ව ඇවිල්ලා තියෙන්නේ එච්චරමයි. අපේ ගේ ගාව ටැංකියක් තියලා තියෙනවා දැන් දවස් හතරක ඉදලා වතුර නැහැ.
අද ට‍්‍රැක්ටරය යනකොට මම කිව්වා වතුර ගහන්න කියලා. එතකොට ඔවුන් කිව්වේ බව්සරයෙන් වතුර ගහන්නේ කියලා වතුර ගැහැව්වේ නැහැ. මේ වෙනකම් වතුර නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනාට හාමුදුරුවන්ව පෙනෙන්නේ නාඩගම්කාරයෙක් විදිහටද ? එතකොට අර වතුර ඉල්ලලා අඩන අහිංසක මිනිසුන්ව පෙනෙන්නේ මාර දුතයෝ වගේ වෙන්න ඇති. ඒ මිනිස්සු ඉල්ලන්නේ ඉරයි හදයි නොවෙයි, වතුර ටික. (නි)
දැන් ඡන්දෙ ඉවරනේ. දේශපාලකයෝ අවස්ථාවට ගැළපෙන විදියට බොරු පොරොන්දු දීලා පස්සේ මග අරිනවා. කාලයක් යනකොට ඕවා ඔක්කොම අමතක වෙනවා (නි)
මම නම් අහලා නැහැ ලෝකේ හැම රටකටම ආවේනික ආගමික නායකයෝ වෙන් වෙන් වශයෙන් ඉන්නවා කියලා. ඒ ඒ මිනිස්සුන්ට ඇදහීම් කරන්න.ලිපියට අදාල අදහස් පලකරන්න දන්නේ නැත්නම් නිහඩව ඉන්න එක තමා සුදුසුම දේ. (නි)
මට හිතෙන්නේ මේ ප්‍රශ්නය පිටුපස කවුරුන් හරි සිටිනවා වගේ (නි)
ආණ්ඩුවට කියන්න කැමතියි ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාව තම යුතුකම ඉටුකළා.ඇන්ටනි මරපු එකට හලාවත ජනයා කොහොමද සළකලා තියෙන්නේ කියලා පේනවා නේද?මෙතෙක් කරගෙන ආ ක්‍රියාදාමය ඉදිරියටම කරගෙන ගියොත් ඊළග වතාවේ මීට වඩා ප්‍රතිශතයකින් දිනන්න පුලුවන් කියලා මහ ජනතාව ඔප්පු කරලා ඉවරයි (නි)
මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගිහින් තිබිලත් රජය තම නොසැළකිල්ල තවම හදාගෙන නැහැ.හාමුදුරුවන්ට විරුද්ධව උසාවි යන්නේ එම හාමුදුරුවෝ තමන්ට කියා දෙයක් කළේ නැහැ. ප්‍රදේශයේ ජනතාවට විපතක් වුන විට ඉදිරිපත්වී ප්‍රශ්නය නිරාකරණය කරන්න බැලුවත්,රජයේ මන්දගාමී පිළිවෙත සහ වගකිවයුතු පාර්ශවයේ නිහඩතාවය නිසයි මේ තරම් වින්නැහියක් සිද්ධ වුනේ.මින් ඉදිරියටත් රජය මේ පිළිවෙත අනුගමනය කලොත් වෙන වින්නැහිය භයානක විය හැකියි (නි)
එකම දේ ගැන ඕනෑවට වඩා හිතුවම ඒක මානසික රෝගයක් වෙනවා (නි)
රණා කියන්නේ කැත කතාවක් (නි)
මම කියන්නේ ඔතන ඇත්ත තත්වය දැනගැන නෙමෙයි ගොඩක් අය කතා කරන්නේ. වතුර ප්‍රශ්නයක් තියනවා. ඒක ඇත්ත. ඒත් ඔතන් යට ගොඩක් දේවල් තියෙනවො. මම ඉන්නෙත් රතුපස්වල් නිසා අපි හොදට දන්නවා ඇත්ත මොකක්ද කියලා (නි)
පැමිණිලි දහයෙන් කීයක් බන්දුල පෙරේරා දාපු ඒවාද ? (ස)
නීල් රණා,කරුණාකර මේ ප්‍රශ්න වලට බුදුදහම ගාවාගන්න එපා (නි)
නීල් රණා කියන්නේ ආගමක් ජාතියක් නැති කෙනෙක්ද? (නි)
සුමන ,ගැමුණු රජතුමා ඉන්දියානු සංඝයාට ගල් ලෙන් ලබා දුන්නේ ඒ කාලයේ ප්‍රබලව පැවති අශෝක අධිරාජ්‍යය සමග දේශපාලන එකඟතාවයක් අනුව ලංකාවේ සූර්ය දේව වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත කිරීමටයි. ඒ අනුව එතුමාගේ පිළිරූ ලංකාව සිසාරා ස්ථාපිත කෙරුණු අතර දකුණු ඉන්දියාවෙත් උතුරු ඉන්දියාවෙත් ස්ථාපිත කළ එම ප්‍රථිමා අදත් තිබෙනවා. නමුත් ඉන්දියාවේදී හින්දු දහම එය යටපත් කළ අතර ලංකාවේදී සුමන රාජ දේව පිළිම බෝධිසත්ව ප්‍රතිමා ලෙස හංවඩු ගැසුවේත් බෞද්ධ සංඝයා ලවාමයි. කුෂ්ඨ රාජ ගල ප්‍රථිමාව පමණක් තවමත් බෝධිසත්ව නොවී ආරක්ෂාවී තිබෙනවා.ඉන්දියානුවන් පිදීමෙන් අපට සෙතක් වෙන්නේ නැහැ. (නි)
මේ හැම දෙයකින්ම පෙනෙන්නේ දේශපාලකයන් ප්‍රශ්නය හරියට විසඳලා නැහැ කියන එක තමයි. (නි)
“මේකා අපේය, අනෙකා අපේ නොවේය" මෙසේ සිතන්නේ පටු සිත් ඇත්තෝය. උදාර අදහස් ඇති උසස් මිනිසුන්ට මුළු ලොව සියලු දෙනාම එකම පවුලක සාමාජිකයන්ය (නි)
වනයෙහි ගස් වගේ එකට බැඳිලා ජීවත් වන ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ. ඥාති යන වචනයෙන් ලේ නෑයන් පමණක් නොවෙයි සමස්ත සමාජයම ඥාතීත්වයෙන් සළකන්න උගන්වන්නේ. ඒ අනුව අපි තැනිතලා පොළොවෙහි හුදකලා වූ රූක්ෂ ගසක් නොවී වනයෙහි ගස් අතර ගසක් වීමට උත්සහ කළ යුතුයි. (නි)
ඉසුරු, රාවණා රජුගේ පරපුරෙන් පැවත එන සුමන ගැමුණු රජතුමා විසින් දියත් කළ ඉන්දියාව හා ග්‍රීසිය දක්වා පැතිරුණු ආගමික හා දේශපාලන වැඩපිළිවෙල කඩා කප්පල් කර ලංකාවට බින්න බැහැපු ඉන්දියානුවන්ගේ ජීවිත අඳුරුයි, අවාසනාවන්තයි වගේම අනුන්ට සාප කරලා එයින් මිදෙන්නත් බැහැ. (ස)
ඉසුරු, රාවණා රජුගේ පරපුරෙන් පැවත එන සුමන ගැමුණු රජතුමා විසින් දියත් කළ ඉන්දියාව හා ග්‍රීසිය දක්වා පැතිරුණු ආගමික හා දේශපාලන වැඩපිළිවෙල කඩාකප්පල් කර ලංකාවට බින්න බැහැපු ඉන්දියානුවන්ගේ ජීවිත අඳුරුයි, අවාසනාවන්තයි වගේම අනුන්ට සාපකරලා එයින් මිදෙන්නත් බැහැ. (නි)
මනෝ, ඔයා කියන කට්ටිය කාටවත්ම වෙඩි තිබ්බේ නෑ නේද? (ස)
අපි මොකටද අහක යන වතුර ප්‍රශ්නයක් නිසා කාලය කා දමන්නේ.අපිට තවම හොද වතුර ලැබෙනවනේ. (නි)
අපි මෙවන් ආකාරයේ ආයතන අනාගතය වෙනුවෙන් රැකගත යුතුයි (නි)
රතුපස්වල දැන් රටට දැන් විහිලු සපයන තැනක් වෙලා.මේ රටේ මිනිස්සු රතුපස්වල ගැන හිතපු විදිය පහුගිය ඡන්දෙන් හොදට පැහැදිලියි.මළමිනී උඩින් දේශපාලනේ කරන්න හදපු කට්ටිය හෝදා පාලු වෙලාම ගිහින්.රතුපස්වල මරණ වලට හේතු වුණ මාර්ග අවහිර කරපු ප්‍රචණ්ඩ උද්ගෝෂණ වලට මිනිස්සු පොලබවපු සියලු දෙනාට නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම. (නි)
හරකුන් වෙනුවෙන් ගිනි තියාගන්න හාමුදුරුවරුන්,සිංහල මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන හාමුදුරුවරුන් සිටින,සිංහලයාගේ අයිතිය වෙනුවෙන් හඬ නගන සිංහල සංවිධාන තිබෙන රටක,වතුර ඉල්ලා හඬන මේ සිංහල මිනිසුන් වෙනුවෙන් කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ මන්ද? (නි)
මෙය කොහොම කළත් දේශපාලන සම්බන්ධයි කියලයි මම නම් හිතන්නේ (නි)
වරුණ, මට ඔයාගෙන් ඇත්තටම දෙයක් දැන ගන්න ඕනෑ.ඔයා සති අන්තේ අදහස් දක්වන්නේ නැහැ මේ පුවත් වලට.ඔයා රජයේ සේවකයෙක් වෙන්න ඕනෑ. ඔයා දාන අදහස් ගොඩක් බුද්ධිමත්. ඒ ගැන ආඩම්බරයි ලංකාදීප පාඨකයො විදියට අපිට.ඔයා හැම පුවතටම අදහසක් දාන්න නිතරම වෙබ් පිටුව අලුත් කර කර බලාගෙන ඉන්නවා වගේ සමහර වෙලාවට හිතෙනවා අපිට.අදහස් ප්‍රකාශ කරන එක වගේම තමන්ගේ රාජකාරියත් හරියට ඉටු කරන්න වග බලා ගන්න. (නි)
රනා, ඔයා කොහෙද හිටියේ? මෝඩ අදහස් දක්වන්න එපා. කට වහගෙනම ඉන්න. නැත්නම් සතා මොකාද කියලා තේරෙනවා (නි)
හොදට කල්පනා කරලා බලන්න. ඔය කම්හල පටන් ගෙන තියන්නේ දැනට වසර 20කට කලින්. එතකොට ඔය ප්‍රශ්නය තුබුණේ නැද්ද? එතකොට හිටපු දේශපාලකින් හා නිලදාරීන් වග කියන්න ඕනෑ නැද්ද ? (නි)
රණා මහත්තයා, පරීක්ෂණය තියෙන්නේ රතුපස්වල මිසක් ඉතිහාසයේ නෙමෙයි (නි)
නිල් රනෝ ,ඉන්දියාවෙන් විතරක් නෙමෙයි,ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මොන තුත්තුකුඩියෙන් ආවත් අපට අගෙයි. (නි)
ටීජී, ඉතිහාසය වරද්දා ගත්තාට පස්සේ එතැන ඉඳන් සියල්ල වරදින්න පටන් ගන්නවා. (නි)
නීල් රනා, ඔය කියන්නේ බුදු හාමුදුරුවෝ ගැනද? (ස)
නීල් රානා, ඔහේ කොච්චර වෛරයකින්ද ඉන්නේ? ප්‍රශ්නෙට අදාල නැති දේ කියන්නේ ඇයි? බෞද්ධයන් ගැන ඔච්චර අකමැත්තක් තියනවා නම් රටේ ජනතාවට පාඩුවේ ඉන්න සලසපු යුද්ධය ඉවර කළ මේ රටේ ඉන්න බැරී නම් යනවකෝ තමන් කැමති තැනකට පව් නොදී (නි)
පොලිසිය මේවට නම් වීරයෝ .. (ස)
බොරු පැමිණිලි දහයෙන් අඩු ගණනෙ එකක් වත් බන්දුල පෙරේරගෙ වෙන්න ඕන. (ස)
වතුර සමග සෙල්ලම් කරන්න එපා,නිලදාරිනී කාරුණිකව ඉලමු කඩිනම් විසදුම් ලබාදෙන්න .(දී)
සිරිධම්ම හිමියනි, ප්‍රවේශමෙන්.ඔබ වහන්සේගේ චරිතයට මඩ ගහන්න සමහරු කටයුතු කරන්න බැරි නැහැ (නි)
හොදින් කල්පනා කර බලන්න මේ කර්මාන්ත ශාලාවේ අයිතිය පිටුපස තිබෙන්නේ කාගේ සල්ලිද කියා? (දී)
නියමයි... මේ වෙන දේවල් ඇත්තෙන්ම පිලිකුල්සහගතයි.! අයුක්තියට අසාධාරණයට කතා කලොත් වෙන්නේ මේකයි කියල නේද ඔය අපිට පෙන්නන්නේ. බය වෙන්නෙපා මීලග ජන්දය තියෙන්නේ බස්නාහිර පළාතත් එක්ක. එදාට ඔය උඩගිය ඇමතිවරුන්ව බිමට බස්සන්න. (දී)
බන්දුල මහත්තයා, ඔයා හරි. මම කියන එක පැත්තක් ඔය (නි)
මේ ප්‍රශ්නේ වහාම විසඳිය යුතුමයි. ප්‍රශ්නය සර්ව සාධාරණයි. විසදුම් පොඩ්ඩක්වත් අමාරුත් නැහැ. එක නිසා මේ අසරණ මිනිසුන්ගෙන් පළිගන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසදීම ආණ්ඩුවේ වගකීමක්. දකුණේ මේ පොඩිදේටත් සළකන්නේ මෙහෙම නම් උතුරේ කොහොම ඇද්ද? (නි)
රජින්ද, පිස්සු කතා කරන්න එපා, පේනවා නේධ ප්‍රතිපල, ඔහොම්මම තමයි ගම්පහත්, බය වෙන්න එපා. අපේ ජාතිය තරම් මෝඩ ජාතියක් මේ ලෝකෙවත් නැතිව ඇති. (දී)
හුදෙක් මේවා මවාපෑම් විතරයි මේ ප්‍රශ්නවලට විසදුම් දෙන්නේ නැහැ?බොරුවට මහජනයා රවටනවා?හෙට අනිද්දා චන්දයක් අවොත් රතුපස්වල මෙහෙම දෙයක් උනාද කියලවත් මතක තියේවිද දන්නේ නැහැ? (දී)
රතු පස්වල සිද්දීයවත් මිනිස්සුන්ට මතක නැති බවයි පෙනෙන්නේ (දී)
පුදුම කරදරයක්නෙ තියෙන්නෙ මේ මිනිස්සුන්ගෙන්. ආයෙත් පාරවල් වහන්න ගනීද දන්නෙ නෑ. අර දුෂ්කර පළාත් වල මිනිස්සු කොච්චර දුරක් පයින් ගිහින් වතුර අරන් එනවද? ඉතින් මෙයාලට ටිකක් ඇවිද්දම මොකද වෙන්නෙ? ඇඟටත් හොඳයිනෙ ඇවිදින එක. (දී)
මේ රනාලා වාගේ උදවිය ඇවිල්ලා අහිංසක මිනිසුන්ව ඩෙඩිතියලා මරාදමන්න පුලුවන්. (නි)
සිරිල්, හිතක් පපුවක් නැති විදියට කතා කරමින්, කඩේ යන්න එපා. දවසක ඔයාලටත් වහ ටිකක් දාලා බීපිය මේ වතුර කියයි.එදාට ඔයාටත් මේ දුකම තමයි. (ස)
මෙතරම් මෙම ප්‍රශ්නය බරතලව ගිහිල්ලත් මෙය සාමකාමීව විසඳා යුතුය යන හැගීම කාටවත් ඇතිවෙලා නැති එක දුකක්. මිනිස් ජීවිත කියන්නේ සල්ලි වලින් මිල මිල කල නොහැකි දේවල්. ව්‍යපාර අයිතිකරුවන් හිටන්න වුමනා ඔවුන් මෙම ප්‍රදේශයේ ජීවත්වන නොවේ ඉතින් වස විස ප්‍රශ්නය බලපාන්නේ එම ජනතාවට. ඉතින් තමන් වගේම මනුස්සයන්ට බලපාන දෙයක් සටන්වාදීව විසඳලා ඉවරකරන්න ඔවුන්ගේ උගත් මනසින් හිටන්න උමනානෙ. අනික එයාලා අදහන ධර්මය කියලා තිබෙන්නේ මනුස්සයා කියන්නේ උතුම් වස්තුවක් කියන එක බව තේරුම් ගන්න උවමනායි. (ස)
තව ඉස්සරහටත් ඡන්ද තියෙනවා, ඇති තරම් කතිර ගහන්න මනාප දෙන්න. ඒවත් මදි වුනොත් ප්‍රජාතන්ත්‍රවාදය තවත් මොඩිෆයි කරළා අවුරුද්දක් ගානේ ඡන්ද තියමු. ඉන්දියානුවෙකුට වඳින ලංකාවෙ බෞද්ධයන්ට රටේ ප්‍රශ්ණ විසඳන එක සිම්පල් වගේම යුද්ධ දිනන එකත් කජු කනවා වගේ. (ස)
නීල් රනාගේ කටේ පිළිකාවක් හැදෙවා බුද්ධාගමට අපහාස කලාට. . (ස)
සිරිල්, ඔබතුමා එන්න අපේ ගමට. මම වතුර ටිකක් දෙන්නම් , ඔයාට දරුවෝ ඉන්නවා නම් එයාලට සතියක් ඒ වතුර දෙන්න. පාට කන්නාඩි වලින් බලන්න එපා. (නි)
ඒ උනාට ජනතාව චන්දෙ දෙනවා
අපිට නම් කිසිම ප්‍රශ්නයක් පෙනෙන්න නැහැ. (නි)
සිරිල් පින්වත, ඔයා ඇවිදගෙන වෙන පාරකින් යන්නකෝ , ඇවිද්දම මොකද වෙන්නේ? ඇඟටත් හොන්දිනේ ?
සිරිල්, කියන අසත් පුරුෂායව ලබන ආත්මේ වතුර නොමැති රටක ඉපදේවා !!!
හාමුදුරුවන් එදිරියෙන් තබල ..වර්ජනය කරලා, සාසනයටත් නිගා කරලා, මේ නටන නාඩගම මොකක්ද අනේ .(දී)
මේක නම් විසදන එක ලේසි නැහැ පුතෝ.. (දී)
අවසර අපේ හමුදුරුව නේ..ඔබ වහන්සේත් කලබල වෙනවා වැඩි වගෙත් අපිට පේනවා.. (දී)
මේක හිතන තරම් ඉකමනට විසඳෙන ප්‍රශ්නයක් නෙමේ..ඇත්තටම සියලු දෙනාටම සෑහීමකට පත් වෙන විසඳුමක් හැටියට මොකද මේකට කරන පුළුවන්.. (ස)
සිරිල්,රණා වැනි අය මේ ගැන මොනවද දන්නේ?මේ පළාතේ මිනිස්සු කවදාවත් කිසිම දෙයකට උද්ගෝෂණය කරලා නැහැ.අපේ ලිං වල තිබුණු වතුර දූෂණය කළේ මේ කම්හලයි.සිරිදම්ම හාමුදුරුවන් කිසිම පක්ෂයකට කහින කෙනෙක් නෙමෙයි. වැඩපල තාවකාලිකව වහන්න පොලිසියටත් මහා ජනතාවටත් පොරොන්දු වෙලා සේවකයන් විශාල පිරිසක් හොරෙන් ගෙන්වාගෙන වැරැද්ද කළේ කම්හලයි. (නි)
ඔය ගොල්ලොම ඡන්දෙ දීලා පත් කරලා දැන් වෙඩි කලා වතුරත් නැතුව දැන් කෑගහනවා ..ඊළඟ පාරත් ඡන්දෙ ඒ ගොල්ලන්ටම දෙන්න.. (ස)
කෙලින්ම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට තත්වය ගැන දැනුවත් කරන්න. සියලුම විසදුම් එතුමානේ. මේකට වෙන විසදුමක් දෙන කෙනෙක් නැහැ. (නි)
සිරිල් රජයේ සේවකයෙක් වගෙයි. මිනිස්සුන්ට දැන් ඡන්දෙ දෙන්න හරි පක්ෂයක් නැහැ. කොයි එකට දුන්නත් එකයි. ඉතින් කතිරේ දැම්මේ නැත්නම් ඒකට හොර කතිරයක් වැටෙනවාමයි. එනිසා මිනිස්සු ඇස්වහගෙන හරි කතිරේ ගහනවා.. මිනිස්සු ඡන්දෙ දැම්මත් නැතත් ඒ ගොල්ලෝ දිනනවා. අහෝ අපේ සුන්දර මව්බිම! (නි)
නීල් රණා කියන කෙනා ඉන්දියානුවෙකුට වදින බෞද්ධයන් ගැන කියන්නේ මේ පුද්ගලයා මිනිස් ගුණ ධර්ම නැති කෙනෙක්ද?කරන්න දෙයක් නැහැ , 80 දශකයේදී මේ වගේ ප්‍රකාශයක් කළා නම් මම ප්‍රසිද්ධියේ අබියෝග කරන්නේ. (නි)
නීල් රණා, නිකන් මෝඩයෙක් වෙන්න එපා.ඔහේ අන්‍යආගමිකයෙක් වුණාට අපිට පව් දෙන්න එපා. (නි)