රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලයේ පවතින ගුණාත්මක තත්ත්වයන් වෙනස්වීමට වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කළ අපජලය හේතුවී නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.
එසේ වුවත් රතුපස්වල ප්‍රදේශයේ වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ භූගත ජලය මිනිස් පරිභෝජනයට නිසි ප්‍රමිතියකට නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දී ඇත. එබැවින් එම ජලය පානයට ගන්නේ නම් එහි සුදුසු නුසුදුසු බව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගත යුතු බවද සඳහන් කොට ඇත.
එම ප්‍රදේශයේ භූගත ජලයේ ගුණාත්මක භාවය පිළිබඳව කළ පරීක්ෂණ අනුව මෙම නිර්දේශයට එළැඹෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එම.එස්.ඩී.මුණසිංහ සහ එහි ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ඩී.එම්.එස්.එස්.බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයේ පැවති කාලයේ එනම් 2013/08/16 දිනත් , කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයෙන් ඉවත් කර වසරක් පමණ ගතවූ පසු එනම් 2014/11/05 දිනත් , කර්මාන්ත ශාලාව ඉවත් කර වසර දෙකක් ගතවූ පසු එනම් 2015/10/14 දිනත් ලබා ගත් ජල සාම්පල් අනුව මේ ගුණාත්මක පරීක්ෂණය කළ බව අභියාචනාධිකරණය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.
එම ළිං වලින් ගත් ජල සාම්පල් වල පී.එච්.අගය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කර ඇති ධාරණ සීමාව තුළ නොමැති බවද එම වාර්තාවේ සඳහන් ව ඇත.
එම කර්මාන්තශාලා භූමිය අවට ඇති ළිං ජලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පරීක්ෂා කිරීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරිය මෙම තීරණයන්ට එළැඹ තිබේ.
රතුපස්වල ජල ගැටලූවට මුල්වූ වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම අද (08) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම තොරතුරු හෙළිවිනි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රතු පස්වල ජනතාව කිව්වේ බොරුද ? වෛද්‍යවරු නීටින්ගවරු ඇතුළු සියලු දෙනා ජලය අපිරිසිදු කිව්වේ නිකන් ඉන්න බැරුවද? . ජල සාම්පලයක් පිට රටක් දියුණු විද්‍යාගාරයකට යවා විශ්ලේෂණය කරවාගෙන බලමු (ම)
ලංකාවේ ඉන්න දක්ෂ විශ්ලේෂකයකුට හැකිනම් රතු පස්වල ජල ගැටලුව කියමින් එක්තරා පිරිසක් යටින් සිදු කල සැබෑ ගර්ජනය කුමක්දැයි කරුණු සහිතව කියන්න හරිම වටිනවා.(කෞ)
රතු පස්වල ජලය මුල්කරගෙන උද්ගෝෂණ ඇති වූ හැටි හරිම ගුප්ත බවක් පෙනෙන්න තිබුනා ඒ දවස්වල. (හේ)
ජලය නිසි පීඑච් අගයකින් යුක්තද කියලා බලන්න අවුරුදු ගණන් ගතකරනවා. මේ මිනිස්සු බීමට නුසුදුසු ජලය පානය කරලා අනාගතයේදී වකුගඩු ආශ්‍රිත රෝග වලට ලක්වෙයි. මෙලෙස මාධ්‍ය තුළින් ලොක්කන්ගේ ඇස් ඇරවා මීට විසඳුමක් ඉක්මනින් ලබාදෙන ලෙස ඔබතුමාලගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. (නි)
දැන් එතකොට මේ මිනිස්සු බොන්නේ මොනවද? (නි)
2013 ට කලින් කොහොමද තිබුනේ බලන්නේ කොහොමද? අර වෙඩි වැදුනු අහිංසක මිනිසුන්ට වන්දියක්වත් නැහැ නේද? (නි)
ඇයි මතක නැද්ද මහින්දගේ කාලේ නල ජලය දෙන්න කටයුතු කළා. (නි)
ඒ මිනිසුන්ට සාධාරණයක් ඉටුවෙන්නේ කවදාද? (නි)
මේක කියෙව්වහම ඕනෑම කෙනෙකුට තේරෙනවා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන්නේ කොහොමද කියලා (නි)